සජිත්
ප්රේමදාස එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා වීමේ වැඩි ඉඩකඩක් පෙනෙන්නට තිබේ; බැරිවෙලාවත් ඔහු ජනාධිපති වුණොත් කුමකින් කුමක් වේ දැයි අමුතුවෙන් කිව යුතු නැත. තමාගේ දැනුමේ තරමට සුබසාධන වැඩපිළිවෙළවල් මගින් රටක් පාලනය කිරීමට හැකි වෙතැයි ඔහු සිතනවා විය හැකිය එහෙත් එය යම් තරමකටවත් සිය පියාගේ යුගයට ගැලපුනාට අද එවැනි දෑ විහිළුවක් වී හමාරය . භූමියේ හිඟකම පිළිබඳ සරල වැටහීමක්වත් නැති ඔහු තාත්තාගේ අවැදගත් අනුකරණයක් වන දිළිදුකම පිටතට නිරූපණය කරන ගම්උදා ඔහුගේ දර්ශනයේ දුගීකම මනාව පෙන්වා දෙයි. ඒ ගම්උදාවලින් එකක් ලෙස්ටර් ජේම්ස් පීරිස් වෙනුවෙන් නම් කර ඇත. සජිත් චිත්රපට සංස්ථාව භාර ඇමතිවරයා ද වේ. ලෙස්ටර්ගේ සදාතනික සිහිනය වූයේ චිත්රපටි සංරක්ෂණාගාරයක් පිහිටුවීමයි. ඒ වැදගත් දෙය ගැන වගේ වගක් නැති සජිත් ලෙස්ටර් නමින් උදාගමක් පිහිටුවයි.
සංගක්කාර වෙනුවෙන් මුල්ගල් ත තැබූ 'ලෝක පූජිත සංගක්කාර ගම' සජිත් සතු ව්යවහාර බුද්ධියේ තරම තේරුම් ගන්නට ප්රමාණවත්ය.
ප්රේමදාස මියගිය විට සංස්කෘතික සාරධර්ම පසෙකලා මිනිසුන් මහමගට බැස කිරිබත් කෑවේ නිකම්ම නොවේ. - අමතක නොකල යුතු කරුණ නම් ඒ කිරිබත් කන මොහොතේ, එ නම් ප්රේමදාස මිය ගිය මොහොතේ මහජන විශ්වාසය වූයේ ඝාතකයන් එල්.ටී.ටී.ඊ.ය බවයි. මහ ප්රේමදාසගේ පාලන සමයේ අප්රමාණ පීඩනය පමණක් නොව අප්රමාණ විකාරද දරාගත නොහැකි වූ නිසායමහජනයා එසේ ප්රීති වූයේ. ප්රේමදාසගේ අනුප්රාප්තිකයා වූ විජේතුංග ජනාධිපති විසින් විසුරුවා හරින ලද කුප්රකට ලෝරන්ස් මාෆියාව, එක්සත් ජාතික පක්ෂ කෘත්යාධිකාරී මණ්ඩලයට ඇතුළු කරන ලද සොත්ති උපාලි වැනි වැනි
සරල උදාහරණ කියාපාන්නේ ප්රේමදාස පාලන ව්යුහයේ යථා ස්වරූපයයි.
සජිත්
ගේ සටන් පාඨය 'යළිත්
ප්රේමදාස පාලනයක්" යන්නයි. මංගල සමරවීර දේශපාලන චරිතයක් වන්නේ ප්රේමදාස පාලන සමයේ එහි දරාගත නොහැකි පීඩනයට
එරෙහිව දිවි නොතකා මැදිහත්වීම මගිනි. ඒත්
මංගල අද නූතන ලාංකීය සමාජයේ ප්රජාතාන්ත්රික ජයග්රහණ සමග අභීතව සිට ගන්නා අතරම ඒවා ගැන අල්ප මාත්‍ර හැඟීමක් නැති සජිත් වෙනුවෙන් ද නැගී සිටි. 2005 දී ද ඔහු ඒ කාර්යය කළේය. එහි අනිටු ප්රතිඵල ඔහුත් රටත් ඕනෑතරම් වි්ඳ ඇත. ප්රජාතාන්ත්රික ගුණධර්ම රැකගනිමින් ද, ලෝකයේ යහපත් ප්රවණතා මැනවින් උකහා ගනිමින්ද, රට මෙහෙයවීමට මහා මිනිසුන් අවශ්‍ය යුගයක සජිත් වැන්නෙකුට එය කළ හැකිද? එවැනි
නූතන දැක්මක් නැති නායකයන් විසින් රට පිරිහෙලා ඇති අගාධයන් හොඳින්ම දන්නා මංගල සමරවීර සජිත්ට මෙසේ අත දීම වටහා ගන්නේ කෙසේද?