චන්ද්රරත්න බණ්ඩාර

ඔබේ පළමු නවකතාව(1990), කෙටිකතා සංග්
රහය (1990) සහ කේවල කාව්
ය සංග්
රහය (1991) නිකුත් වෙන්නේ එකම කාල සමයක. මේ ශානර තුනේම එකවර නියැළෙන්න, ඊට පෙර ඒ සාහිත්
ය ශානර සමඟ ඔබ සිටියේ කිනම් අභ්
යාසයක ද?
අපි ලේඛන ජීවිතයට ඇතුළු වෙන්නේ සමාජීය වශයෙන් සීමාකාරී සාධක ගණනාවක් අප වටා ඇති සමයක. වසන්ත ඔබේසේකරගේ ‘වල්මත්වූවෝ’ චිත්රපටය ඔබට මතක ඇති. එහි රැකියා විරහිත තරුණයන් සිව්දෙනාගෙන් කෙනෙකු තමන් ලියූ පොත පළකරගන්න විදිහක් නැතිව ළතවෙනවා. ඔහු තමයි දිවි තොරකරගන්නෙත්. චිත්රපටයට ප්රස්තුත වන හැත්තෑ ගණන් අග සමයේ පොතක් පළකරගැනීම ලේසි නැහැ. ඒ තත්ත්වය අප සාහිත්ය ක්ෂේත්රයට නිශ්චිතව පයගහන අනූව දශකය මැද දක්වාම එහෙමයි. යෞවනයන් වශයෙන් අපට සිනමාවට අවතීර්ණ වීමට තිබූ සිහිනය විවෘත ආර්ථිකයේ අක්රමවත් පැමිණීම හා වාර්ගික යුද්ධය ආරම්භයේ අපගේ සාමූහිකත්වය විනාශ වීම මත බිඳ වැටෙනවා.
එතනදි කවියට තමයි එදා පැවැති ආර්ථික තත්ත්වයන් යටතේ ප්රකාශන මාධ්යයක් ලෙස අපට ඇතුළු විය හැකි පුංචි දොරක් හරි තිබුණේ. මමත්, කපිල එම්. ගමගේ, චූලාභය හේරත් හා විෂ්ණු වාසු එක්ව කළ ‘අසික්කිතයාගේ සිහිනය’ කවි පොතේ තියෙන කුඩාකම, හැඩය ආදිය පවා අපේ ආර්ථික අපහසුතා නියෝජනය කරනවා. මෙය පළවූ සමාන්තර කාලයකම මම ‘කැණිමඬල ගිනිගත්දා’ හා ‘මෙරු’ කෘති අර්ධ වශයෙන් ලියා තිබුණා. එහෙත් ඒවා නිම නොකළේම ප්රකාශනයට ඇති අපහසුතා නිසා.
නුවර ජීවත් වූ මම අසූ ගණන් මුල භාගයේ කොළඹ එනවා. අසූවෙ කණ්ඩායමේ නාට්ය නිෂ්පාදන ක්රියාවලියේ නිරීක්ෂකයෙකු ලෙස ඔවුන් සමඟ ගැවසෙනවා. නාට්ය නම් වූ ඒ දැවැන්ත ක්රියාවලිය තුළ සාර්ථක වීමට තරම් ධෛර්යයක් මා සතුව නැති බව එතනදි මට වැටෙහනවා. ඒ කාලයේ මා ලියමින් සිටි කෙටිකතා කෘතියට සත්ගුණවත් ප්රකාශකයෙකු මුණගැසෙනවා. ඒ සේනාරත්න වීරසිංහ මහත්තයා. ඊළඟට නවකතාවට පුස්තකාල සේවා මණ්ඩලයේ අනුමැතිය ලැබෙනවා. ඒ සඳහා අවශ්ය ධෛර්යය නොඅඩුව දුන්නේ මහාචාර්ය සරත් විජේසූරිය මහත්තයා. ඊට සමාසන්න කාලයකදීම අවිධිමත්ව ප්රකාශයට පත්කළ ‘අසික්කිතයාගේ සිහිනය’ කෘතියේ මගේ කවි පංති කිහිපයත් තව කවි පංති කිහපයකුත් කැටිකොට ‘මෘත රංගනය’ කාව්ය සංග්රහය ප්රකාශයට පත් කරනවා. එය මගේ පළමු විධිමත් කාව්ය සංග්රහය. මේක තමයි සමාන්තර කාල වකවානුවක කෙටිකතා පොත, නවකතාව හා කාව්ය සංග්රහය නිකුත් වීමේ නිධාන කතාව.

දැන් ඔබේ ප්
රධාන ප්
රකාශන මාධ්
ය නවකතාව නිසා කවිය සහ කෙටිකතාව මඟහැරිලා ද?
‘විමන් දොරකඩ’ හැර අනෙකුත් නවකතා සාර්ථක වන විට නවකතාව මගේ නිශ්චිත සාහිත්ය නවාතැන බව මට වැටහුණා. ඇගයීම් වශයෙනුත් තෘප්තිමය වශයෙනුත් මගේ නවකතාව සාර්ථක වුණා. නිර්මාණ ක්රියාවලියට අදාළ සිතුවිලි රටාව එහෙම නැත්නම් මාර්ගය සුව පහසු එකක් වුණේ නවකතා රචනයේදී. මගේ සුවිසල් අත්දැකීම් ලෝකය භාව විරේචනයකට ලක්කරමින් ඒවාට මගේ ආත්මයට දැනෙන අගයක් දෙන්න හැකි වුණේ නවකතාව නැමැති කලා මාධ්යයේදී. කිසියම් ආකාරයකට ආත්මීය වශයෙන් පරිහානිගත වෙමින් තිබුණු මගේ ජීවිතයට නැවත ආලෝකය ගෙනාවේ නවකතාව.
මගේ නවතම කෙටිකතා සංග්රහය ‘සීලවතී සින්ඩ්රෝමය’ වුනත් බිහිවෙන්නේ නවකතාමය පරිකල්පනයක් ඇතුළෙ. නවකතාවක තියෙන මහා පරිසමාප්තිය ඒවායේ නැතත් කිසියම් චූල පරිසමාප්තියක් මේ කතා සංග්රහයේ කෙටිකතාවල තියෙනවා. එමෙන්ම කියවීම තුළින්ම උකහා ගත් නව කෙටිකතා නිර්මාණ තාක්ෂණයක් මා නිපදවා ගත්තා. එය සාර්ථක වී ඇති වග පාඨක ප්රතිචාරවලින් පෙනෙනවා.
ඒත් මගේ කවියට අත්ව තියෙන්නේ නම් ඛේදජනක ඉරණමක්. එය තවම මගේ ‘ප්රේමණීය අවකාශය’ තුළ සිරබත් කනවා. කිහිප වරක්ම කවි පොතක් ප්රකාශනය කිරීමට ලෑස්ති වුණත් නව කවීන් මා පසුකර ගිහින් කියා මට හිතෙනවා. එහෙත් උත්සාහය අතහැරලා නැහැ. කඳු මුදුනක ඇති පහන් ටැඹක් වූ ආරියවංශ රණවීර වැනි කවීන්ගේන් ආලෝකය ලබා ගනිමින් මම තවම කවි ලියනවා. අනෙක මා අන්දමන්ද කරන තරමේ නූතන කවියක් බටහිර නිශ්පාදනය වෙලා. ඒ සියල්ල අතරේ මගේ කවිය දුප්පත් කියන හීනමානය මා පසුගාමී කවියෙක් කරලා.

අපේ මේ සංවාදයට හේතුවෙන්නෙ ඔබේ නවතම කෙටිකතා සංග්
රහය. ඔබ කෙටිකතාවක් ලිවීම ආරම්භ කරන්නේ ඔබේ කතාව සම්පූර්ණයෙන් මනසේ ලිවීමෙන් පසුව ද? නැතිනම් ලියාගෙන යද්දි කතාව ගලාගෙන එනවා ද?
මගේ නිර්මාණ ලිවීමේ කටයුත්තේදී සැකසෙන්නක්. තේමාව මා සොයා ගන්නේ එදිනෙදා සමාජයේ හැසිරීමේදී. ‘පාන්කිරිත්තා’ කෙටිකතාවට අදාළ තේමාව ලබාගත්තේ ප්රකට නීතිඥයෙකු සමඟ සාද සැන්දෑවක නිරතවෙද්දී ඔහුගෙන් කියවුණු දෙයක් ඇසුරෙන්. එක්තරා ප්රකට නිළියක් තේමා කරගෙන නවකතාවක් ලියන්න යෝජනා කළේ නිමල් ඒකනායක මිත්රයා. එවැන්නකින් සමාජ දේශපාලනික අරුතක් මතුකරන්න අපහසු බවක් මට දැනුණා. එහෙත් ඇගේ ජීවිතයේ අවසන් භාගයේ ඇගේ ප්රේමණීය ජීවිතය හෙලිදරව් වන විට මා සසල වුණා. එය තමයි ‘පෙම් කැකුළු’ කෙටිකතාව. තේමාව කොහෙන් කෙසේ ලැබුණත් මගේ කෙටිකතාව මගේ ලිවීමේ ක්රියාවලියේම කොටසක්.

ඔබේ මනසට චරිත ඇතුල් වුණාම, ඒ චරිත එකිනෙකට වෙනස් ආකාරයෙන් ගොඩනගද්දී, ඔබ මුහුණ දෙන අභියෝග මොනවා ද?
ඒ චරිත මගේ අත්දැකීම් ලෝකයට පළමුව ඇතුළු කරගන්නවා. මට හමුවූ හා අධ්යයන විෂය ක්ෂේත්රයන් තුළ දී හමුවූ (පියාසර සමයේ විජේවික්රම මහත්මිය වැනි) චරිත ක්රියාත්මක වෙන්න ඇත්තේ මෙහෙම යැයි යන පරිකල්පනයක් ලිවීමේ ක්රියාවලියේදීම සිදුකෙරෙනවා. සාමාන්යයෙන් මගේ නිර්මාණ තුළ ජීවත්වෙන චරිත සියල්ලන්ම පාහේ මගේ ඇතුළු ජීවිතයට පිවිස ඒ සියල්ල එයට පෙර තිබූ ආගන්තුක භාවයෙන් මිදෙනවා. එවිට ඔවුන්ද සහභාගි වෙන සාමූහික ක්රියාවලියක් ලෙස මගේ ලියවිල්ල ක්රියාත්මක වෙනවා. මගේ පොත් තරමක් විශාල වෙන්න බලපාන එක හේතුවක් කියලා මට හිතෙන්නේ මගේ නිර්මාණ විෂයයේදී අත්වි`osන ඒ සාමූහික ක්රියාවලිය තුළ ඉම් පෙදෙස් විශාල වීම විය හැකියි.

ඔබේ නවකතාවල හමුවන ප්
රබල සංස්කෘතික ගැහැනිය සීලවතී සින්ඩ්
රෝමයේදී හමුවෙන්නේ නැහැ...
ඔබ එහෙම කියනකොටයි මටත් එය වැටහුණේ. එහෙත් මං ඔබට යෝජනා කළොත් සීලවති සින්ඩ්රෝමයේ සීලවතී, ‘පාන්කිරිත්තෝ’ හි, සමකාමී ස්ත්රීන් දෙදෙනා සහ ‘පෙම් කැකුළු’ හි වියපත් වන නිළිය ගැන. අනෙක ස්ත්රියක් විශේෂ කොටගෙන ඇය ප්රබල කිරීමේ දැනුම්වත් ස්ත්රීවාදී ලක්ෂණ මගේ නිර්මාණවලට ඇතුළු කිරීමට මා වෙහෙසෙන්නේ නැහැ. සමහර විට එදිනෙදා දිවි සැරියේදී මට ආකර්ෂණය වූ චරිත ඇසුරෙන් ප්රේමානිශංස නවකතාවේ ‘නිරූ’" වලාකුළු බැම්මේ ‘සෙල්වි’" පියාසර සමයේ ‘මිලංකා’ නිර්මාණය වුණේ. එහෙත් ඔවුන් සතු සංස්කෘතිකත්වය කිසියම් තනි ගැහැනියකට පමණක් අයත් දේ නෙවෙයි. අඩුම වශයෙන් දෙතුන් දෙනෙකුගේවත් සාමූහික නිරූපණ.

සීලවතී සින්ඩ්
රෝමයේ ඉන්න සීලවතී වැනි එක් පිරිමි ආත්මයක් වෙනුවෙන් තමන්ගේ ආධ්
යාත්මය පුදා, ඔහු වෙනුවෙන් පෙරුම්පුරන ගැහැනුන් ඔබට සැබැවින්ම හමුවී තියෙනවා ද?
ඔව්. රූමත් බව ඇතුළු කලාංග සම්පූර්ණ වයස්ගත අවිවාහක ගැහැනුන් මට අනන්තවත් හමුවී තියෙනවා. ඔවුන් සිය පවිත්ර ප්රේම පරමාදර්ශය මත්තේ සිය අනාගතය තෘප්තිමත්ව ගලා යන්නට ඉඩදී තියෙනවා. මවෙත දීර්ඝකාලීන කණස්සල්ලක් නිර්මාණය කරමින් එහෙම ස්ත්රියකගේ ආනුභාවයට ලක්වුණු අතීතයක් මට පවා තිබුණා. එවැනි චරිත නිර්මාණකරුවෙකුට නිර්මාණ උරගල්.

සුපුරුදු ලෙස ඔබේ මේ කෙටිකතාවලත් ‘ප්
රේමය’ ප්
රබල සාධකයක්. ඔබ මීට පෙර මා සමඟ කළ සාකච්ඡාවකදී පැවැසුවා නවකතාවක මිහිරක් ඇති කළ හැකි දේ අතර ස්ත්
රී-පුරුෂ ආදරය තරම් මිහිර කැඳවාගත හැකි අන් යමක් ලොවේ නැති බව. නමුත් මේ කෙටිකතා සංග්
රහයේ දෙවැනි කෙටිකතාව ‘පාන්කිරිත්තෝ’ ස්ත්
රී සමරිසි ප්
රේමයක් ගැන කියන කතාවක්. සමරිසි ප්
රේමය ලංකාවේ අද උණුසුම් මාතෘකාවක්. ඇයි ඔබ මෙවැනි කෙටිකතාවක් ලිව්වේ...
සමරිසි ප්රේමයත් ප්රේමයම තමයි. ‘සීලවතී සින්ඩ්රෝමය’ කෙටිකතාවේ කුල ධුරාවලියේ උස් පහත් නියෝජනයක් සහිත තරුණිය හා තරුණයාගේ ජීවිතවල ඛේදවාචකය නිර්මාණය වෙන්නේ ඔවුන්ගේ ප්රේමයේ අඩුපාඩුවක් නිසා නෙවෙයි. බාහිර සමාජයේ පසුගාමී බව හේතුවෙන්. ‘පාන්කිරිත්තෝ’ කෙටිකතාවේ ඒ සමරිසි පෙම්වතුන් ඛේදවාචකයකට මුහුණ දෙන්නේත් ඒ පසුගාමී සමාජ බලවේග හේතුවෙන්මයි.
පුරාතන සමාජයේ සියල්ලෙන් සශ්රීක අඩවිය ලෙස ග්රීක යුගය හඳුන්වනවා. එහි සමරිසිභාවය ස්ත්රී-පුරුෂ සබඳතාවන්ට සමාන්තර ඇගයුමට ලක්වුණා. මහා ඇලෙක්සැන්ඩර් පවා එවැන්නෙක්. එකල උසස් සමාජයට අයත් ආයතන පද්ධති තුළ හා කලාවේ සමරිසි භාවයට තැනක් තිබුණා. ග්රීක ප්රතිමා හැඩතලවල ස්ත්රී-පුරුෂ සම්මිශ්රණය දෙස බලන්න. අපේ රටේ නම් මේ විරෝධය ප්රමුඛ වශයෙන් දේශපාලනිකයි' ලංකාවෙන් දැන් විශාල වශයෙන් සමරිසි ස්ත්රීන් හා පුරුෂ යුවළ පැමිණ සරණාගතභාවයට අයැදුම් කරන බව කැනඩාවේ සිටින සරණාගත නීතිඥයෙකු මට පැවසුවා.

‘පෙම් කැකුල’ කෙටිකතාවේ ඇතැම් චරිතවලින් සැබෑවටම ජීවත් වූ චරිතවල හැඩතල දකිනවා, හඬ ඇසෙනවා...
ඒ නිළි චරිතය ගොඩනගන්නේ, සැබෑවටම මහා නිළි චරිත තුනක් ඇසුරෙන්. හොලිවුඩ් නිළි ජෙනිෆර් ලෝපෙස්ගේ ලාබාල පෙම්වතා සමඟ තිබුණු අනුරාගි සබඳතාවත් මට ඒ සඳහා බලපෑවා. අර මුලින් කියපු එක් චරිතයක් හැර අනෙක් චරිත දෙකම දේශපාලන වට වළල්ලේ කැරකුණු උදවියනේ. සාමාන්යයෙන් නළු නිළියෝ අනෙක් කලා මාධ්යයන්ගේ නිරත උදවියට වඩා මිනිස් ජීවිතවලට කරන බලපෑම වැඩියි. විශිෂ්ට යුගයකට අයත් නන්දා මාලනී, සුජාතා අත්තනායක වැනි උදවිය සිය හඬ පෞරුෂයම සිය වෘත්තීය ජීවිතයේ පැවැත්ම බවට පත්කර ගත්තා. එහෙත් අද එහෙම නෙවෙයි, ගායිකාවත් නිළියෙක් වගේ පෙනී සිටින්නයි උත්සාහ දරන්නේ. ඒ තමයි නළු-නිළි ප්රතිරූප අපට කර ඇති බලපෑම. ‘පෙම් කැකුළු’ කතාවේ ඇමැතිවරයා එල්ලෙන්නෙත් ඒ ප්රතිරූපයේ.

ඇයි ඔබ මේ කෙටිකතා සංග්
රහය ‘සීලවතී සින්ඩ්
රෝමය’ ලෙසින් නම් කළේ...
ජීවිතයේ කිසියම් බලපෑම් සහගත දෙයක් හෝ සිදුවීමක් එතැන් සිට සිය ජීවිතයට බද්ධව ජීවිත කාලය පුරා එහි බලපෑමේන් අත්මිදිය නොහැකිව අනාගතය කරා ඒ සමග කැටුව යාම (Running together) විද්යාත්මකව සින්ඩ්රෝමය ලෙස හඳුන්වනවා. එය ග්රීක වචනයක්. සීලවතී ඇගේ සමාජීය තත්ත්වය අනුව වහා නිශ්ක්රීය කළ හැකි චරිතයක්. එහෙත් ඇයට පෙම් කළ ඔහුගේ ප්රේමණීය පරිකල්පන ලෝකය හැඩගැහීම ඔහුගේ ළමා වියේ සිටම ආරම්භවීමත්, සමහර විට බාධක මැද නිරන්තරව ආතතිමය වශයෙන් පැමිණි ගමනත් (සාලිය-අශෝකමාලාමය?) මේ සින්ඩ්රොම් තත්ත්වය ඇති කරන්න ඇති. මට මේ නම හිතට ආවේ ප්රකට ‘ස්ටොක්හෝම් සින්ඩ්රෝම්’ යන ව්යාධි තත්ත්වය ගැන දැනගත්තාට පසුවයි.

මේ කෙටිකතාවල කථකයා බොහෝ විට වින්දිත චරිතයක්. ඒ චරිත කියවද්දි දැනෙන දේ තමයි මිනිසුන්ගේ තෘප්තිය රැඳී තියෙන්නේ ලැබීම් හෝ නොලැබීම් මත නොවන බව. ඔබ විශ්වාස කරන විදිහට මිනිසුන්ගේ තෘප්තිය රැඳී තියෙන්නේ කොතැන ද? තෘප්තිය සොයායුත්තේ ආගමික දර්ශනයන්ගෙන් ද?
අතෘප්තියේ වෙහෙස දරාගන්න අපහසුයි. මං හිතන්නේ සියලු ශ්රේෂ්ඨ දේ බිහිවන්නේ ඒ බර දරා ගැනීමට බැරි මිනිසුන් අතින්. සිද්ධාර්ථ ගෞතම, කාල්මාක්ස්, සොක්රටීස් සිට අද දක්වා වෙනස් මඟක යන්නෝ එහෙම තමයි. ආගමික මාර්ගයේ ගොස් තෘප්තිය හොයාගත් අය ඉන්නවා. ඔවුන්ගේ පැහැදුල් චින්තනය පුළුල් විෂය පරාසයක විහිදෙන ප්රකාශ ඒ බව සනාථ කෙරෙනවා. දළයි ලාමා, ඕෂෝ, සද්ගුරු එවැන්නන්ට ජීවමාන උදාහරණ. එහෙමට සශ්රීක ජීවිත ගත නොකළත් වාමාංශික දේශපාලන ධාරාවේ නියුක්ත එවැන්නෝ මට හමු වී තියෙනවා. ඔවුන් තුළ කිසියම් ප්රභාෂ්වරයක් තියෙනවා. තෘප්තිමත් මිනිසුන් බිහිවීමට ආගමික දර්ශනයන් පමණක් නොව දේශපාලනය, කලාව, ගවේෂණය, විද්යාත්මක නියැළීම් ආදී හැම එකක්ම බලපානවා. හැබැයි ප්රේමය නම් අතෘප්තිය හා තෘප්තිය එකට අත්වැල් බැඳගත් අමුතු දෙයක්.

සංවාදය - ලක්මාල් බෝගහවත්ත
(2026/02/01 සතිඅග අරුණ)