Wednesday, 20 November 2013

බුදු සසුනේ බටහිර උත්පත්තිය


               විසි එක්වන සියවසින් ගෙවී ගොස් ඇත්තේ තවමත් දහතුන් වසරක් පමණකි. එහෙත් එ් දහතුන් වසර තුළ මේ සියවසේ අනාගතය සඳහා ‘පටුනක්’ සකසා පෙරවදනක් ද ලියා ඇතැයි අනාගතය ගැන විමසීම සිය විෂයය බවට පත් කර ගත්තෝ පවසති. එක්කෝ සම්පූර්ණ වෙනසකට නැත්නම් පවත්නා තත්වයේ දීර්ඝ පිම්මක් සඳහා මේ සියවසේ ඉතිරි දශක හත හමාර සූදානම්ව සිටී.
               අපේ රටේ ජීවත් වූ විශිෂ්ට විද්‍යා ලේඛකයා වූ ආතර් සී ක්ලාක් කළ ඇතැම් පුරෝකථනයන් ස්ථිරසාර භාෂිතයන් ලෙස පිළිගන්නා අති විශාල විද්වතුන් පිරිසක් ඇමෙරිකාවේ කැනඩාවේ හා යුරෝපයේ සිටී. කෙසේ වෙතත් ලෝක යුද්ධ දෙකක්, අභ්‍යන්තර සිවිල් යුද්ධ ගණනාවක් තුළින් මානව ජීවිතවලට හා මානව ධර්මතාවලට වූ මිනිය නොහැකි හානිය නිසා අනාගතය එසේ නොවන ලෙස සකසා ගැනීමේ උත්සාහයක සෑම ක්ෂේත‍්‍රයකම විද්වතුන් පෙරමුණ ගනු ඇති බව මෙම අනාගතය පිළිබඳ අනාවැකි කියන විද්වතුන්ගේ අදහසයි.
               අනාගත ධනවාදයේ සූරාකෑමෙන් ඇතිවන පීඩාවන් සමනය කිරීම සඳහා ආගමික බලපෑමක් එල්ලවනු ඇතැයි ඒ අනාවැකි කියන විද්වතුන්ගේ අදහසය. ආතර් සී ක්ලාක් පවසා ඇති පරිදි බුදු දහම එම නමින්ම නොවෙතත්, එහි හර පද්ධතිය අනාගත විශ්ව සමාජය තුළ ස්ථාපිත වනු ඇත. එ් ස්ථාපිත වීම සිදුවන්නේ තාක්ෂණයේ කලාවේ හා දේශපාලන අර්ථක‍්‍රමයේ ද මනා සංයෝජනයක් තුලිනි.
                  2008 වසරේ බරක් ඔබාමා බලයට පත්වීම ලෝකයේ අනාගතය පිළිබඳ සංකේතයක් ලෙස හඳුනාගත හැකියි. ඔහු මුස්ලිම් උරුමයක් තිබූ කළු ජාතික සම්භවයක් සහිත විද්වතෙක්. කළු ජාතිකයන් වහල් මෙහෙයේ යෙදෙවීම වළක්වන පනත රිපබ්ලිකන් පක්ෂයෙන් ඉදිරිපත් කරන විට එයට එරෙහි වූයේ ඩිමොක‍්‍රටික් පක්ෂයයි. එපමණක් නොව එ් මානුෂිය පනත ගෙන ආ රිපබ්ලිකන් පාක්ෂික ජනාධිපති ලින්කන් මරා දැමුයේ ද ඩිමොක‍්‍රටික් හිතවාදි සහචරයකු විසිනුයි. (මේ කථා පුවත ීඑැචය්බ ීචසැකඉැරට අධ්‍යක්ෂණය කළ ඛසබජදකබ චිත‍්‍රපටයෙන් අපූර්ව ලෙෂ නිරූපිතයි.* එහෙව් ඩිමොක‍්‍රටික් පක්ෂය තුළින්ම ඔබාමා වැනි කල්ලෙකු ජනාධිපති විය හැකි ලෙස තත්ත්වය වෙනස් වී ඇත. යුක්තිය - සාමය - බෙදා හදා ගැනීම :න්‍මිඑසජැ - ඡුැ්ජැ -ීය්රසබට* ඔබාමා පාලනයේ හරයයි. ඔහු සිය දෙවන කාර්තුවේදී රටවල් අතර යුද්ධ සඳහා මැදිහත් වීම අතහැර ත‍්‍රස්තවාදය වැළැක්වීමට පමණක් අරමුණු කරනු ඇත යන්න  ි ඇතමුන්ගේ අදහසයි.
                ලෝක මහබලවතාගේ හොඳ අතට සිදුවූ මේ අමාරුම වෙනස්වීම විසින් අනාගතය පිළිබඳ පුරෝකථනකරුවන්ගේ අනාවැකිවලට විශාල අගයක් ලබා දී තිබේ. බුදුන් දවස වූ ආගමික සංහිඳියාව පිළිබඳ මතකයන් යළි අවුලූවන දලයි ලාමා තුමන්ගේ දේශනා සඳහා බටහිර අන්තයේ රටවල ජනයා උනන්දුවෙන් සහභාගිවන අයුරු මම මගේ දෑසින්ම දැක ඇත්තෙමි. උන් වහන්සේගේ එක් දේශනයක් කෙළවර නැගී සිටි සුදු ජාතික තරුණයෙක් ‘මට බුදු දහම වැළඳගන්න අවශ්‍යයි. ඒ සඳහා මා කළ යුත්තේ කුමක්ද?’යි අසා සිටියා. උන් වහන්සේ මද සිනා නගමින් පැවසුවේ ‘ඔබ ඔබේ ආගමේ හර පද්ධතිය අවබෝධ කරගෙන එයට අනුකූලව ජීවත් වෙන්න. එවිට ඔබ නියම බෞද්ධයකු වේවි.’ එ් වචන කිහිපය වෙත සභා ගැබ දැක්වූ ප‍්‍රමෝද ජනක ප‍්‍රතිචාරය මම සියැසින් දුටුවෙමි.
                සමාජවාදය ලෝක දැක්මක් ලෙස එයට හිමි කාර්යභාරය අවසන් වී නැතත් එහි විකෘති එළඹුම විසින් ධනවාදයට අනාගතය භාර දී තිබෙනවා. එහෙත් ධනවාදය විසින් ප‍්‍රජාව මත යොදන අයහපත විශේෂයෙන් සූරා කෑම, ක‍්‍රමයෙන් හීන කොට මානව දයාවේ ඉම් කරා යාමට ආගමික බලපෑම විශාල බලපෑමක් කර තිබෙනවා.
                   වියට්නාමයේ උපත ලද සෙන් බෞද්ධ භික්ෂුවක් වන තිච් නාත් න් ගුරුවරයෙකු ග‍්‍රන්ථ කතුවරයකු හා කවියෙකු ලෙස බුදු දහම තුළින් ගලා එන සංහිඳියා ධාරාව බටහිර ලෝකයට බෙදමින් සිටිනවා. දකුණු ප‍්‍රංශයේ ප්ලම් නැමති ගම්මානයේ :ඡුකමප ඪසකක්ටැ* සිය ආරාමික ජීවිතය ගත කරමින් බටහිර ලෝකයේ සංචාරය කරන ඔහු භාවනාව හරහා ස්ව සන්ථානය ජයගෙන එය ලෝක සංහිඳියාව ජයගැනීමේ මාර්ගය ලෙස කියා දෙනවා. බටහිර කි‍්‍රස්තියානි සමාජයේ මේ බෞද්ධ භික්ෂුව තබා ඇති බෞද්ධ මුද්‍රාව අතිෂය ජයග‍්‍රාහි එකක්.  . 

උන්වහන්සේ ලියූ එක කෙටි කවියක  අනුවර්තනයක් මෙසේය.
සෑම අදියරකම ගැබ්වේය සාමය
රක්ත වර්ණිත හිරු මඬල මා හදවතය
සෑම මලක්ම මල් කිනිත්තක්ම මා හා සිනාසේ.
හරිත වර්ණව සාමය රැුඳුනු තැන්වල  පිවිතුරුව සියල්ල වැඩෙයි
සීතලට මුදු ලෙස හුළං හමයි
සාමයේ අගය හා එහි අදියරයන් වටහාගත් දිනෙක
නිමක් නැති මාවතක් හමුවේ සැනසීම නම්වූ

             බුදු දහම අන්ධ විශ්වාසයක් (Docma) දක්වා  පල්ලම් බසිමින් සිටින අපේ රටේ එ් අගනා දහමේ නිර්මාණශීලී හා සංහිඳියා ගුණය සොයා යාමට වෙහෙසෙන විද්වතුන්ගේ හා නිර්මාණවේදීන්ගේ අඩුව කැපී පෙනෙනවා. එහෙත් බටහිරට ඇදී ගිය ආසියාතික බෞද්ධ පඬිවරු හා යතිවරු බටහිර සමාජයේ දැනටත් පවත්නා ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා අදහස් ප‍්‍රකාශ කිරීමේ අවකාශය පුළුල්ව ප‍්‍රයෝජනයට ගනිමින් අර්ථවත් සමාජ ප‍්‍රගමනයකට දායක වෙනවා.
             දලයි ලාමා තුලින් හෝ තිච් නාත් හෙන් අගයන උන්වහන්සේලාගේ දේශනා අසන භාවනාවට යොමු වුන බටහිර ජනයා තම ආගමෙන් වියෝ නොවීම ඒ කටයුතුවල නිරත වෙනවා. එසේ කළ හැකි සංහිඳියාවක් බුදු දහම තුළ තිබෙනවා. යුද්ධ කළ කෝලාහලවලට මුල් වූ එක් හේතුවක් වූයේ එක ආගමක් පරයා තව ආගමක් ස්ථාපිත කිරීමට දරන වෑයමයි. එහෙත් බුදු දහම අරබයා එය එසේ නොවන බව දලයිලාමා වැනි ශ්‍රේෂ්ටයන් බටහිර ලෝකයාට පෙන්වා දී තිබෙනවා. ඒ බලගතු මෘදු බව ලොව ස්ථාපිත අන් කිසිදු ආගමකට ඇතැයි මම නම් නොදනිමි. ගැටලූව වන්නේ මේ බුදු දහමේ ඥාන භාණ්ඩාගාරයෙන් ගලා එන මේ සංහිඳියා ගුණය ලාංකීය බෞද්ධයෝ නොදැන සිටීමයි.
               යුද්ධ කෝලාහලවලට තුඩු දෙන අවි ආයුධ ප‍්‍රහාරක ජෙට් යානා තැනූ තාක්ෂණය මානවයාගේ ජීවිත සුරක්ෂිත භාවය කරා යොමු වනු ඇතැයි අනාගතය ගන විද්‍යාත්මක කරුණු හෙළි පෙහෙළි කරන  කර්ස්වෙල් පවසනවා.  මානව යුක්තිය ද ඒ සමග උදාවනු ඇතැයි ඔහු තවදුරටත් පවසනවා. බුදු දහමේ බටහිර ව්‍යාප්තියද මේ ගමනට පිටු වහලක් වනු නිසැකය.
චන්ද්‍රරත්න බණ්ඩාර

Saturday, 9 November 2013

බටහිර අන්තය- ලක්බිම 2013-11-07


කැනඩාවේ ‘මනෝ’ ලකුණ
         කුඩාවට ආරම්භ වුණු කැනඩාවේ සිංහල ජනගහණයේ ව්‍යාප්තිය දැන් හතළිස් දහස ඉක්මවා සිටින බව කැනේඩියානු ආණ්ඩුවේ ජන සංඛ්‍යා ලේඛන පවසයි. මේ ව්‍යාප්ති කාලය වශයෙන් ගත් කළ හැට වසරද ඉක්මවා ගොසිනි. මේ සිංහල ජනයා  අතරින් නොරකට හුරුවීමේ දී ඔවුන් ලද කටුක හා මිහිරි අත්දැකීම් සමුදායක් සොයා ගත හැකිය.
         මේ හතළිස් දහසින් අඩකට වැඩි ප‍්‍රමාණයක් කැනේඩියානු සංස්කෘතිය මුළුමනින්ම වැළඳගෙන එයටම අනුගතව වෙසෙති. ඔවුන්ගේ මුල් භාෂාව වන සිංහලය අමතක වෙන්නට ඉඩහැර ඇත. ඔවුන්ගේ පසු  පරම්පරා නම් සිංහල දන්නේම නැති තරම්ය.
           එහෙත් තව කොටසක් මව් බිම පිළිබඳ මතකයන්ගෙන් ඈත් නොවී සිංහල ගී අසමින්, වීඩියෝ මාර්ගයෙන් සිංහල චිත‍්‍රපට, ටෙලිනාට්‍ය ආදිය බලමින් සිය මව්බිම හා බැඳුනු පෙකෙණි වැල නොසිඳ පවත්වාගෙන යති. එමෙන්ම කලා සංස්කෘතික සංවිධායකයන් විසින් වරින් වර මෙරටට ගෙන්වන සිංහල නාට්‍ය හා සංගීත ප‍්‍රසංග විසින් මව්බිමේ මතකය රඳවා ගැනීමට මෙරට ජීවත්වන්නන්ට ලබා දෙන්නේ අපූරු උපකාරයකි.
            සිව්වතාවක්ම මෙරටට පැමිණ නන්විධ කලා ප‍්‍රසංග පවත්වා කැනේඩියානු සිංහල සංස්කෘතික ජන මනස තුළ විශේෂ හැඟීමක් ඇති කළ කලාකරුවෙකි ආචාර්ය ජයලත් මනෝරත්න. ඔහුගේ වරින් වර වූ ආගමනයන් විසින් සිංහල රංග කාර්යයන් කෙරෙහි රොද බැඳගත් පේ‍්‍රක්ෂක ප‍්‍රජාවක් ටොරොන්ටෝව හා ඔහු ආ ගිය නගර තුළ බිහිව ඇතැයි කීම නිවැරැුදිය.
           අප විසින් සංස්කරණය කොට ප‍්‍රකාශයට පත් කරන යාත‍්‍රා පුවත්පතේ පස්වන සංවත්සරය අරබයා විශේෂ ආරාධිතයා ලෙස ආරාධනා ලැබුවේ ආචාර්ය ජයලත් මනෝරත්නයන්ය. කරුණා රසයෙන් පූරණය වූ එම ප‍්‍රාසාංගික දේශනය ටොරොන්ටෝ රසිකයන්ට කලාව ගැනත් විශේෂයෙන් නාට්‍ය කලාව හා සාහිත්‍ය ගැනත් බලවත් හැඟීමක් ජනිත කිරීමට සමත් විය.. ඊට පෙරාතුව පුත‍්‍ර සමාගම නාට්‍ය සමගත්, අනතුරුව මෙහි ජීවත්වන ප‍්‍රවීන සිනමා රංගන ශිල්පි අජිත් ජිනදාසගේ 50 වන ඡුන්ම දින සැමරුමට සමගාමීව පැවැත් වූ ජවනිකා ප‍්‍රසංගයටත් මනෝරත්නයන් පැමිණියේය. මෑතක දීම එතුමන් කැනඩාවට පැමිණියේ කේ.බී. හේරත්ගේ මායාදේවි දර්ශන වාර කිහිපයක් සඳහාය.
                       මනෝරත්නයන් යනු නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ කොහක කෝරළයේ දෙහිපේ් ගම්මානයේ උපත ලබා ඒ පළාතේම පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉසුරුබර ස්වර්ණමය අවධියේ එහි මැනවින් ශාස්ත‍්‍ර ප‍්‍රගුණ කළ විද්‍යාධරයෙකි. එදා ඔහු උත්පත්තික පරිසරයෙන් ලද ගැමි ජන මනස නිර්මාණ ලෝකයේ දී අති සාර්ථක නිර්මාණ සමූහයක් ඔස්සේ විදාරණය කළ හෙයින් දයානන්ද ගුණවර්ධනගෙන් පසු එතුමන් අනුදත් ජනරංගයේ ඊළඟ තැන සිට ගැනීමට ආචාර්ය මනෝරත්නයන්ට හැකිවිය.
                    මේ උත්තුංග නිර්මාණවේදියා බටහිර අන්තයට පැමිණ තම ජීවිතයේ අත්දැකීම් සමුදාය හෘදයාංගම බස්වහරකින් එළි දක්වන විට මව් බිම පිළිබඳ සෙනෙහස පිරි මතකය දල්වා ගැනීමට මෙහි සිටින සිංහලයන්ට පහසුවෙන් හැකියාව ලැබේ. මනෝගේ හඬ හා මනෝගේ රංගය යනු ලංකාවේ සමාජයේ ආත්මය දැන හඳුනා ගැනීමට විවර වන මාවතක් බව ඔවුන් විශ්වාස කරයි. මනෝ කැනඩාවට පැමිණ මෙරට ජීවත්වන සිංහල  ජනයා සමග ගැවසෙමින් ඔවුන් හා දක්වන කුලූපගකම කලාකරුවන් හා පේ‍්‍රක්ෂකයන් අතර සබඳතාවයන්ගේ නව මානයන් සටහන් කරනවා යයි මම සිතමි.
                 මනෝරත්නයන් යනු පරිසමාප්තියට පත් කලාකරුවකුය යන්න මගේ අදහසය. සතතාභ්‍යාසය අතිනුත්, නිර්මාණ උල්පත් පිළිසිඳ ගැනීම අතිනුත්, බහුශ‍්‍රැත බව අතිනුත්, ඔහු ඉහළම තලයක සිටී. බොහෝ උදවිය ඔහුට පෙරයුගයේ නළුවන්ට ඔහු සමාන කළත් මනෝ යනු තමන්ගේම වූ අනන්‍ය සාධාරණ ගුණ සහිත දැවැන්ත කලාකරුවෙකි. විශ්වවිද්‍යාලයත් නාට්‍ය රංගනවේදියකුට ආචාර්ය උපාධියත් පිරි නැමීම වනාහි ලංකාව තුළ සිදු නොවූවකි. ඉනුත් විශ්වවිද්‍යාල අතරින් අග‍්‍ර විශ්වවිද්‍යාලය සේ සැලකෙන පේරාදෙණි විශ්වවිද්‍යාලය මගින්ම එය ඉටු කිරීම මනෝරත්නයන්ට කළ උපහාරයක් පමණක් නොව තමන් බිහිකළ අග‍්‍රගන්‍ය ශිෂ්‍ය රත්නයක් උදෙසා බුහුමන් පිරිනැමීමෙන් විශ්වවිද්‍යාලය සතු පීතෘ ගුණයද ප‍්‍රකට කළේය. එමෙන්ම තමන්ගේ රංග කලා ජීවිතයෙන් උකහා ගත් දැනුම ආශ‍්‍රයෙන් ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයට ඉදිරිපත්  කළ ආචාර්ය උපාධි නිබන්ධනය ද මහත් වූ ගවේෂණයක්ද ගැඹුරුතර ඥාන විමංසනයක්ද සහිත සිය රංග කලා  අත්දැකීම්වල බුද්ධිමය ඵලයක්ද බව සැලයි. එම නිබන්ධනය පිළිගැනීම මගින් ලංකාවේ ද්විතික ආචාර්ය උපාධිලත් බහුශුතයන් අතළොස්ස ගනයට මනෝද ඇතුළත් වේ.
              මේ සියලූ කාරණා සැලකිල්ලට ගනිමින් ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ කැනේඩියානු සහෘද සමාජය විසින් එතුමන්ගේ නිර්මාණ සංරක්ෂණය කරමින්  එතුමන්ගේ බුද්ධිමය ධාරිතාව සමාජයට බෙදාහැරීම, ඔහුට නිර්මාණ උල්පත් සැපයූ සිය  පාසල හා විශ්වවිද්‍යාලය ඇසුරෙන් දක්ෂයන් හඳුනාගෙන ඔවුන්ට උපකාර කිරීම, ජනරංගය තේමා කර ගනිමින් එ් සඳහා වන විද්වතුන් දිරිගැන්වීම ආදි බොහෝ කාරණා පෙරදැරි කරගෙන  ‘ආචාර්ය ජයලත් මනෝරත්න භාරය’ දියත් කිරීමට උත්සාහ දරමින් සිටී. කැනඩාවේ පේරාදෙණි විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ගේ සංගමය ආදි සංවිධානද එ් සඳහා උපකාර කිරීමට එකඟව සිටී.
              මනෝරත්නයන් ආඩම්බරයෙන් කියන්නේ නාට්‍ය ජීවිතය පුරා ඉසුඹුවක් නොලැබ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ සිට තරුණ චාමික හත්වැල්ල දක්වා සියලූ නිෂ්පාදකයන් සියල්ල යටතේ තමන් රඟපෑ බවයි. මකරා නිෂ්පාදක චාමික හත්වැල්ලට හෝ සුද්දෙක් ඔබ අමතයි නිෂ්පාදක උදයසිරි වික‍්‍රමරත්නට හෝ මනෝ යනු රංග කලා ගුරුවරයෙකි. එහෙත් ඔහුගේ ගුරු ගුණ පිරි දැනුම එ් තරුණයන්ට අත්වාරු කොට සිංහල නාටකයේ ප‍්‍රගමනයට දායක කරයි. එවැනි මනෝ පිදිය යුත්තෙක් නොවේද?
හැට පස් හැවිරිදි මනෝ සිය ජීවිතයෙන් හතළිස් හත් වසරක් රංගනයේද එ් ආශි‍්‍රත කි‍්‍රයාකාරකම්වලද යෙදුණේය. ඔහුගේ පරම්පරාවට අයත් බොහෝ උදවිය නව නිර්මාණයකට අත නොගසා උකටලීව බලා සිටිද්දී මනෝ වසරකට දෙකකට සැරයක් නාට්‍යයක් නිෂ්පාදනය කරයි. මෑතකදී ඔහු ‘සෙල්ලම් නිරිඳු’ නිර්මාණයට අත ගසා ඇත. එ් ඔහුගේ ආධ්‍යාත්මයේ බලපෑමය.
\චන්ද්‍රරත්න බණ්ඩාර