Thursday 28 August 2014

මහේලගේ සමු ගැනීම

        මහේල ජයවර්ධන යනු නාලන්දා විද්‍යාලයේ වසර අනූවක ඉතිහාසය තුළ බිහි කළ විශිෂ්ට ගණයේ ආදශිෂ්‍යයෙකි. එමෙන්ම ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ඉතිහාසයේ ප‍්‍රමුඛතා ගණනාවක් අත්පත් කරගත් කි‍්‍රකට් කී‍්‍රඩක මහත්මයෙකි. ඔහු තමන් නියැලි කී‍්‍රඩාව මගින් තම මව්බිම ලෝකයා හමුවේ කීර්තිමත් කිරීමට දායක වූවෙකි. කී‍්‍රඩා කෞෂල්‍යය තවමත් එසේම තිබිය  දී නිසිකල වයස පැමිණ පවත්නා වාතාවරණය මැනවිනකරටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් ඉවත් වීමට ඔහු තීරණය කොට තිබේ.

        මහේල ගැන සඳහන් කරන ඔහුගේ ගුරුවරුන් පුහුණුකරුවන් පවසන්නේ කි‍්‍රකට් පිටියේදීත් ඉන් පිටතදීත් මනා පෞරුෂයක් හා මහත්මා ගුණයක් පවත්වාගෙන යන, ගුරු - වැඩිහිටියන්ට ගරු කරන ආදර්ශමත් කී‍්‍රඩකයෙකු බවයි.

       තුන් ඉරියව්වෙන්ම හපන්කම් පෑ කි‍්‍රකට් කී‍්‍රඩකයෙකු වන මහේල ලෝක තරඟාවලි ගණනාවකදීම අසීරු තත්වයට පත්වූ තම කණ්ඩායම ඉන් මුදවා ජයග‍්‍රහණය කරා ගෙන යාමට සමත් විය. එමෙන්ම තම දක්ෂතාව හා ජ්‍යෙෂ්ඨත්වය අනෙකුත් නවක කී‍්‍රඩකයන්ට බාධාවක් නොකොට නිසි මඟපෙන්වන්නෙක් බවට පත්වීමට ඔහු සමත් විය. ඇන්ජලෝ මැතිව්ස්, ලසිත් මාලිංග වැනි ඔහුට ජ්‍යෙෂ්ඨත්වයෙන් අඩු කී‍්‍රඩකයන්ගේ නායකත්වය යටතේ ද සම සිතින් කී‍්‍රඩා කිරීමට තරම් මහේල නිහතමානි විය. තමාට ඉල්ලූමක් තිබෙන අවධියක කි‍්‍රකට් වැනි සෑම අතින්ම සරුසාර කී‍්‍රඩාවකින් සමුගැනීමට තීරණය කිරීමම ඔහු සතු විශිෂ්ටත්වය විදහා දක්වයි. මෙවැනි  විශිෂ්ට තීරණයක් ගත් ඉන්දියානු  කි‍්‍රකට් කී‍්‍රඩක සචින් ටෙන්ඩුල්කාර් අද ඉන්දියානු ජනතාවගේ මනස් තුළ දේව ප‍්‍රතිරූපයක්  නිමවා තිබේ. මේ විශිෂ්ටත්වයේ ප‍්‍රතිපක්ෂය අප රටේ නියෝජනය කරන්නේ කලක් විශිෂ්ට කී‍්‍රඩකයෙකුව සිටි සනත් ජයසූරියය.

       මහේල යනු ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩාවේ පුරාවෘත්තයක් යයි පවසා ඇත්තේ ප‍්‍රවීණ කී‍්‍රඩක රෝයි ඩයස් විසිනි. මහේල විසින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩාවට කර ඇති අනූපම සේවය මැනවින් අගය කරන ඔහු ටෙස්ට්, එක්දින හා 20-20 තරග සඳහා ද සම ලෙස දස්කම් පෑවෙකු බව රෝයි පවසයි. සංගක්කාර - මහේල සුසංයෝගය  ශී‍්‍ර ලාංකික කි‍්‍රකට් කී‍්‍රඩාවට අහිමිවීම දරාගත නොහැකි පාඩුවක් බව රෝයි ද සිල්වා තවදුරටත් සඳහන් කර සිටී.
ලෝක පූජිත කි‍්‍රකට් කී‍්‍රඩකයෙකු වන සුනිල් ගවස්කාර් පවසා සිටියේ මහේල කී‍්‍රඩා කරනු බැලීමට තමා සැතපුමක් පයින් යාමට වුවද සූදානම් බවයි.

     මේ සා විශාල ලංකා පුත‍්‍රයෙකු වූ මහේල ජයවර්ධනයන්ට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලය සලකන නැහැදිච්ච ආකාරය ඔබ මාධ්‍ය මගින් දැනටමත් දැක ඇතුවාට සැකයක් නැත. අප‍්‍රමාණ ධෛර්යයෙන් යුතුව තම කුසලතා ප‍්‍රදර්ශනය කරමින් උපයා දෙන ඩොලර් මිලියන ගණන් මුදල් පාලක මණ්ඩලය ලෙස කල්ලි ගැසුණු නිලධාරී රොත්ත ලජ්ජා නැතුව තම යහපත සඳහා වියදම් කරන අයුරු මාධ්‍ය මගින් නිතිපතා හෙළි දරව් කරමින් සිටී. එකී මණ්ඩලයේ එක් ප‍්‍රධානියෙක්  ඕස්ටේ‍්‍රලියාවෙන් සුඛෝපභෝගී නිවසක් ද එකී මුදලින් මිලදී ගත් බව කියැවෙයි.

     විශේෂයෙන් මහේල ජයවර්ධන හා කුමාර සංගක්කාර දක්ෂයන් පමණක් නොව පිරිසිදු මහත්වරුන් බව කවුරුත් දන්නා කාරණාවකි්. ඔවුන්ගේ මහත්මාකම මෑත කි‍්‍රකට් ඉතිහාසයේ කණ්ඩායමකට හමු වූ ඉතා විරල මුණ ගැසීමක් ලෙසද හැඳින්විය හැකියි. එහෙත්  ඔවුන්ට ඔවුන්ගේ මහත්මා කමටත් සිය මව්බිම වෙනුවෙන් කරන ලද දැවැන්ත සේවාවටත් නොසරිලන තරම් මදි පුංචිකම් කි‍්‍රකට් පාලක මණ්ඩලයේ ¥ෂිතයන් පමණක් නොව කී‍්‍රඩා ඇමතිවරයාද කර තිබෙන බව රහසක් නොවේ.

      මහේල ජයවර්ධනගේ කී‍්‍රඩක හා පුද්ගල විශිෂ්ටතාවයන් සමරන මේ මොහොතේ මහේලගේ අසමසම කළ්‍යාණ මිත‍්‍ර කුමාර සංගක්කාර ගැනද යමක් කිව යුතුයි. එ් දෙදෙනාගේ මිතුරුකම වුව කි‍්‍රකට් කී‍්‍රඩාවේ යහපතට හේතුවක් ලෙස සැලකිය හැකියි.

       සංගක්කාර මෑත කි‍්‍රකට් ඉතිහාසයේ බිහි කළ විශිෂ්ටතම උගතෙකු හා බුද්ධිමතෙකි. විශේෂයෙන් ඔහුගේ පාසලින්, මව් - පිය පරම්පරාවන්ගෙන්  පැමිණි විශිෂ්ට ගුණාංග රැුසක්ම ඔහු සතුයි. ඔහුගේ පවුලේ සමීපතම මිත‍්‍රයකු වන අපේ හිතවතකු  සංගක්කාර ගැන පැවසුවේ කුඩා කළ සිටම විෂයීය කටයුතුවලදී ඔහු පෑ දක්ෂකම්වලට අමතරව කියවීම ඔහු අද වනතුරු ඇත් නොහැර කරන කාර්යයක් බවයි. ඉඩ ලද හැම වේලේම කියවීමට කාලය යොමු කිරීම සංගක්කාරගේ සිරිතකි්. පස්වන ශ්‍රේණිය පමණ වන විට ු යක්කඩුවේ හාමුදුරුවන්ගේ ‘වනකතා’ වැනි පොත් කියවා හමාර කළ ඔහු අට වන ශ්‍රේණිය හමාර කරන විට ෂේක්ෂ්පියර් ගේ සියලූ කෘති කියවා හමාර කොට තිබුණි. කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට ඇතුළත්ව අධ්‍යාපනය හදාරමින් සිටියදී ශී‍්‍ර ලංකා කණ්ඩායමට තේරුණු ඔහු පැවති විභාගවලින් විශිෂ්ටත්වයක් අත්කර ගත්තේය. මගේ මිත‍්‍රයා සතුව තිබුණු  කෝටි ගණනක් වටිනා ජෝර්ජ් කීට් සිත්තරාණන්ගේ විශිෂ්ට සිත්තම් එකතුව මිලදී ගත්තේ සංගක්කාර විසිිනි්. චිත‍්‍ර ප‍්‍රදර්ශන පැවැත්වූ තරුණ චිත‍්‍ර ශිල්පීන්ගේ ඇතැම් චිත‍්‍ර නිසි වටිනාකම් ගෙවා ඔහු මිලදී ගත් බව මා සමග පැවසුවේ එකී චිත‍්‍ර ශිල්පීන් විසින්මයි. කවුරුත් නොදන්නා කාරණයක් නම් පසුගිය වසරේ පැවති සරච්චන්දු‍්‍ර සියවස් සමරු උත්සවයේ බරපැන දරා ඇත්තේ ඔහු බවයි. එහෙත් සංවිධායකයන්ට සංගක්කාර පවසා ඇත්තේ ඒ බවක් ප‍්‍රසිද්ධීයේ ප‍්‍රකාශ නොකරන ලෙයසි. මගේ ගෞරවනීය මිතුරා සතු විශිෂ්ට ගණයේ පුස්තකාලයද කවදා හෝ තමාට ලබාදෙන ලෙස සංගක්කාර ඉල්ලිමක් කොට තිබේ. සදාචාරය අතින් ද මව්බිමට ඇති ලැදියාව විසින් ද සංගක්කාර යනු එවන් තලයක හමු නොවන තරම් උදාර මනුස්සයෙකි. වරෙක මාධ්‍යවේදී වික්ටර් අයිවන් විසින් ලියා තිබුණේ ලංකාවේ තරුණ පරපුර සිය පරමාදර්ශය ලෙස සංගක්කාරව සලකන්නේ නම් එය රටට මහත් වැඩදායක කරුණක් වනු ඇති බවයි. ලංකාවේ කි‍්‍රකට් කී‍්‍රඩකයෙකුගේ අරගලය තේමා කරගෙන ඉංගී‍්‍රසියෙන් ග‍්‍රන්ථ කරණයේ යෙදෙන සිංහල ලේඛකයෙකු ලියන ලද නවකථාවකට පෙරවදන ලියා තිබුණේ කුමාර සංගක්කාර විසිනි. අුැතැම් විචාරකයන් කියා තිබුණේ නවකතාවට වඩා එකී පෙරවදන රසවත් හා වටිනා කියන බවයි.

        සංගක්කාර තවමත් තිස් හත් වන වියේ පසුවන තරුණයෙකි. ඔහුට කි‍්‍රකට් කී‍්‍රඩාවේ මහ  දෙවොල වන එංගලන්තයේ මෙල්බන් කී‍්‍රඩා සමාජයේදී කාල් කෞඩි‍්‍ර දේශනයකට ඇරයුම් ලැබුණි. එවකට ඔහුගේ වයස අවුරුදු තිස් තුනකි.  එදා ඔහු කළ දේශනය ඇසූ සාමිවරුන්ද බහුතරයක් සිටි පේ‍්‍රක්ෂාගාරය නැගිට අත්පොලසන් දෙමින් සංගක්කාරට ගෞරව කළේය. එමගින් ලංකාවටත්, ලංකාවේ කි‍්‍රකට් කී‍්‍රඩාවටත් ලැබුණු ප‍්‍රශංසාව කියා නිම කළ නොහැකි දෙයකි.

       එහෙත් එ් දේශනයේ ඇති කරුණුවලින් උරණ වූ කී‍්‍රඩා ඇමතිවරයා ලංකාවට ආපසු සංගක්කාරට විරුද්ධව විනය පරීක්ෂණයක් කරන බවට පවසා තිබුණත් ජනපතිගේ මැදිහත්වීමෙන්දෝ එය වැළකී ගියේය.
දේශපාලනය, ආගම දහම, සංස්කෘතිය, ව්‍යාපාරික ක්ෂේත‍්‍රය, ආදී මෙකී නොකී හැම දෙයක්ම ජරාජීර්ණව කුණු ග`ඳ ගසන විට ඒ මඬේම සංගක්කාර, මහේල වැනි සියපත් පිපුණේ කෙසේද යන්න ගැඹුරු සිතා බැලීමකට ලක්කළ යුතු කරුණුය.

      මගේ වැටහීමේ හැටියට නම් මහේල ජයවර්ධන හා කුමාර සංගක්කාර අද දවසේ ලංකාවේ සිටින විශිෂ්ටතම කී‍්‍රඩකයන් දෙදෙනායි. ඔවුන් කෙරේ වන විශාල පේ‍්‍රක්ෂක අනුග‍්‍රහය හා ජාත්‍යන්තර කිීර්තිය නිසා ඔවුන් කරා එන පීඩාවන්ගෙන් මිදී සිටියත් වෙනත් කී‍්‍රඩාවන්හි යෙදෙන දක්ෂ කී‍්‍රඩකයන්ට එවැනි පීඩාවන්ගෙන්  මිදී නොසැලී කී‍්‍රඩාවේ යෙදීමට ි හැකියාවක් නැහැ.

      පසුගියදා අවසන් වුණු එංගලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙලේ දී එකසිය ගණනක් වූ ශී‍්‍ර ලාංකික කී‍්‍රඩා කණ්ඩායමෙන් (තිස් ගණනක්ම නිලධාරීන්* දිනාගත හැකිවූයේ එක් රිදී පදක්කම්ක් පමණි. අපට වඩා පහළින් සිටින මොසැම්බික්, සූරිනාම්, සයිප‍්‍රස් වැනි රටවල් පවා අපට වඩා පදක්කම් ලබා ගත්තේ අප තව දුරටත් ලජ්ජා කරමිනි..

      කි‍්‍රකට් පාලක මණ්ඩලයට අති විශාල ධනස්කන්ධයක් කී‍්‍රඩකයන් විසින්ද, අනුග‍්‍රාහකයන් විසින්ද ලබා දුන්නත් පසුගිය කාලයේ එකී කී‍්‍රඩකයන්ට  පඩි ගෙවා ගැනීමට පවා බැරි බංකොලොත්භාවයකට පත්වී තිබුණි.  මේ තත්වයන් නිරාකරණය කොට  යහපත් මානසික තත්වයකින් කී‍්‍රඩාවේ  යෙදීමට අවස්ථාව සකසාදීම ඇමතිවරයාගේ වගකීම වුවත් ඔහු  කරන්නේ ¥ෂිත පාලක මණ්ඩලයේ පැත්ත ගැනීමය. කී‍්‍රඩා ඇමතිට අනුව යහපත් කී‍්‍රඩා තත්වයක් බලාපොරොත්තු වන කී‍්‍රඩකයන් පෙනෙන්නේ නාවලපිටියේ ආසනයේ විරුද්ධ පක්ෂයේ ඡුන්දදායකයන් පෙනෙන ආකාරයටයි.

      අද වන විට ලංකාවේ කී‍්‍රඩාව දේශපාලන ග‍්‍රහණයේ පීඩාවට පත්වී හැකිලී ගිය එකක් වී ඇත. ඒ සඳහා  ඇති හොඳම උදාහරණය ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවති  පොදු රාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙලේ දී අත් පත් වූ දරුණු පසු බෑමයි.  රජයේ වගකිව යුතු ඇමතිවරු සිය දහසක් වැඩ රාජකාරි අතර  කී‍්‍රඩා සංගම්වල සභාපති   තනතුරුද දරයි. විය යුත්තේ එය ද? එකී කී‍්‍රඩාවේ නියලූනු ප‍්‍රවීණ හා කාගේත් ගෞරවයට ලක් වූ තැනැත්තන් මෙකී තනතුරුවලට පත්විය යුතු නොවේද? රගර් කී‍්‍රඩාව  ජනපති පුත්තුන්ගේ ග‍්‍රහණයටත්, අනෙකුත් කී‍්‍රඩා ඇමතිවරුන්ගේ ග‍්‍රහණයටත්, අ¥රදර්ශී ඇමතිවරයකුගේ  ග‍්‍රහණයට සමස්ත කී‍්‍රඩාවමත් පත්ව ඇති තත්වයක් යටතේ රටකට අභිමානය ලබා දිය හැකි අගනා ක්ෂේත‍්‍රයක් වලපල්ලට  යනවා බලාසිටින්නට  අපට සිදුව තිබේ.

      පසුගියදා අවසන් වූ ත්‍ෂත්‍් ලෝක කුසලාන පාපන්දු තරඟාවලියට රටක් වශයෙන් අප ඇතුළත් වූයේ නැත. බොහෝ කලක් තිස්සේ ¥ෂිතයන්ගේ ග‍්‍රහණයට හසුව ඇති පාපන්දු කී‍්‍රඩාව ඉන් නොමිදී කවර කලක මුහුදින්  එතෙර ගොස් ජය ලබන්නද?

      සංවර්ධන කටයුතුවලින් කොමිස් ගැනීම බලගතු පගාවක් ගැනීම, කුඩු වෙළඳාමෙන් පොහොසතුන් වීම අපට තේරුම්ගත හැකිය. එහෙත් කී‍්‍රඩාව තම ගලග‍්‍රහණයට ගනිමින් තමන්ගේ තඩි බඩවල් හා පුෂ්ටිමත් ශරීර සමග කිසිදා නොපෑහෙන කී‍්‍රඩාව සමග මේ දේශපාලකයන් කරන සෙල්ලම හා ඉන් කරන විනාශය අප තේරුම් ගන්නේ කෙසේ්ද?

       එවන් වටාපිටාවක කී‍්‍රඩාවක් තුළින් රටේ පිපුණු අගනා පුෂ්පයක් ලෙස මහේල හැඳින්විය හැකිය.
ශී‍්‍ර ලංකාව අංශ දෙකකින් ලෝකයේ කතා බහට ලක්වේ. එකක් එල්ටීටීඊ සිය ඊළාම් යුද්ධය පිළිබඳ කි‍්‍රයාකාරකම් ලෝපතළ කිරීමෙනි. දෙවැන්න  අර්ජුන - අරවින්ද - මහේල - සංගක්කාර වැන්නෝ කි‍්‍රකට් කී‍්‍රඩාව හරහා ලෝකය දිනීමෙනි. පළමුවැන්න විනාශයෙනි. දෙවැන්න ජයග‍්‍රහණයෙනි.
මහේල ඔබ යුතුකම් ඉටු කළ දැවැන්තයෙකි. ඔබෙන් ඉගෙනීමට බොහෝ දේ ඇත්තේ කී‍්‍රඩකයන්ට වඩා දේශපාලකයන්ටය.

2 comments:

  1. තුන් ඉරියව්වෙන් හපන්කම් පෑ කියන එක වැරදියි. මහේල පන්දු යවන්නෙක් හැටියට දක්ෂකම් දැක්වුවෙ නෑ

    ReplyDelete
  2. ජාත්‍යන්තර වශයෙන් කීර්තියක් අත්කර දීම සහ හැකි පමණින් සාධාරන දේ වෙනුවෙන් පෙනී සිට තමුන්ගේ නම ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් මහේල සහ සංගක්කාර ඉදිරයෙන් ඉන්නවා. නමුත් ක්‍රිකට් ක්‍රීඩාව ඇතුලතින් බැලූ කල අනෙකුත් ක්‍රීඩකයින්ට මහේල සහ සංගක්කාර ගේ සැලකීම් ශ්‍රී ලංකාවේ සමස්ථ ක්‍රිකට් ක්‍රීඩාවට එකතු කලේ ධන ලකුනුම නෙමෙයි කියන මතය ඇතැමි අය දරනවා. සමහර කනිෂ්ඨ ක්‍රීඩකයින් මහේල සංගා යන දෙපලගේම දැඩි කැපිල්ලට ලක් වුනාය, එසේ නවකයින් දැඩි පීඩනයට ලක් වීම තුල මහේල සංගා නොමැති කල ලංකා කන්ඩායම අවධානමකට ලක්වෙනවාය කියන කාරණාව මේ කෂේත්‍රය තුල රැව්දෙන කතිකාවතක්..

    ReplyDelete