Wednesday 20 November 2013

බුදු සසුනේ බටහිර උත්පත්තිය


               විසි එක්වන සියවසින් ගෙවී ගොස් ඇත්තේ තවමත් දහතුන් වසරක් පමණකි. එහෙත් එ් දහතුන් වසර තුළ මේ සියවසේ අනාගතය සඳහා ‘පටුනක්’ සකසා පෙරවදනක් ද ලියා ඇතැයි අනාගතය ගැන විමසීම සිය විෂයය බවට පත් කර ගත්තෝ පවසති. එක්කෝ සම්පූර්ණ වෙනසකට නැත්නම් පවත්නා තත්වයේ දීර්ඝ පිම්මක් සඳහා මේ සියවසේ ඉතිරි දශක හත හමාර සූදානම්ව සිටී.
               අපේ රටේ ජීවත් වූ විශිෂ්ට විද්‍යා ලේඛකයා වූ ආතර් සී ක්ලාක් කළ ඇතැම් පුරෝකථනයන් ස්ථිරසාර භාෂිතයන් ලෙස පිළිගන්නා අති විශාල විද්වතුන් පිරිසක් ඇමෙරිකාවේ කැනඩාවේ හා යුරෝපයේ සිටී. කෙසේ වෙතත් ලෝක යුද්ධ දෙකක්, අභ්‍යන්තර සිවිල් යුද්ධ ගණනාවක් තුළින් මානව ජීවිතවලට හා මානව ධර්මතාවලට වූ මිනිය නොහැකි හානිය නිසා අනාගතය එසේ නොවන ලෙස සකසා ගැනීමේ උත්සාහයක සෑම ක්ෂේත‍්‍රයකම විද්වතුන් පෙරමුණ ගනු ඇති බව මෙම අනාගතය පිළිබඳ අනාවැකි කියන විද්වතුන්ගේ අදහසයි.
               අනාගත ධනවාදයේ සූරාකෑමෙන් ඇතිවන පීඩාවන් සමනය කිරීම සඳහා ආගමික බලපෑමක් එල්ලවනු ඇතැයි ඒ අනාවැකි කියන විද්වතුන්ගේ අදහසය. ආතර් සී ක්ලාක් පවසා ඇති පරිදි බුදු දහම එම නමින්ම නොවෙතත්, එහි හර පද්ධතිය අනාගත විශ්ව සමාජය තුළ ස්ථාපිත වනු ඇත. එ් ස්ථාපිත වීම සිදුවන්නේ තාක්ෂණයේ කලාවේ හා දේශපාලන අර්ථක‍්‍රමයේ ද මනා සංයෝජනයක් තුලිනි.
                  2008 වසරේ බරක් ඔබාමා බලයට පත්වීම ලෝකයේ අනාගතය පිළිබඳ සංකේතයක් ලෙස හඳුනාගත හැකියි. ඔහු මුස්ලිම් උරුමයක් තිබූ කළු ජාතික සම්භවයක් සහිත විද්වතෙක්. කළු ජාතිකයන් වහල් මෙහෙයේ යෙදෙවීම වළක්වන පනත රිපබ්ලිකන් පක්ෂයෙන් ඉදිරිපත් කරන විට එයට එරෙහි වූයේ ඩිමොක‍්‍රටික් පක්ෂයයි. එපමණක් නොව එ් මානුෂිය පනත ගෙන ආ රිපබ්ලිකන් පාක්ෂික ජනාධිපති ලින්කන් මරා දැමුයේ ද ඩිමොක‍්‍රටික් හිතවාදි සහචරයකු විසිනුයි. (මේ කථා පුවත ීඑැචය්බ ීචසැකඉැරට අධ්‍යක්ෂණය කළ ඛසබජදකබ චිත‍්‍රපටයෙන් අපූර්ව ලෙෂ නිරූපිතයි.* එහෙව් ඩිමොක‍්‍රටික් පක්ෂය තුළින්ම ඔබාමා වැනි කල්ලෙකු ජනාධිපති විය හැකි ලෙස තත්ත්වය වෙනස් වී ඇත. යුක්තිය - සාමය - බෙදා හදා ගැනීම :න්‍මිඑසජැ - ඡුැ්ජැ -ීය්රසබට* ඔබාමා පාලනයේ හරයයි. ඔහු සිය දෙවන කාර්තුවේදී රටවල් අතර යුද්ධ සඳහා මැදිහත් වීම අතහැර ත‍්‍රස්තවාදය වැළැක්වීමට පමණක් අරමුණු කරනු ඇත යන්න  ි ඇතමුන්ගේ අදහසයි.
                ලෝක මහබලවතාගේ හොඳ අතට සිදුවූ මේ අමාරුම වෙනස්වීම විසින් අනාගතය පිළිබඳ පුරෝකථනකරුවන්ගේ අනාවැකිවලට විශාල අගයක් ලබා දී තිබේ. බුදුන් දවස වූ ආගමික සංහිඳියාව පිළිබඳ මතකයන් යළි අවුලූවන දලයි ලාමා තුමන්ගේ දේශනා සඳහා බටහිර අන්තයේ රටවල ජනයා උනන්දුවෙන් සහභාගිවන අයුරු මම මගේ දෑසින්ම දැක ඇත්තෙමි. උන් වහන්සේගේ එක් දේශනයක් කෙළවර නැගී සිටි සුදු ජාතික තරුණයෙක් ‘මට බුදු දහම වැළඳගන්න අවශ්‍යයි. ඒ සඳහා මා කළ යුත්තේ කුමක්ද?’යි අසා සිටියා. උන් වහන්සේ මද සිනා නගමින් පැවසුවේ ‘ඔබ ඔබේ ආගමේ හර පද්ධතිය අවබෝධ කරගෙන එයට අනුකූලව ජීවත් වෙන්න. එවිට ඔබ නියම බෞද්ධයකු වේවි.’ එ් වචන කිහිපය වෙත සභා ගැබ දැක්වූ ප‍්‍රමෝද ජනක ප‍්‍රතිචාරය මම සියැසින් දුටුවෙමි.
                සමාජවාදය ලෝක දැක්මක් ලෙස එයට හිමි කාර්යභාරය අවසන් වී නැතත් එහි විකෘති එළඹුම විසින් ධනවාදයට අනාගතය භාර දී තිබෙනවා. එහෙත් ධනවාදය විසින් ප‍්‍රජාව මත යොදන අයහපත විශේෂයෙන් සූරා කෑම, ක‍්‍රමයෙන් හීන කොට මානව දයාවේ ඉම් කරා යාමට ආගමික බලපෑම විශාල බලපෑමක් කර තිබෙනවා.
                   වියට්නාමයේ උපත ලද සෙන් බෞද්ධ භික්ෂුවක් වන තිච් නාත් න් ගුරුවරයෙකු ග‍්‍රන්ථ කතුවරයකු හා කවියෙකු ලෙස බුදු දහම තුළින් ගලා එන සංහිඳියා ධාරාව බටහිර ලෝකයට බෙදමින් සිටිනවා. දකුණු ප‍්‍රංශයේ ප්ලම් නැමති ගම්මානයේ :ඡුකමප ඪසකක්ටැ* සිය ආරාමික ජීවිතය ගත කරමින් බටහිර ලෝකයේ සංචාරය කරන ඔහු භාවනාව හරහා ස්ව සන්ථානය ජයගෙන එය ලෝක සංහිඳියාව ජයගැනීමේ මාර්ගය ලෙස කියා දෙනවා. බටහිර කි‍්‍රස්තියානි සමාජයේ මේ බෞද්ධ භික්ෂුව තබා ඇති බෞද්ධ මුද්‍රාව අතිෂය ජයග‍්‍රාහි එකක්.  . 

උන්වහන්සේ ලියූ එක කෙටි කවියක  අනුවර්තනයක් මෙසේය.
සෑම අදියරකම ගැබ්වේය සාමය
රක්ත වර්ණිත හිරු මඬල මා හදවතය
සෑම මලක්ම මල් කිනිත්තක්ම මා හා සිනාසේ.
හරිත වර්ණව සාමය රැුඳුනු තැන්වල  පිවිතුරුව සියල්ල වැඩෙයි
සීතලට මුදු ලෙස හුළං හමයි
සාමයේ අගය හා එහි අදියරයන් වටහාගත් දිනෙක
නිමක් නැති මාවතක් හමුවේ සැනසීම නම්වූ

             බුදු දහම අන්ධ විශ්වාසයක් (Docma) දක්වා  පල්ලම් බසිමින් සිටින අපේ රටේ එ් අගනා දහමේ නිර්මාණශීලී හා සංහිඳියා ගුණය සොයා යාමට වෙහෙසෙන විද්වතුන්ගේ හා නිර්මාණවේදීන්ගේ අඩුව කැපී පෙනෙනවා. එහෙත් බටහිරට ඇදී ගිය ආසියාතික බෞද්ධ පඬිවරු හා යතිවරු බටහිර සමාජයේ දැනටත් පවත්නා ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා අදහස් ප‍්‍රකාශ කිරීමේ අවකාශය පුළුල්ව ප‍්‍රයෝජනයට ගනිමින් අර්ථවත් සමාජ ප‍්‍රගමනයකට දායක වෙනවා.
             දලයි ලාමා තුලින් හෝ තිච් නාත් හෙන් අගයන උන්වහන්සේලාගේ දේශනා අසන භාවනාවට යොමු වුන බටහිර ජනයා තම ආගමෙන් වියෝ නොවීම ඒ කටයුතුවල නිරත වෙනවා. එසේ කළ හැකි සංහිඳියාවක් බුදු දහම තුළ තිබෙනවා. යුද්ධ කළ කෝලාහලවලට මුල් වූ එක් හේතුවක් වූයේ එක ආගමක් පරයා තව ආගමක් ස්ථාපිත කිරීමට දරන වෑයමයි. එහෙත් බුදු දහම අරබයා එය එසේ නොවන බව දලයිලාමා වැනි ශ්‍රේෂ්ටයන් බටහිර ලෝකයාට පෙන්වා දී තිබෙනවා. ඒ බලගතු මෘදු බව ලොව ස්ථාපිත අන් කිසිදු ආගමකට ඇතැයි මම නම් නොදනිමි. ගැටලූව වන්නේ මේ බුදු දහමේ ඥාන භාණ්ඩාගාරයෙන් ගලා එන මේ සංහිඳියා ගුණය ලාංකීය බෞද්ධයෝ නොදැන සිටීමයි.
               යුද්ධ කෝලාහලවලට තුඩු දෙන අවි ආයුධ ප‍්‍රහාරක ජෙට් යානා තැනූ තාක්ෂණය මානවයාගේ ජීවිත සුරක්ෂිත භාවය කරා යොමු වනු ඇතැයි අනාගතය ගන විද්‍යාත්මක කරුණු හෙළි පෙහෙළි කරන  කර්ස්වෙල් පවසනවා.  මානව යුක්තිය ද ඒ සමග උදාවනු ඇතැයි ඔහු තවදුරටත් පවසනවා. බුදු දහමේ බටහිර ව්‍යාප්තියද මේ ගමනට පිටු වහලක් වනු නිසැකය.
චන්ද්‍රරත්න බණ්ඩාර

No comments:

Post a Comment