ප‍්‍රාංශු දේහධාරී හා නොමැකෙන තාරුණ්‍යයක් තිබුණු අගනා සමසමාජ කාරයෙක් පසුගියදා අප හැර ගියේය. එ් විමල් රොඩි‍්‍රගුය. කැපවීම හා සමසමාජය හරහා දැන උගත් මිනිසෙකු වූ විමල් සමසමාජ ව්‍යාපාරයේ ප‍්‍රබල සංකේතීය චරිතයක් විය. අව්‍යාජ හා අවංක බව පිරුණු ඔහුගේ පෞරුෂය නොතකා හැරීමට සමසමාජ ඉතිහාසය තුළ හැකිවූයේ සමසමාජය දියාරු ව්‍යාපාරයක් බවට පත් කළ තිස්ස විතාරණ වටා ගොනුව සිටින කල්ලියට පමණි.
අතීත යුගයේ වාම දේශපාලනය යනු ගැඹුරු හෘද සාක්ෂීන් ගණනාවකගේ එකතුවක් විය. ආත්මයක් අවමානයට පත් කරගන්නා මිනිසුන් හෙළිදරව්වීමේ සියුම් පරීක්ෂාවක් වාම දේශපාලන යාන්ත‍්‍රණය තුළ තිබුණි. ඒ යාන්ත‍්‍රණයට බිය වූ සමහරු නිහඬ විය. සමහරු පළා ගියෝය. එහෙත් ඇත්ත සමසමාජකාරයෝ පෙරළා තමන් උත්කර්ෂයට පත් කර ගැනීමේ ක‍්‍රම වේදයෙන් බැහැරව සමාජයෙන් අවම ි වාසියක්වත් අත්පත් කර ගත නොහැකි පීඩිත හා ආන්තික සමාජ කොටස් සිය සේවය ලැබිය යුතු පිරිස ලෙස තෝරා ගත්තෝය.
ලංකා සමසමාජ පක්ෂයේ මුල්පෙළ තීරුව ධනවත්කම, උගත්කම හා සිවිල් බලය නොඅඩුව තිබුණු දැවැන්තයන්ගෙන් සමන්විත වූහ. ඔවුන්ගේ ජීවිතවලට වඩා අර්ථවත් බවක් ලැබිය හැකිව තිබුණේ දක්ෂිණාංශික ලිබරල්වාදී දේශපාලනයක් තෝරා ගැනීමෙනි. එහෙත් ඔව්හු තෝරාගත්තේ ඊට හාත්පසින්ම වෙනස් වාමාංශික මාක්ස්වාදී දේශපාලනයයි. ඒ දැවැන්ත තෝරා ගැනීම ඔවුන්ගේ ජීවිතවලට කටුකත්වය ළඟා කර දුනි. ධන විනාශය ලබාදුණි. බලය ලබා රටේ නායකයන්වීමේ පහසු අවස්ථා මඟ හැරුණි. අත්හැරීම පිළිබඳ මහඟු මානවවාදී ආදර්ශය ලංකා භූමිය කම්පා කළ මෙන්ම වර්ණවත් කළ සිදුවීමක් ද විය. බලලෝභී දක්ෂිණාංශික දේශපාලනය විසින් විනාශ කිරීමට නියමිතව තිබුණු බටහිර ප‍්‍රජාතන්ත‍්‍රවාදය අද වන තුරු රැුකුණේ ඒ මානව වාදී වාම නායකත්වයේ කැපකිරීම්වල ප‍්‍රතිඵලයක් ලෙසිනි.
මේ දැවැන්ත කැපකිරීම් දෙස හැඟුම්බරව බලා සිටි අවම වශයෙන් පරම්පරා දෙකක් ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීමටත් සමාජවාදී පුරුෂාර්ත මෙරටෙහි පැලපදියම් කිරීමටත් පෙරට ආවේය. 1948 දී කොළඹ නාගරික සමාජ ස්තරයක උපත ලද විමල් රොද්‍රිගු එකී දෙවන පරම්පරාවට අයත් තිරසාර වාම නායකයකු විය. ළමාවියේදී ඔහු අත පත් රතු කොඩිය මියෙනතුරා ඔහු අත් හැරියේ නැත. ධනයෙන් බලයෙන් ඔහුගේ ජීවිතයේ බොහෝ අඩුපාඩු සපුරා ගැනීමට අවස්ථාව ලද නමුත් ඒ සියලූ අවස්ථා ප‍්‍රතිපත්ති දේශපාලනය වෙනුවෙන් අතහැර දැමුවේය. තමා බිරිඳ හා දරු දෙදෙනා කුලී ගෙදරින් අඳුරු ගරාජ කාමරයකට ඇද වැටෙද්දීත් ඔහු පොදු දේපළ සොරා ගැනීමේ පහසු මාවත අත හැරියේය.
සෑම මැයි දිනයකම කඩියකු මෙන් එහෙ මෙහෙ දුවමින් සමසමාජ පෙළපාලිය සංවිධානය කළ විමල් සිය බිරිඳ හා අගනා ජීවන වටිනාකම් සිය පියාගෙන් උකහාගත් දරුවෝ සම සමාජ භට කණ්ඩායමේ ගමන් කිරීම බලා සිටින්නවුන්ටත් සහභාගි වූවන්ටත් උද්‍යෝගිමත් දර්ශනයක් විය. එ් උද්‍යෝගයෙන්ම විමල් පක්ෂ කාර්යාලය තුලත් පක්ෂය තුලත් දහඩිය මුගුරු හෙලීය. අතිසය ප‍්‍රසන්න හිතවත්කම් සිය පාක්ෂික හිතවතුන් සමග ඇතිකරගත් විමල් අම්මා කෘතියේ පාවෙල් මෙන් ලද හැම අවස්ථාවකදීම උගත්තේය. නියමිත කාලයේදී විධිමත් අධ්‍යාපනය මග හැරුණු විමල් සමසමාජ ව්‍යාපෘතිය ඔස්සේ විද්‍යාව කලාව මාක්ස්වාදය ගැන නොනවත්වා ඉගෙන ගත්තේය. පිටත සමාජයේ සාහිත්‍ය සම්මන්ත‍්‍රණ රඟහල් සිනමාහල් අතර සිය දරුවන් බිරිඳ හා සැරි සරමින් දැනුම සොයා යමින් මේ පියකරු මිනිසා අපට ලබා දුන්නේ මහත් වූ ධෛර්යයකි.
සැලකිය යුතු කාලයක් කොළඹ නගර සභාවේ මන්තී‍්‍රවරයකු ලෙස විමල් කටයුතු කළේය. එහිදී සිදුවූ කුප‍්‍රකට සිදුවීමක් නිසා විමල් දේශ කීර්තියට පත්විය. කොළඹ නගර සභාවේ පක්ෂ විපක්ෂ මන්තිී‍්‍රවරුන්ගේ එකඟතාවයෙන් කොළඹ හදවතේ විශාල ඉඩමක් නොමිලේම බෙදාගනිද්දී විමල් එය ප‍්‍රතික්ෂේප කළ නිසාවෙනි ඒ. ඒ වන විටත් හරි හමන් ගෙයක් දොරක් ඉඩමක් නොතිබූ ඔහු ප‍්‍රතික්ෂේප කළේ ලක්ෂ සියයකට පමණ මිල කළ හැකි වටිනා දේපලකි.
සැලකිය යුතු කාලයක් කොළඹ නගර සභාවේ මන්තී‍්‍රවරයකු ලෙස විමල් කටයුතු කළේය. එහිදී සිදුවූ කුප‍්‍රකට සිදුවීමක් නිසා විමල් දේශ කීර්තියට පත්විය. කොළඹ නගර සභාවේ පක්ෂ විපක්ෂ මන්තිී‍්‍රවරුන්ගේ එකඟතාවයෙන් කොළඹ හදවතේ විශාල ඉඩමක් නොමිලේම බෙදාගනිද්දී විමල් එය ප‍්‍රතික්ෂේප කළ නිසාවෙනි ඒ. ඒ වන විටත් හරි හමන් ගෙයක් දොරක් ඉඩමක් නොතිබූ ඔහු ප‍්‍රතික්ෂේප කළේ ලක්ෂ සියයකට පමණ මිල කළ හැකි වටිනා දේපලකි.
දිවංගත බර්නාඞ් සොයිසා විමල්ගේ ගුරුවරුන් අතර සමීපතම දේශපාලන ගුරුවරයා විය. හැට හත් වියේ දී විමල් අප හැර යන විට ඔහු පක්ෂය තුළත් ඉන් පිටතත් සටන් කරමින්ම හදාරමින් සිටියේය. ඔහුගේ දරුවන්ට ද ඔහු දැනමුතුකම් දුන්නේ ආයතනික අධ්‍යාපනය මෙන්ම සමාජයෙන් ඉගෙන ගැනීමද කළ යුතු බවටය.
මට හමුවු අකලංක මිනිසුන් විසිපස් දෙනෙකු නම් කරන්නයැයි කිසිවෙකු කීවොත් විමල් රොඞ්රිගු සොයුරාද ඒ අතරට මා නම් කරනු නිසැකය. විමල්ට ජීවත් වීමට තිබුණු එකම වත්කම වූයේ පක්ෂයේ පූර්ණ කාලීනයෙකු ලෙස ලැබූ සුලූ වේතනයයි. මහින්ද පාලනයේ ඒකාධිපතිත්වයට පක්ෂව තනතුරු ලෝභී , බලලෝභී වත්මන් සමසමාජ නායකත්වය ඒකරාශි වෙද්දී එකී මතයට විරුද්ධව ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පැත්ත ගත් විමල්ගේ ඒ සුලූ ආදායමද අහිමි විය. විමල් නම් වූ ඒ සදාකාලික තරුණයා මියගියේ ඓතිහාසික දිනයකය. එනම් 1978 ඒකාධිපති ව්‍යවස්තාවේ ජනාධිපති බලතල අහිමි නරන ලද ඓතිහාසික යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මතවූ දිනයේය.
විමල් යනු අප‍්‍රමාණ මිනිසෙකි.