"යම් තැනෙක,
බිතු සිතුවමක් පතුරු ගලවා වැටේ ද,
යම් තැනෙක,
සිත්තමක අවසාන ජීවය නැතිව යනතුරු
එහි ශෝභාව අඩු වී යයි ද,
එහෙත් ඒ හැම මොහොතක ම
පීඩා විඳින්නෙක් ඇත.
ඔහුගේ පැතුම,
සෑම කැබැල්ලක් ම
බිත්තියෙහි යළි අලවා සිටුවා
සෑම වර්ණයක් ම
බදාමයෙන් නොගැලවේවා කියායි.
බූරුවෙකුගේ පා පහරින් මැරී යන සිංහයෙකු පරිද්දෙන්
එහි සිටින්නේ
පුරාණ කලා විශාරදයෙකුගේ
දැදුරු වූ උදාර ආත්මයයි."
දෙගල්දොරුව විහාරයේ සිතුවම් ප්‍රතිසංස්කරණ ශිල්පියෙකුගේ නොසැලකිල්ල ගැන ඉහළ නිලධාරියෙකුට ආනන්ද කුමාරස්වාමි විසින් කළ පැමිණිල්ලේ කොටසක පරිවර්තනයකි ඉහතින් දැක්වෙන්නේ......
වීර වික්‍රමාන්විත ඔබේ වීර චාරිකාව,දෙගල්දොරුව ආස්‍රිත අපේ ගම් පියසවල් සිසාරා කෙරුණකි. ඔබ මට ආවේශ වූයේ කවදා දැ යි මට මතක් කළ හැකිය. ඒ ' උඩරට ප්‍රධානීන්ට විවෘත ලිපියක්' මැයෙන් වූ ලිපිය කියවූ දා සිටය. ඒ කුමාර දිෂ්ඨිය මගේ සාහිත්‍ය හා අධ්‍යාපනික ජීවිතය කැළැඹීය. අසූ ගණන්වල ඔබේ ලේ නෑකම් සහිත මී මිනිපිරියක් අපේ සේ්වාස්ථානයට එංගලන්තයේ සිට ඉගිල්ලී ආවාය. සමසක් පමණ කෙටි කාලයක් අප සියල්ල වෙත සුන්දර මතක රැසක් ඉතිරි කරමින් ආපසු කොහේදෝ ඉගිල්ලී ගියාය.
'ප්‍රේමානිශංස' හි 'නිරූ' නිරූපනයට ඇගේ ගති ලක්ෂණ ද මවෙත තරමක් බලපෑවේය.
ආනන්ද කුමාරස්වාමි නැමැති ඔබ ගැන මට විශේෂයෙන් කියා දුන් කෙනෙක් නැත. එහෙත් ඔබ මගේ ලෝකයේ සදා ආලෝකිත පහන් ටැඹකි. ඒ ආලෝකය 'ප්‍රේමානිශංස' ලිවීමට මවෙත ආවේෂය සැපයී ය.
අද ඔබගේ 145 වන ජන්ම දිනයයි. 'ප්‍රේමානිශංස' ඔබට ජන්ම දින තිළිණයක් වේවා!