Monday, 19 January 2015

චන්දි‍්‍රකා බණ්ඩාරනායක නම් වූ ඇය....




චන්දි‍්‍රකා බණ්ඩාරනායක කුමාරණතුංග නැවතත් බල දේශපාලනයේ මුදුන් තලයට පැමිණීම පිළිබඳව බොහෝ උදවියට ඇත්තේ විෂම හැ`ගීම් විය හැකිය. ඉක්මගිය ජනාධිපතිවරණයේදී බැරිවෙලාවත් ඇය ජනාධිපති අපේක්ෂිකාව වූවා නම් අනිවාර්යයෙන්ම ඇය පරදා මහින්ද රාජපක්ෂ ජයග‍්‍රහණය කරන බව මගේ හැ`ගීමයි. මක් නිසාද යත් ජාතිකවාදී මධ්‍යස්ථ ඡුන්ද පවා ඇයට එරෙහිව වැටෙන නිසාය.
           එහෙත් ඇගේ පැරද‍්‍රමට හේතුකාරක වනු ඇත්තේ ඈ ඇගේ රජය කාලයේ ¥ෂිතයන් රැුකීමට කළ කි‍්‍රයාවන් නොවේ. එසේ නම් ඇය පරදවා  මහින්දට ජයග‍්‍රහණය කළ නොහැකිය. ඇය පරදින්නේ ජාතික ප‍්‍රශ්නය විසඳීමට  දැරූ අවංක උත්සාහය නිසාය.
       චන්දි‍්‍රකා පිළිබඳව මගේ කියවීම වික්ටර් අයිවන් සිය ”චෞර රැුජින ” කෘතියෙන් කියවුණු තරම් කලූම කලූ එකක් නොවේ. විජේතුංග හැරුණු කොට අනෙකුත් විධායක ජනාධිපතිවරුන් කළ භයානක රටට අහිතකර වැඩ ඈ අතින් සිදුවූයේ අනෙක් අයගෙන් හතරෙන් පංගුවක් පමණය.
      ඈ මගේ ලෝකය තුළ විශිෂ්ටත්වයට පත්වන්නේ ජාතික ප‍්‍රශ්නය විසඳීමට ඈ දැරූ අවංක උත්සාහය නිසාය. ඈ නොවන්නට අද දවසේ ජාතික ගැටලූවට දේශපාලන විසඳුමක් යන්න බොහෝ ඈතවූ අදහසක් විය හැකිව තිබුණි. දීර්ඝ කාලයක් වාමාංශිකයන් හා ලිබරල්වාදීන් ජාතික ප‍්‍රශ්නය සංහිඳියා සම්පන්නව විසඳා ගැනීම සඳහා කළ කී දෑ ඇගේ ආශිර්වාදය යටතේ එක් තැන් කිරීමට හැකිවිය.
        චන්දි‍්‍රකා ජාතික ප‍්‍රශ්නය විසඳීම දෙස බැලූ තවත් සාධනීය ආකාරයක් වන්නේ ජනතාව දැනුවත් නොකර පාලකයන්ගේ ගේමකින් පමණක් එකී ගැටලූව විසඳිය නොහැකි බවයි. ඒ දැක්ම අනුව යමින්  විශ්ව විද්‍යාල ඇදුරන් හා වෙනත් බුද්ධිමතුන්ගෙන් සමන්විත සාම බලකායක්  ඈ විසින් නිර්මාණය කළාය. ගම් දනව් සැරිසරමින් දේශන වැඩ මුලූ පැවැත්වීමට හා වෙනත් මහජන දැනුවත් කිරීම්වලට ඇය අනුබල දුන්නාය.
      මා හිටපු ජනාධිපතිනියගේ යම් සමීප බවකට පත්වූයේ නිමල් ඒකනායක මගේ මිතුරා හරහාය. ඒ ඔස්සේ එකළ සිදුවූ ජාතික ගැටලූව විසඳීමේ කි‍්‍රයාන්විතය සඳහා මවිසින් ”බලය බෙදාහැරීම- ඉතිහාසය- වර්තමානය- අනාගතය ” යන කෘතිය සම්පාදනය කෙළෙමි. ජාතික ගැටලූව විසඳීම සඳහා වූ සියලූ නෛතික හා වෙනත් උත්සාහයයන් ගේ සාහිත්‍යය එයට ඇතුළත් විය. ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න, ආචාර්ය චානක අමරතුංග, මහාචාර්ය නවරත්න බණ්ඩාර, මහාචාර්ය ශිරාණි බණ්ඩාරනායක, ඇතුලූ බොහෝ විද්වතුන් එකී කෘතියට ලිපි සැපයීය. කොටින්ම මා වැනි කුඩා මිනිසෙකුගේ කෘතියකට ඇගේ අදහස් ඇතුළත් ලිපිය ඇයම සංස්කරණය කිරීමට තරම් ඈ මෙම විෂය ගැන උනන්දු වූවාය. එකී කෘතිය ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් ප‍්‍රකාශනය කොට ලංකාවේ සියලූ විහාරස්ථාන, පාසල් හා ප‍්‍රසිද්ධ පුස්තකාල ආදියට චන්දි‍්‍රකාගේම අත්සන් සහිත ආවරණ ලිපියක් සමග යැවීය.
      එසේ යැවුණු පොත ලැබුණු ඇතැම් හාමුදුරුවරු හා වෙනත් ජාතිවාදී පිරිස් චන්ද්‍රිකාටත්, පොතේ සංස්කාරකවරයා වන මටත් , ආණ්ඩුවේ ජාතික ප‍්‍රශ්නය විසඳීමේ උත්සාහයටත් අපහාස කරමින් ලද ලිපි බොහෝ ගණනක් මා සතුව ඇත. ඇයගේ අත්සනින් යැවීමට මා සැකසූ ලිපිය තම අත් අකුරෙන් ඩඩා හොඳින් නැවත සැකසීමට පවා ඇගේ කාර්ය බහුල ජීවිතයෙන් විනාඩි ගණනක් වැය කිරීමට තරම් එතුමිය ජාතික ගැටලූව පිළිබඳව සවිඥානක වූවාය.
     ජාතික ගැටලූව විසඳීමට චන්දි‍්‍රකා මෙන්ම රනිල් වික‍්‍රමසිංහද අවංක උත්සාහයක් දැරුවේය. එහෙත් ඔහු චන්දි‍්‍රකා තරමට ජනතාව මේ විෂය සඳහා දැනුවත් කළ යුතු යයි විශ්වාෂ කළේ නැත. කොටින්ම ඔහු ජනතාවගේ බලය ගැන විශ්වාෂ නොකරන පන්නයේ නායකයෙකැයි මම අදටත් විශ්වාෂ කරමි. ඒ කරුණේදි ඔහු වඩා සමීප වන්නේ ඔහුගේ මාමා වන ජේ.ආර්. ටය. රනිල් වික‍්‍රමසිංහ ජාතික ගැටලූව විසඳීම බල දේශපාලනයේ මුදුන් තලයේ නූල් සූත්තර ඇදීමෙන් කල හැකියයි විශ්වාෂ කරන්නෙකි. රනිල් ජනතාවාදී පාලකයෙක- නොවන්නේ ඒ දුර්මතය නිසාය.
     චන්දි‍්‍රකා රනිල්ට වඩා ලිබරල්වාදී ගති ලක්ෂණ වලින් පොහොනා යයි මම සිතමි. සම්ප‍්‍රදායික වැඩවසම් බලවේගයන්ට බඩ පිනුම් ගැසිය හැකි පරිසරයක ”සම අවස්ථා පනත” ගෙන ඒමට තරම් පාලිකාවක් වශයෙන් ඇගේ තිබූ නිර්භීතභාවය නිදහස් බුද්ධිමතුන් අතින්වත් ඇගයීමකට ලක්වූයේ නැත.
     ඇගේ පාලන සමයේ ඇගේ පාලන කි‍්‍රයාවලියේ හොඳ නරක වෙන වෙනම ගැනීමට තරම් දේශපාලන බුද්ධිමතුන් විචාරකයන් සමත් වූවා නම් ඈ ඇගේ කූට අන්තේවාසිකයන් අතර සිරකාරියක්ව විනාශ නොවන්නට ඉඩ තිබුණි.

Saturday, 17 January 2015

සාස්තර කාරයන්ට නිදහසේ සාස්තරයක්වත් කියන්නට බැරිවූ රටක්






            සුමනදාස අබේගුණවර්ධන යනු කපටියන් අතර ශූර කපටියෙකු බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත් සුමනදාස අබේගුණවර්ධන තමන්ගේ දැන උගත් ශාස්ත‍්‍රය හමුවේ අසරණයෙකු වූ බව සිතන විට සියුම් අනුකම්පාවක් ඔහු ගැන ඇතිවේ. මහා දැන උගතෙකු නොවූ සුමනදාස සාමාන්‍ය වේලා පත්කඩක් බලා ගැනීමට රුපියල් විසිපන්දහසක් වැනි ඉහළ මුදලක් අය කිරීමට හැකිවූයේ ඔහු මහ රජුගේ දෛවඥයා වූ හෙයිනි. එමෙන්ම කිසිසේත්ම ඔහු වැනි මිනිසෙකු නොසිටිය යුතු ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත්වූයේ රට ගැන, රටේ වැදගත් මර්මස්ථාන ගැන තිබුණු හිටපු ජනාධිපතිවරයාගේ ආකල්පය ගැනද අපට හැ`ගීමක් ලබා දෙමිනි. 
      දැන් සුමනදාස අමුතු කතාවක් කියයි. ඔහු මහින්ද රාජපක්ෂ පරදින බව දැන සිටිය බවත් ඒ බව නොකීවේ ඔහුට ඇති බය නිසා බවත්ය. මහින්ද රාජපක්ෂගේ චර්යාවන් ගැන සිතන විට සුමනදාසගේ කථාව ඇත්තක්යැයි විශ්වාෂ කළ හැකිය. එයින් පෙනී යන්නේ සාස්තරකාරයෙකුට සාස්තරයක්වත් නිදහසේ කීමට බැරි පරිසරයක් මහින්ද රාජපක්ෂ විසින් නිර්මානය කර තිබූ ආකාරයයි.
      නව ග‍්‍රහයන් ආසි‍්‍රතව සාස්තර කියූ සුමනදාසත් තමා දන්නා ඇත්ත කීමට නොගියේ මරණ බිය නිසා නම් ලංකාවේ ඇත්ත කියන ජනමාධ්‍යවේදීන්ට සිදුවූ විපත් තේරුම් ගත හැකිය. එහෙයින් සුඛෝපභෝගීව ජීවත්විය හැකි වූයේ සුමනදාස මෙන් රජා සතුටු කිරීමට බොරු කී ජනමාධ්‍යවේදීන් පමණය. සුමනදාසගේ ගනයට වැටෙන පළමු ජනමාධ්‍යකරුවා ලෙස මා හඳුනාගන්නේ ආරියනන්ද දොඹගහවත්තය. ු නීති විරෝධීව ප‍්‍රචාරය කිරීමට ජනාධිපතිතුමා හා කළ රූපවාහිනී සාකච්ඡුාව මෙහෙය වූයේ දොඹගහවත්තය. ඒ දැකීමෙන් දොඹේ ගැන මට තිබූ ශේෂ මාත‍්‍ර ගෞරවයද අවසන් විය. සුමනදාස පන්නයේ ජනමාධ්‍යකාරයෝ සුමනදාස මෙන්ම සුඛ විහරණ ලැබූහ. කරුණාදාස සූරියාරච්චි, මහින්ද අබේසුන්දර, සීලරත්න සෙනරත්, බන්දුල පද්මකුමාර, රාජ්පාල් අබේනායක, සුදර්මන් රදලියගොඩ, අනුර සිරිවර්ධන, මොහාන් සමරනායක, මේ අතරින් කිහිප දෙනෙකි.
       ජනවාරි අටවෙනිදා මහජන බලවේගය විසින් අවසන් කරනු ලැබුවේ සාස්තර කාරයෙකුට සාස්තරයක්වත් නිදහසේ කිව නොහැකි මෘග පාලනයකි. ඒ පාලනය හමාර කිරීමට කැපවූ සියල්ලෝම බුහුමන් ලැබිය යුත්තෝය.

Saturday, 10 January 2015

ජනවාරි 8 වනදා යනු

 
 
               ජනවාරි 8 වනදා යනු ලංකාවේ කුඩා මට්ටමේ හෝ විප්ලවයක් සිදුවූ දිනයක් බව මගේ හැගීමයි. එහෙත් එහි ජීව ගුණය හා ඒ කටයුත්තට උරදුන් මිනිසුන්ගේ අපේක්ෂා භංග වන බවත් පළමු වාරයේදීම කළ පත්වීම් වලින් පෙනෙන්නට තිබේ. ඉන් පළමු වැන්න ජනාධිපති ලේකම් පත් කිරිමයි. එවැනි මර්මස්ථානයකට මෙතරම් දූෂිත මිනිසෙකු පත් කිරීම කෙතරම් යුක්ති යුක්තද? මේ වෙනසට හදවතින්ම දායකවූ දක්ෂ, අවංක, දේශපාලන හෘද සාක්ෂියක් සහිත උගතෙකුවූ කරුණාරත්න පරණවිතාන ,දක්ෂ කඩිසර පරිපාලන නිලධාරියෙකු වූ , පී.බී.ජයසුන්දරගේ අනීතික යෝජනාවන්ට අකමැතිව ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපතිකමෙන් ඉල්ලා අස්වූ සුනිල් සිරිසේන වැනි ජේෂ්ට පරිපාලන නිලධාරියෙක්, පරිපාලන ක්ෂේත‍්‍රයේ ස්වාධීනත්වය සඳහා විශාල සේවාවක් කළ රනුග්ගේ , අඩුම වශයෙන් මහින්දගෙන් දේශපාලන වශයෙන් බැට කෑ තිලක් රණවිරාජ වැන්නෙකුවත් මේ තනතුරට යෝජනා නොවුණේ ඇයි.? මේ නම් වගේම තවත් දක්ෂ හොඳ මින්ස්සු කොතරම් නම් ඉන්නට ඇද්ද මේ පිංගුත්තර අබේකෝන්ට වඩා.
    
              සෝමරත්න දිසානායකට මහින්ද පාලනය තුළ තිබූ සිය සුඛ නම්‍ය පැවැත්ම බාධා විරහිතව ගෙන යාමට රූපවාහිනියේ සභාපති ධුරයට මේ පත්වීම හේතුවනු ඇත. විද්යුත් මාධ්‍ය ගැනත් , ප‍්‍රසංගික කලාව ගැනත් දැනුමක් සමග හොඳ හදවතක්ද, නිර්භීත ආත්මයක්ද සහිත ලක්ෂ්මන් විජේසේකර වැන්නෙක් ඒ තනතුරට යෝජනා නොවුණේ අපේ අවාසනාවටද? මෛතී‍්‍රට වැටුණු ඡුන්ද ලක්ෂ ගණනක් ලක්ෂ්මන්ට නිල් බලකායේ පහරදීම් නිසා මෙරටේ සංවේදී මිනිසුන්ගේ ඡුන්ද බව අප අමතක කළ යුතු නොවේ.

Thursday, 8 January 2015

ඔහු ගිය පසු


 වසර 45ක දේශපාලන අත්දැකීම් සහිතව මහින්ද රාජපක්ෂ දේශපාලනය කළත් ඒ පරිනත බව සිය  රාජ්‍ය පාලනයේදී කිසිදු විටක ප‍්‍රයෝජනයට නොගත්තේය. ඔහුගේ දේශපාලනය පුරාම වැඩි විශ්වාෂය තැබුවේ සංහිඳියාව ගැන නොව චංඩිකම් ගැනය. චණ්ඩි මල්ලීට පළාත් සභාවේ ඇමතිකමක් නොදෙන්නේ නම් ඔහු දේශපාලනයෙන් ඉවත් වන බව කියා චන්දි‍්‍රකාි සමග රණ්ඩු කළේය. ජුලම්පිටියේ අමරෙලා” සම්පත් විදාන පතිරණලා සාරුවා සුනිල්ලා රැුක බලා ගත්තේ ඔහුය. ඔහු තමදරුවන්ට ඉගැන්වුයේ වැදගත් මිනිසුන් වන හැටි නොව බලවත් මිනිසුන් වන හැටිය.
    ලංකාවේ සිටි හැම නායකයෙක්ම ඔවුන්ගේ දරුවන් ඔල මොට්ටලයන් වුනත් අධ්‍යාපනය ලබා දීමට උත්සාහ කළේය. ඩී.ඇස් සිය පුතු ඩඩ්ලිටත් , බණ්ඩාරනායක සිය දරු තිදෙනාටත් ,ජේ.ආර් සිය පුතුටත් , පේ‍්‍රමදාස සජිත්ටත් , චන්දි‍්‍රකා  සිය දරු දෙදෙනාටත්  ඒ දෙමාපිය යුතුකම ඉෂ්ට කළේය.  එහෙත් මහින්ද සිය දරුවන් ලවා  රගර් ගැස්සුවේය. ඔ්නෑම ඉහළ පැලැන්තික නුගත් දරුවෙකුට ඇතිවිය හැක් කාර් රේස්” අශ්ව රේශ් ආදියට මේ ජනාධිපති පියා ඉඩ දුනනේය. සිය දරුවන් දෙදෙදෙනා ඉහළ සමාජයේ සල්ලාලම දරුවන් වෙදද්දී පියෙකු ලෙස එහු ඒවා වැළැක්වූයේ නැත. ඒවාට එරෙහි වන එවුන්ට ඔහු  දඩුවම් දුන්නේය. මර්වින්ලා” එස්බිලාගේ මුතුහෙට්ටිගමලා ගේ චංඩිකම් වැලක්වුයේ නැත’’ ඒවාට උඩ ගෙඩි දුන්නේය’’ මහින්ද යනු් රාජ්‍ය පාලකයන් අතර සිටි තක්කඩියෙකි’ (ඔහුට කෙලවූ අවස්ථාවේ ඒ සංතෝෂයට අඩියක් ගහමින් ලියන් මේ ලිපිය එතරම් වැදගත් නොවිය හැකිය’*
මහින්ද සිය හතලිස් පස්වසරක පරිනත දේශපාලන ජීවිතයෙන් පාඩමක් ඉගෙන ගෙන තිබේ’ ඒ මේ මහජන බලය ඉදිරියේ ඉවත්ව යාම හැර අන් දෙයක් නොමැති බවයි’’ ඒ ඔහු පළමු වරට ඔහු පරිනත දේශපාලකයනු බව පෙන්නූ අවස්ථාවයි’’