Thursday 19 January 2017

සභ්‍යත්ව රාජ්‍යයේ හොරකම්




         අපි අපේ ළමා / තරුණ වියේ දී ගුණදාස අමරසේකර මහා මිනිසෙකු කොට දුටුවෙමු. නිර්මාණයක් කරමින් සිටින අතරතුර නිර්මාණාවේෂය සිඳී ගියේ නම් ඔහුගේ නවකතාවක කොටසක් හෝ කවියක් හෝ කියවීමි. හැට හැත්තෑව දශකයේ වමේ දේශපාලනයට ඔහු එකතු කල අලංකාරත්වයත් දුටුවෙමි. වමට ඔහුත්, ඔහුට වමත් අත ඇරුණු දා සිට ඔහුට ධර්මපාල ආවේෂ විය. ඒ ධර්මපාල අවතාරය දශක තුනකට වැඩි කාලයක් ඔහු තුළ සිටි විචිත‍්‍ර නිර්මාණවේදියා ද, මානව හිතවාදියා ද විනාශ කළේ ය.
        ලංකාව මෑත ඉතිහාසයේ ගෙවා දැමූ ගොර බිරම්ම කාල වකවානුව පසුගිය දශක තුනකට වැඩි කාලයයි. අමරසේකර වැනි විද්වතෙකුට ඒ ගොරතර විනාශයට එරෙහිවීමේ දැනුම ද අත්දැකීම් ද තිබුණේය. එහෙත් ඔහු තෝරා ගත්තේ විනාශයට අත් උදව් දීමේ භූමිකාවයි.  කලක් එහි නිමග්නව සිටීමේ ප‍්‍රතිඵලයක් ලෙස අද වන විට  ඔහුට ඔහුව ද අහිමි වී ඇත. ඔහු සිය නාමය ඔසවා තැබූ විශිෂ්ටත්වයට පිටුපස හරවා සිටී. අවසානයේ දැන් හොරකම අනුමත කරන තක්කඩියෙකු බවට පත්ව සිටී.
        යළි උපන්නෙමි, කරුමක්කාරයෝ යන අගනා කෘති දෙක ලියා ඔහු පසු කාලීනව ඒවා වැඩකට නැති කෘතියයි කීවේය. කලෙක විචක්ෂණ ලෙස වාම දේශපාලනයට දායක වී පසුව ඒවා වැඩකට නැකි කවන්ධ ලෙස හැඳින් වීය. දැන් නිරත වී සිටින ජාතිවාදී දේශපාලනය තවත් කලෙකදී වැඩකට නැති දේවල් ලෙස ඔහුට පෙනෙනු ඇත. එහෙත් ඒ දැක්ම ලැබෙනදාට ඔහු ජීවත් නොවනු ඇත. එහෙයින් ඔහු ඉතිරි කර යන්නේ විනාශයම පමණි. අමරසේකරගේ අමනෝඥකම්වලට ඔහුට තේරුම් යන අයුරින් උත්තර දිය හැකිව තිබූ වියතා අද ජීවතුන් අතර නැත. ඒ තිස්ස අබේසේකරයන්ය.
චන්ද්‍රරත්න බණ්ඩාර

5 comments:

  1. මෙසේ මිනිසුන් දෙදෙනෙක් වෙන් කරගෙන ලිවීමෙන් ඔබ බලාපොරොත්තු වන්නේ කුමක්ද ?

    ReplyDelete
    Replies
    1. මා විචාරයට ලක්කළේ තමන්ගේ පාඩුවේ ඉන්න මිනිසුන් දෙදෙනකු ගැන නොව සමාජයට බලපෑමක් කරන පුද්ගලයන් දෙදෙනකුයි.

      Delete
    2. ඔබේ කතාවෙන් එම දෙදෙනාගේ ඔබ කියන "සමාජයට කෙරෙන බලපැමට" වෙන බලපැම කුමක්ද?

      Delete
  2. ඔව් අමරසේකරට පිස්සු ද කියලත් හිතෙනවා

    ReplyDelete