බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදය විසින් අප රට මුළුමනින්ම සිය අණසකට ගත්තේ 1815 මාර්තු දෙවනදා උඩරට ගිවිසුම අත්සන් කිරීමත් සමගය. අපට වූ සන්තෑසියම ආසියාව අපි‍්‍රකාව ආදී මහද්වීපවල බොහෝ රටවලට හා ඕස්ටේ‍්‍රලියාව හා නවසීලන්තය වැනි රටවලටත් සිදු විය. බි‍්‍රතාන්‍යයන් විසින් වැඩුන සංස්කෘතීන් බිමට පාගා දැමීමක් මේ බොහෝ රටවලදී, විශේෂයෙන් අපි‍්‍රකාවේදී සිදුවිය. රටවල් බි‍්‍රතාන්‍යයන්ගේ අභිමතය පරිදි එතෙක් ඒ රටවල තිබුණු ස්වභාවික යථානුරූපී බෙදීම් නොසලකා නැවත බෙදීම හේතුවෙන් අදටත් පවත්නා අඛණ්ඩ සිවිල් හා රටවල් රටවල් අතර අරගල නිර්මාණය විය. තමන්ගේම දේශපාලනික යථාර්ථයන්ට අනුකූලව නිමවී තිබුණු සාම්ප‍්‍රදායික ආගම් වෙනුවට කි‍්‍රස්තියානිය ඔවුන් මත බලෙන් එබ්බවූහ. මේ සියවස් දෙකකට පෙරාතුව බි‍්‍රතාන්‍ය ලෝකයා හමුවේ හැසිරීමේ ස්වරූපයයි.
එහෙත් ලෝක යුද්ධ දෙක අතර කාල පරාසයේ යුරෝපයේ සිදුවූ වෙනස්කම්ද 1917 දී ඇති වූ රුසියානු විප්ලවයද ආදී හේතු කොටගෙන යුරෝපීය ජාතීන් විශේෂයෙන් බි‍්‍රතාන්‍යයන්ට තමන් අනුගමනය කළ කි‍්‍රයාකලාපයන් පිළිබඳ නැවත හිතා බලන්නට සිදු විය. විශේෂයෙන් හිට්ලර් සපැමිණීමත් සමග වූ ඉතිහාසගත මානව ඛේදවාචකය තුළ පව් පටිසන් දෙන්නාක් මෙන් බි‍්‍රතාන්‍යයන්ට තමන්ගේ ජීවිත ඇල්ම තුළින්ම ලෝකය දෙස බලන්නට සිදු විය. යුරෝපයෙන් බැහැර රටවලට ආධිපත්‍යය හිමිකර ගෙන තිබූ යුරෝපාකරයම පාහේ හිට්ලර්ගේ බිහිසුණු කි‍්‍රයා නිසා විපතටත් අස්ථාවරත්වයටත් පත්විය.
නිල සංඛ්‍යා ලේඛන අනුව මිලියන 1.8ක මිනිසුන් පළවන ලෝක යුද්ධය නිසාත් මිලියන 80 ක ජනගහණයක් දෙවන ලෝක යුද්ධය නිසා ඝාතනය විය.් මේ සා විනාෂයත් සමග ‘තමන්ගේ ජීවිත තුළින් අනෙකාගේ ජීවිත දෙස සානුකම්පිතව’ බැලීමේ පරමාදර්ශයන් යුරෝපයේ බිහි විය. මානව අයිතිවාසිකම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සංහිඳියා වැඩ සටහන් , ජනවාර්ගික සමානතා වැනි සංකල්ප යුරෝපයේ උපන්නේ එකී ප‍්‍රායෝගීක සිදුවීම් හේතුවෙනි.
ලෝක යුද්ධ දෙකකට පෙරාතුව බි‍්‍රතාන්‍යයෝ අපට හුරු කළේ අසමානතාවය සහිත ජීවන පිළිවෙත්ය. සැබැවින්ම එය අප රටේ තිබූ පුරාතන වැඩවසම් ක‍්‍රමයට සාකල්‍යයෙන්ම සමාන විය. එක්කෝ ඊටත් වැඩිය.
එහෙත් අද වන විට සියලූ තත්වයන් වෙනස් වී හෝ වෙනස්ව යමින් පවතී. එංගලන්ත ක‍්‍රමයේ සාරාර්ථයන් ගැබ්වූ ලන්ඩන් නුවරට මීට වසරකට පෙර මුස්ලිම් නගරාධිපතිවරයෙකු තේරී පත් විය. අද කළු සුදු බව හෝ වෙනත් වාර්ගික බෙදීම් වෙනුවට හැකියාව, අවංකකම, සේවයට ලැදි බව නායකත්ව ගුණාංග ආදී කාරණා බි‍්‍රතාන්‍යයේ තනතුරුවලට වැදගත් වෙමින් පවතී. 1931 රාජ්‍ය මන්ත‍්‍රණ සභා යුගයේදී බි‍්‍රතාන්‍ය ජාතික දිසාපතිවරයෙකු වූ පී‍්‍රමන් නැමැත්තෙකු මහජන ඡුන්දයෙන් තේරී මන්ත‍්‍රණ සභාවට ගියේය. අද රනිල් ජයවර්ධන නම් සිංහලයෙකු බි‍්‍රතාන්‍යයේ පෙඩරල් පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයෙකු ලෙස සුදු ජාතිකයන්ගේ ඡුන්දයෙන් තේරී පත්ව සිටී.
මේ සියලූ සිදුවීම්වලට ඉහළින් බි‍්‍රතාන්‍යයේ අද තත්ත්වය තේරුම් ගැනීමට ඇති හොඳම නිදර්ශකය වන්නේ එළිසබත් මහරැුජිනගේ දෙවන මුනුබුරා වන හැරී කුමරු අපි‍්‍රකාවේ සිට ඇමරිකාවට සංක‍්‍රමණය වූ වහල් පරම්පරාවක මාතෘ උරුමයක්ද, වැඩි ප‍්‍රභූත්වයක් නැති ඇමරිකානු මෙක්සිකානු සම්භවයක් සහිත පීතෘ උරුමයක්ද සහිත මීගන් මේකල් සමග රාජකීය විවාහයකින් බැඳීමයි. ඒ විවාහය පිළිබඳ රාජකීයයෝ අසතුටෙන් පසුවනවා විය හැකියි. එහෙත් බි‍්‍රතාන්‍යයේ පුද්ගල නිදහස පිළිබඳව වන මතවාදයන්ගේ ආශිර්වාදය අභිබවා යාමට ඒ රාජකීය අසතුටට නොහැකි විය.
මීගන් මේකල් හැරී කුමරුට වඩා තුන් අවුරුද්දකින් වැඩි මහල්ය. අනෙක් අතට ඈ කලින් දික්කසාදයකට හිමිකම් කිවූ වැන්දඹුවකි. ඇගේ සම්භවය යට කී ආකාරය. පැරණි මිනුම් දඬු අනුව නම් බකිංහැම් මාළිගයේ පස් පෑගිය නොහැකි තරම් එකියකි. එහෙත් මේකල් ආකර්ෂණීය රූ සපුවකට හිමිකම් කියයි. එමෙන්ම බුද්ධිමත්ය. අපමණ සමාජශීලීය. ධනයද, බලයද, උරුමයද සහිත හැරී කුමරුට මේ මානව ලෝකයේ ලබාගත නොහැකි දෙයක් නැති තරම්ය. යට කී කිසිදු දෙයක් ඔහුට අලූත් දේවල් නොවේ. එහෙත් මීගන් මේකල් හැරී කුමරු උදෙසා අලූත් දෙයක් ලබා දීමට සමත් විය. ඒ ආදරය හා නැවුම් පේ‍්‍රමයක උණුසුමයි. ඒ හරහා වූ මානව බන්ධනයට සමස්ථ රජ පවුලටත්, බි‍්‍රතාන්‍ය සමාජයටත් අවනත වීමට සිදු විය. ඒ අවනතවීම සියවසක් පුරා යුරෝපයේ මානව සමාජයේ වූ විපරිනාමයේ උච්චතම අවස්ථාවයි. මේ සිදුවීම් සන්ථතිය සලකා බලන විට හෙට දවසේ මේ රජ පවුල තුලත් යුරෝපා සමාජයේත් කුමකින් කුමක් සිදු නොවනු ඇද්ද?
ගොවිගම කුලයට අයත් නොවූ රෙජිනෝල්ඞ් කුරේ මහතා ජනාධිපතිවරයා විසින් මධ්‍ය පළාතේ ආණ්ඩුකාර ධුරයට පත් කළ පසු එය පිළිගැනීමට සියම් නිකායික මහානාහිමිවරු අකමැති වූයෙන් ජනාධිපතිවරයාගේ පත්කිරීම අවලංගු කොට කුරේ යළිත් යාපනයට යැවීමට සිදු විය. මිට පෙරාතුව ගාමිණී රාජපක්ෂ නැමති ගොවිගම කුලයේ නොවන නීතිඥයා මධ්‍යම පළාත් මහ ඇමති ධුරයට පත් කළ විට යට කී උභය විහාරයෙන් පැමිණි විරෝධතා සැලකිල්ලට ගෙන එකී පත් කිරිම අවලංගු කිරීමට එදා රජයට සිදු විය. ඒ වෙනුවට මහඇමතිවරයා ලෙස පත් වූයේ ඩබ්.එච්.පී.බී. දිසානායක මහතාය.
මේ ජාති වශයෙන් වන මහා බෙදීමට අමතරව කුල ආගම් වශයෙන් වන බෙදීම්වලට කෙටි උදාහරණය. කලාව, කී‍්‍රඩාව, සමාජ විද්‍යාව, දේශපාලන හා විද්‍යාත්මක සොයා ගැනීම් විසින් යළි යළිත් මානවයා දක්ෂතා හා ගුණ යහපත්කම් විසින් නිර්නය කරන ලෝක සමාජයක අප ජාතිය කුල මල හරහා තවත් ගැඹුරට බෙදී යමින් සිටිමු. ඒ උදෙසා ලේ වගුරුවන්ට සූදානමින් සිටිමු. සංවර්ධනයේ සියලූ ජයග‍්‍රහණයන්, දරුවන්ගේ අනාගතය මේ නිරර්ථක බෙදීම් උදෙසා බිලිදෙන්නට සූදානම් ආත්ම ඝාතකයන් වීමට කැමැත්තෙමු.
හැරී කුමරු රාජකීය පවුලේ සිටින කඩවසම්ම කී‍්‍රඩාශීලීම චමත්කාර ජනකම මිනිසාය. පේ‍්‍රමය හා ආදරය උදෙසා ඔහු තැබූ නිර්භීත පියවර ලෝක ඉතිහාසයේ ප‍්‍රගතිශීලී පිම්මකි. බි‍්‍රතාන්‍ය රජ පවුලේ ඕනෑ තරම් හිතුවක්කාරයන් සිටියෝය. දෙවන විවාහය උදෙසා තමන් ගත් තීරණයක් වෙනුවෙන් කතෝලික දහම අතහැරි අටවැනි හෙන්රි රජු එවැන්නෙකි. එහෙත් ඒවා ඉතිහාසගත අහම්බයන්ය. එහෙත් හැරී කුමරුගේ විවාහය සිදුවන්නේ එවැනි දේ අවශ්‍ය කරන ලෝක වටපිටාවකය. එවැනි දේ සිදුවන වටපිටාවකය.