අද තෙක් ආවා මේ ගමන
ඔබ දුන් හයියෙන්.......
මට හැකිවෙයිද බැරිවෙයිද නොදනිමි
යන්නට ඉදිරියට නොදුන්නොත් ඔබ සුරත
කදු වැටි සමතලා කොට
තනා දුන් නිවස
දොර ඇර තිබූ
සිංහ ගල්ලෙන
හිරු ඔබ විය සැරට පායන
එහෙයින් පිබිදුනි අප
කොද කැකුළුවක සිට සුපිපි වන මල් සේ
රෑට ඔබ සදු විය
මහ සැඩ රශ්මිය පළවා හරින
ඝන සීතල වුව මුන නොගස්වන
රෝ දුකින් සිරුර පෙලනා නමුත්
සිහ රදෙකු සේ හැසිරිණි
මිනිස් වග වෙත වග ඵල නොකියන
මිනිස් වග වලසුන් අතර
හීන්දෑරී උස මිනිසෙකු වූ ඔබ
සිහින් බද සහිත පහන් කනුවක් සේ
පාර පෙන්වීය
අප හැමෝටම
(අප්පච්චී මියගියේ අද වැනි ජූලි 24 වන දාකය.)