Tuesday 8 July 2014

කුරාණය පිළිබඳ විද්වත් කතිකාවක්





කුරාණය පිළිබඳ විද්වත් කතිකාවක් ඇරඹීම කවුරුන් කීවත් නතර කරන්නේ නැතැයි බොදු බල සේනා ප‍්‍රධානී ගලබොඩඅත්තේ ඥානසාර හිමි මාධ්‍ය හමුවේ පවසා ඇත. අනාදිමත් කාලයක සිට ලංකාවේ ජීවත්වන සුලූ ජනවර්ගයක් වූ මුස්ලිම් ප‍්‍රජාවට එරෙහිව, මෙකී භික්ෂුව කරන විවිධාකාර අඩන්තේට්ටම් නවත්වන බවක් පෙනෙන්නට නැත.
     බොහෝ ආගම් සාර ධාර්මික විග‍්‍රහයේදී ඇතැම් සමානකම් තිබුණත් ක‍්‍රමවේදීව ඇත්තේ ඒ ඒ ආගම්වලට විශේෂ වූ ඇවතුම් පැවතුම් පද්ධතියකි. ඒ අතින් ගත්කළ ඉස්ලාම් ධර්මයට ඇත්තේ ඉතා දෘඩ ඇවතුම් පැවතුම් පද්ධතියකි. ලොව පුරා සිටින මුස්ලිම් බැතිමත්හු ඒ දෘඩ දේවල් හොඳයි, සැපයි, ශාන්තයි කියා පිළිගනිති. දවසට පස්වතාවක් දෙවියන් නැමදීම ඉස්ලාම් ලබ්දිකයන් ලෙස  ඔවුන්ගේ ආගමික චාරිත‍්‍රයකි. අප වැන්නන්ට නම් හිතන්ටවත් බැරි මේ දුෂ්කර සිරිත  ඕනෑම ඉස්ලාම් භක්තිකයෙක් නොපිරි හෙලා ඉටු කරති. ඒ උදවියට අමාරුවක් නැති නම් අපට ඒ ගැන ඇති අමාරුව මොකක්ද?
      තමන්ගේ ආගමට කතිකාවතක් හදා ගන්නට බැරි බෞද්ධ භික්ෂූන් අනුන්ගේ ආගම්වල අභ්‍යන්තර දිග පළල හෙවීම ‘තක්කඩිකමක්’ හැර අන් කවරක්ද? මේ ලියන අවස්ථාවේ වීරකැටිය කොන්දගල පුරාණ විහාරයේ විහාරාධිපති නාරංදෙණියේ දීපානන්ද නැමති භික්ෂුව තම විහාරයේ පුරාණ චෛත්‍යයේ නිදන් හාරා අසුවී රිමාන්ඞ් හිරගෙදරය. බොදු බල සේනාවේම නායක භික්ෂුවක් කලකට ඉහත බීමතින් රියපදවා අසුවී අපරාධමය වරදක් කොට උසාවියෙන් දඩ කා ඇත. හෙළ උරුමයේ ප‍්‍රාරම්භක අවස්ථාවේ මන්තී‍්‍ර පදවියක් දැරූ ගම්පහ පළාතේ භික්ෂුවක් කුඩා දරුවන් රැුසක් අපයෝජනය කොට දඩුවම් ලැබීය. රුවන්වැල්ලේ සෝභිත ආදී නානාප‍්‍රකාර භික්ෂු ගනයා ගැන නොදන්නේ කවරහුද? මෙවැනි තත්වයක් යටතේ ඉස්ලාම් ධර්මයේ කතිකා සම්පාදනය කරන්නට යන්නේ කවර කාරණයකටද?
       ඇත්තටම ලංකාවේ බුදු සමයට සංවිධාන ව්‍යුහයක් නැති ගාණය. සියල්ල සිදු වන්නේ ඥානසාර හාමුදුරුවන්ගේ අණපරිදිය. ඔහු අපගේ ස`ග රජුද?
      තවත් ආගමිකයන් පිරිසක් වෙනත් ආගමක අභ්‍යන්තරික සීමාවන්ට ඇතුලූවීම අශීලාචාරකමක් පමණක් නොව අනීතික කි‍්‍රයාවක්දවේ. යම්කිසි රටක ආගමක් මගින් මහජන යහපතට අවැඩක් වේ නම් ඒවා වැලැක්වීම රජයකට කළ හැකිය. එහෙත් එය වෙනත් ප‍්‍රචංඩ කණ්ඩායමකට පැවරීම කළ හැකිද?
      බොදුබල සේනා සංවිධානයට ශක්තිය ධෛර්්‍යය ලැබෙන්නේ ආණ්ඩුවෙන් බව ප‍්‍රචලිත කතාවයි. වෙන ශක්තියක් නොව ආණ්ඩුව ඔවුන් කෙරේ දක්වන හුරතලයම මෙවැනි සංවිධානයක පැවැත්මට ප‍්‍රමාණවත්ය. ඒ හුරතලයත් , නූගත් ජනයාගේ කැවුතු උණු කරවන කතා ශෛලියයත් අප‍්‍රමාණ බලයක් ඔවුනට ලබාදෙයි. බොදු බල සේනා වැනි විනාෂකාරී සංවීධානවල මහජන බලය වන්නේ ඔවුන්ය. 1983 දෙමළ ජාතිකයන්ට අයත් කඩ කැඩූ සිංහල ලූම්පන් පිරිසත් , අලූත්ගම මහ විනාෂයක් කළ පිරිසත් අතර කිසිදු වෙනසක් නැත. ඔවුන් පැවත  එන්නේ එකම මූලයකිනි. මෙවැන්නන්ගේ පේස් බුක් හමුදාව පාවිච්චි කරන කුණුහරුප දෙස බලන්න. ඒ ඔවුන්ගේ සංවාද භාෂාවයි.මෙවැනි පිරිසකට නායකත්වය දිීමට අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛති‍්‍රය හිමිපාණන් වැන්නනට නොහැකිය. ඒ සඳහා සුදුසුකම් ඇත්තේ බොදුබල සේනා, රාවණා බලය, සිංහල රාවය වැනි සංවිධාන වල අමුතු බණ දෙසන නායක හිමිවරුනට පමණි.
      අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛතී‍්‍රය හිමියෝ මෙසේ පවසා ඇත. ”ජාතිවාදියාට අතීතයද නොපෙනේ. වර්තමානය හෝ අනාගතයද නොපෙනේ.” 

3 comments:

  1. හරි ෂෝක් ලිපියක්. ලංකාවේ කෙමෙන් වර්ධණය වෙන අන්වාදී මුස්ලිම් ආක්‍රමණය ගැනත් මේ වගේ ලිපියක් ලියලා දාන්න පුලුවන් නම් තවත් ෂෝක්. හැබැයි වැඩේ කියන්නේ සමහරුන්ට එහෙම අන්තවාදී කොටසක් ලංකාවේ ඉන්නවා කියලා පේන්නේ නැහැ. අන්තවාදී සිංහල බෞද්ධයෝ පිරිසක් ඉන්නවා කියලා නම් හැමෝටම පේනවා. මොකද මන්දා.

    ReplyDelete
  2. Niranjan,

    mememai. me wage articles liyana ayata one pora wenna. e kiyanne mamat Jatiwadeta wiruddawa liyana porak kiyala pennanna. tamange jatiyata agamata ratata adarayak nati ayagen metawada deyak balaporottu wenna baha. meka samahara sinhalayange jana wala tiyena prashnayak.

    my name is chamara

    ReplyDelete
  3. ela chamara uba hari me wage wada keriyangen meeta wada deyak leben ne

    ReplyDelete