Saturday, 4 October 2014
මදාවි පියවරුන්ගේ සාහිත්‍ය උපදෙස්
ස්වර්ණ පුස්තක සම්මාන උළෙල නිමාවීමටත් පෙර සම්මාන බලාපොරොත්තු වූවෝද අනෙකුත් උදවියද, කියන ලියන අඩාපාලි දැකීම නිසා මෙය ලියන්නට සිත්විය. ඒ සියල්ල එසේ තිබේවා. එකක් කිව යුතුය. එනම් ස්වර්ණ පුස්තක සම්මාන උළෙල ඇරඹීමත් සමග ඉතා කුඩාවට තිබුණු පාඨක සමාජය පුලූල් එකක් වී ඇති බවයි ඒ. මීට දශකයකට දෙකකට පමණ පෙර පොත් 1000ක් මුද්‍රණය වුණු නවකතාවක් අද 10000 ට එහා පැත්තේ මුද්‍රණය වේ. එයින් ප‍්‍රකාශකයා ලාභයක් ලබන බව සැබෑවකි. එහෙත් ලේඛකයා හා පාඨකයා ලබන ඵල ප‍්‍රයෝජන සුලූ කොට තැකිය හැකිද? ලේඛකයෙකු ලියන පොතක් පු`ථල් පාඨක සමාජයක පරිහරණය වීම ඔහුට හෝ ඇයට කවර නම් වූ ආත්ම තෘප්තියක් ගෙන දෙයිද? එය පොත අලෙවි වීමෙන් ලැබෙන කතෘ භාගයට වඩා හෝ ඊට සමානව ලේඛකයෙකුට වටිනා දෙයකි.
ස්වර්ණ පුස්තක සම්මාන උත්සවයට හා ගොඩගේ සම්මාන උත්සවයට මේ කෙරෙන පහරදීම් සඳහා අලූත් ජවයක් ලැබුණේ විද්‍යොදය සම්මාන උළෙලේදිී ගුණදාස අමරසේකර සම්මාන උත්සවය අරබයා කරන ලද දුෂ්ඨ ප‍්‍රකාෂයත් සමගය. ගුණදාස අමරසේකර වැනි සිංහල සාහිතයයට අපූරු මං සළකුණු එකතු කළ ලේඛකයෙකු සිය දේශපාලන භාවිතය හා සාහිත්‍ය භාවිතය වංගු ගසා පැමිණ ඇත්තේ ඉතාම දුර්භාග්‍ය සම්පන්න අවසානයකටය. එතැන් සිට ඒ ක්ෂේත‍්‍ර දෙක අරබයාම වෛරය හා ද්වේශය වපුරන අමරසේකර වැඩිහිටියෙකු, ලෝකය දන්නා වියතෙකු, ලෙස නොකළ යුතු දේවල්ම කරයි. කොටින්ම කියතොත් ඔහුගේ අග‍්‍රගන්‍ය නවකතාව ලෙ මා සලකන පේ‍්‍රමයේ සත්‍ය කතාවේ ඩොක්ටර් වීරසිංහ චරිතයටම ආදේශවී සිටි.
මහගමසේකරයන් මියගොස් එහි ශෝකී සීතලවත් වියැකෙන්නට පෙර ”මහගමසේකර යනු ඔහුගේ හදිසි මරණයෙන් ජනපි‍්‍රයත්වයට පත් කුකවියෙකැයි ” අමරසේකර පැවසුවේය. ඔහු හැර කිසිදු වියතෙකු කලාකරුවෙකු ඒ දුෂ්ට ප‍්‍රකාෂය ඇත්තකැයි අදටත් විශ්වාෂ නොකරනු ඇත. සේකර අරබයා දුෂ්ට කතා කීමේ අමරසේකර සම්ප‍්‍රදාය වසර හතලිහක් පමණ තිස්සේ නොනවත්වා කරගෙන විත් අද එහි උච්චත්වයට පත්වී ඇත.
ස්වර්ණ පුස්තක සම්මාන උළෙල ගැන කෙරෙන දුෂ්ඨ විවේචන එහි අයිතිකරුවන් වන ග‍්‍රන්ථ ප‍්‍රකාශකයන්ගේ සංගමයට නම් අබ මල් රේණුවක තරම් අවැඩක් වෙතැයි සිතිය නොහැකිය. ග‍්‍රන්ථ සඳහා පු`ථල් පාඨක සමාජයක් බිහි කිරීම හා ඒ ඔස්්සේ ග‍්‍රන්ථ ප‍්‍රකාශනය ලාභදායී ව්‍යාපාරයක් බවට පත් කර ගැනීමට ඔවුනට හැකියාව ලැබී ඇත. ඒ සඳහා ඔවුන් ඉතා දියුණු ක‍්‍රම වේදයක් භාවිතා කර ඇත.
විනිශ්චය මණ්ඩලයන් ගැන ඇති විවේචනයද සම්මාන උළෙලේ විවේචකයන් සතු උපකරණයකි. ලංකාවේ සිංහල සාහිත්‍ය කෘතියක් ඔස්සේ ජාත්‍යන්තර මට්ටමට ළ`ගාවූ ලේඛකයෙක් ලංකාව තුළ නැත. එහෙයින් ඕනෑම කෙනෙකුට සිදුවන්නේ නිර්මාණ ක්ෂේත‍්‍රයේ හා විචාර ක්ෂේත‍්‍රයේ යම් ගැඹුරක් ඇතැයි සිතන දේශීය සීමාවන් තුළ වැඩ කරන විනිශ්චයකරුවෙකු සොයා ගැනීමටයි. ඒ අනුව ස්වර්ණ පුස්තක විනිශ්චය මණ්ඩලය කෙරෙහි සර්ව සම්පූර්ණ එක`ගතාවක් ඇතිවෙතැයි සිතිය නොහැකිය.
අමරසේකර විසින් ප‍්‍රවර්ධනය කොට සේන තෝරදෙණිය වැන්නන් පාවිච්චි කරන ලේඛකයන්ට හා විනිශ්චයකරුවන්ට එරෙහි එන්.ජී. ඕ. චෝදනාව අතිශයින් හිතුවක්කාර අපහාසාත්මක එකකි. අද වන විට කිසියම් විකල්ප මතයක් දැරීම එන්.ජී. ඕ. කාරයෙකු යන අපහාසයට ගොදුරුවීමට හේතුවක්ව තිබේ. අමරසේකර , නලින් ද සිල්වා වැනි උදවියගේ සිට ගලබොඩඅත්තේ ඥානසාර දක්වා වූ බොහෝ අයට තමා අනුයන මතයට විරුද්ධ මතධාරීන්ට NGO හංවඩුව ගසනු ලැබේ. අමරසේකර ඇතුලූ ඔහුගේ අනුගාමිකයන් විසින් NGO චෝදනාව නගන බොහෝ උදවියට ලංකාවේ සමාජ සංවිධානය ගැන අධිපති මතවාදයට අයත් නොවන විකල්ප මතවාදයක් තිබේ. එවැන්නක් දැරීමට බුද්ධි ජීවීනට සිදුවන අතර එසේ දැරීමට ඇති අයිතිය ආරක්ෂා කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මුලික ලක්ෂණයකි. එය සුරැුකිය යුතු අයිතියකි.
අමරසේකර පිස්සුවෙන් මෙන් චෝදනා කරන මේ NGO කාර චෝදනාවට නිසි උත්තර ලබා දීමට හැකියාව තිබුණු වියතා අද ජීවතුන් අතර නැත. ඒ දිවංගත තිස්ස අබේසේකරයන්ය. ” ඔබම යෝජනා කළ ප‍්‍රඥා ප‍්‍රාසාදයේ ඔබවත් සිටින්නේදැයි සන්සුන් මනසින් විමසා බලන ලෙස තිස්ස අබේසේකර කළ ආරාධනාවේදී අමරසේකරට කට උත්තර නැති විය.
ඉතිහාසය යනු සමාජ විද්‍යා විෂයයකි. එහි මිනුම් ද`ඩු වෙනස් විය හැකිය. මහා වංශය යෝජනා කරන ඉතිහාසය තුළ ,ප‍්‍රායෝගික නොවන තර්ක බුද්ධියට නොගැලපෙන බොහෝ දේ ඇත. එවැනි දෑ ප‍්‍රශ්න නොකර ගෙඩිය පිටින් බාර ගන්නට බල කරන සමාජයක් සබුද්ධික සමාජයක් වන්නේ කෙසේද?
මෙවර ස්වර්ණ පුස්තක සම්මානයේ අවසන් වටයට තේරුණු මංජුල වෙඩිවර්ධන ලියු ”මගේ ආදරණීය යක්ෂණී” යනු සමාජ විද්‍යාත්මක කෘතියක් නොව පරිකල්පනයන් පදනම් කරගෙන බිහිවුණ නවකතාවකි. නවකතාවකවත් තමන්ගේ හෘද සාක්ෂියට ගැලපෙන සේ ඉතිහාස තතු විමර්ශනය කිරීමට ඇති අයිතිය සේන තෝරදෙණිය විසින් රාජ්‍ය ද්‍රෝහිත්වයක් දක්වා වර්ගීකරණය කරයි. ඉතින් රාජ ද්‍රෝහි වූවාමයයි කියමුකෝ. ඉතින් එහෙම වෙන්නට අයිතියක් ලේඛකයෙකුට නැද්ද?
බටහිර ලෝකයේ හෝ අවම වශයෙන් ඉන්දියාව මෙන්වත් ජාතික රාජ්‍යය නිර්මාණය කර ගැනීමට අසමත්ව සිටින අප වැනි රටක ජාතීන් වශයෙන් ඇති දුක් ගැනවිලි බොහෝය. එවැනි රටක මේ සියලූ හෙන ගෙඩිවලට හේතුව ඉතිහාසයේ වැරැුද්ද යයි සිතන්නෝද බුද්ධිමතුන් අතර බොහෝය. එවැනි ඉතිහාසයක් දෙස සංවේදි ලේඛකයෙක් වෙනස් විදිහට සිතීමේ ඇති වැරැුද්ද කුමක්ද? එසේ සිතීම නිසා ඔහුට රාජ ද්‍රෝහිත්වයේ ලේබලය ඇලවීම සාධාරණද? තෝරදෙණියද අමරසේකරද කරන්නේ එයයි.
ලාංකීය කලාකරුවෙකුට සිය නිර්මාණ සඳහා වස්තු විෂයයන් සෙවීමට සිදු වන්නේ මේ මඩ ගොහොරුවෙන්මය. කලින් කලට වෙනස්වන , නිරවුල් චින්තනයක් නැති අමරසේකර වැනි බුද්ධිමතුන්ද මේ මඩ ගොහොරුව නිර්මාණය කිරිමට දායක වූවෝ වෙති. මෙසේ සෑදු මඩ ගොහොරුවම නිල් මානෙල් විලක් ලෙස දකින ලේඛකයන්ද සිටිය හැකිය. එහෙත් තිස් අවුරුදු යුද්ධයක්, නොනවතින ඝාතන සම්ප‍්‍රදායක් , රාජ්‍යය සතු ස්වකීය මර්ධන යාන්ත‍්‍රණයක් වැඩි වර්ධනය කරගෙන ඇති රටක මේ බිහිසුණු තතු වලින් මිදිී නිර්මාණභ්‍යාස කළ හැකිද?
ස්වර්ණ පුස්තක සම්මාන උළෙල අරබයා කෙරෙන විවේචන, ලේඛකයන්ද වැටී ඇති බිහිසුණු ඉරණම කියාපායි. රටේ පාලකයෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අමු අමුවේ ඝාතනය කරන්නේ ඔවුන්ගේ තනි හයියෙන් නොවේ. අමරසේකර පන්නයේ දුෂ්ට බුද්ධිමතුන්ගේද සහයෙනි. අලූත් පරපුරක නිදහස් සිතුම් පැතුම් විසින් රටක් විනාශ වෙතැයි සිතන ඔවුනට පාලකයන්ගේ අත්වල ඇති ලේ දහරා නෙපෙනෙන්නේය.
අවසන් වශයෙන් කිව යුත්තේ ස්වර්ණ පුස්තක වේවා , ගොඩගේ සම්මාන වේවා රැුක ගත යුතු අගනා උත්සාහයන් බවය. එමගින් සාහිත්‍ය ප‍්‍රබෝධයක් ඇතිවී ඇති බව පිළිගත යුතුය. එහෙත් එසේ ඒවා පිළිගත යුත්තේ ඒවා සතු අඩුපාඩුකම්ද ඇති බව පිළි ගන්නා කොන්දේසියකට යටත්වය.
චන්ද්‍රරත්න බණ්ඩාර
2014-09 -24
Subscribe to:
Post Comments (Atom)
well said chadare
ReplyDelete