Wednesday 2 October 2024

දේ.වි.ගාල්ලගේඃ උපකාරක- සුඛ දුක්ඛ - අර්ථඛ්‍යායි - අනුකම්පක මිත්‍රය


 



දේ.වි.ගාල්ලගේ සොහොයුරාගේ උපන්දිනය ඊයේට යෙදී තිබුණි. ඔහුගේ වයස කීයක්දැයි මා දන්නේ නැතුවා සේම එය අසන්නට බලාපොරොත්තුවක්ද නැත. කලාකාරයෝ කැලැන්ඩර් කාලය කෙතරම් ගෙවී ගියත් සදාකාලික තාරුණ්‍යයම භුක්ති විඳින හෙයිනි ඒ. දේ.වි.යනු සත්‍යගරුක, හෘද සාක්ෂියේ ඇණවුමට අනුව කටයුතු කරන, අතිෂය පරිත්‍යාගශීලී, මානවයෙකු බව ඔහුගේ ඇසුරට වැටුණු තිස් අවුරුද්දකට වැඩි කාලය තුළ මා අවබෝධ කරගත් දෙයකි. කියන්නට ඇති දෙය නොපැකිළව පවසන ඔහු ඒ දේ වෙනුවෙන් පෙනී සිටී. 

නොබෝදා නිකුත් වූ මගේ 'පියාසර සමය' නවකතාව සංස්කරණයේදී මා ඔහුගේ බහට මුළුමනින්ම අවනත වූයේ ඒ දෙන උපදෙස් සියල්ල 'කළ්‍යාණ මිත්ථතාවෙයෙන්' ම කරන යෝජනා බව මා දැන සිටි හෙයිනි. ඒ සඳහා ඔහු මිනිස් පැය තුන්සියයක් පමණ වැය කරන්නට ඇතැයි මම අනුමාන කරමි. 

ජීවිතයේ අසරණ භාවය දැනෙන විට ඒ බව මුළුමනින්ම පවසා හදවත නිවාගන්නට හැකි මිතුරන් දුලබය. මට සිටින එවැනි දුලබ මිතුරෙකි දේ.වි.. ඔහු නිසා මට තවත් යහපත් මිතුරන් බොහෝ ගණනක් මට මුණගැසිනි. එය කවර තරම් භාග්‍යයක්ද?


දේ.වි.ට සිය සාහිත්‍ය ජීවිතය, සමාජීය ජීවිතය හා පවුල් ජීවිතය අපමණ සාර්ථකත්වයට පත්වෙන සුබ උපන්දාවක් වේවා!