රට මෙසේ විය යුතු යයි හිතූ පැතූ බොහෝ දේශපාලන කණ්ඩායම් සිය මූලස්ථානය කරගන්නේ මහනුවරය. මේ හැත්තෑව දශකයයි. සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටීමට පෙර යුගයේ මහනුවර නගරය පූර්ව විප්ලවීය රුසියාව මෙනි. අලූතින්ම (1976) බිහිවූ නව සමසමාජ පක්ෂයේ නායක වික‍්‍රමබාහු ඇතුළු මධ්‍යම කාරක සභිකයෝද එහි බොහෝ හිතවතුන්ද තම දේශපාලන සාකච්ඡුා ඩෙවෝන් හෝටලය තුළත් අතුරු කථා බේක් හවුස් වැටේදීත් සිදු කෙරෙනු අපි බලා සිටියෙමු.
විප්ලවය කොමියුනිස්ට්වාදී සංගමයේ වීරසේකර සහෝදරයා අප පාසල් ඇරී එන තෙක් ඞී.ඇස්. සේනානායක පුස්තකාලය අසල පඩි පෙළේ රැුක සිටියේ මගේ පාසල් සගයෙකු වූ අලූත්වත්තටත් මටත් ‘කම්කරු මාවත’ පත්තරය විකුණන්නටය. තවමත් අප‍්‍රතිහත ධෛර්යයෙන් යුතුව සිය දේශපාලන ව්‍යාපාරය වෙනුවෙන් වීරසේකර සහෝදරයා ඒ පැරණි බලකොටුව තුළම දේශපාලනිකව හැසිරෙන්නේය.
මම දේශපාලනිකව සැබැවින්ම සම්බන්ධ වූ ලංකා සමසමාජයේ නුවර නියමුවන් සිටියේ මහනුවර දේව වීදියේය. විජය වික‍්‍රමරත්න, ලාල් විජේනායක, ජයම්පති වික‍්‍රමරත්න ඔවුහුය. අපි සියල්ලට පළමුව වික්කාගේ (විජය වික‍්‍රමරත්නගේ* කන්තෝරුවට ගොස් ශිෂ්‍යයන්ව සිටියදීත් වන අපේ වමේ නැඹුරුව ගැන ඔහුගේ මුව නොසෑහෙන අගය කිරීම අසා අනතුරුව ලාල් විජේනායක සහෝදරයාගේ කන්තෝරුවට යමු. ඔහුගේ දයා කරුණාව මුසු අදටත් මා තවමත් දැක නැති මනුෂ්‍යත්වයෙන් පිරි ඔහුගේ අව්‍යාජ සිනාව අපි පිළි ගනියි. අප සියල්ල සමග සිටි මිෂන් හෝටලයට යන ඔහු තේ එකක් බිබී අප කැමති දේ කන්නට බොන්නට සලස්වයි.
මේ සියල්ල අතර රාජා උස්වැටකෙයියාව, සරත් පේ‍්‍රමලාල්, රංජිත් විජේසිංහ ගුඞ්ෂෙඞ් එක ළඟ කොමියුනිස්ට් පක්ෂයේ සිය රාජධානිය ගොඩ නගාගෙන තිබුණි. වීදියේ පොදු ජනයා ආශ‍්‍රය කළේ ඔවුන්ය.
මේ වටපිටාව තුල අපට බෙහෙවින් හමුවූ, කොමියුනිස්ට් පක්ෂ සගයන් සමග නිතර ගැවසුනු කෙනෙකි බෙවිස් මනතුංග. ආබාධිත බව පරදවන මහපෞරුෂයක්ද දැනුමක්ද සංගීත හැකියාවක්ද නිර්භීත බවක්ද ඔහුට තිබිණ. මහදුරු රංජිත් ගුනවර්ධනගේ පරිවර්තන ඇසුරෙන් වික්ටර් හාරාගේ ගී පද කියවා තිබූ අපට හාරාගේ ගී බෙවිස්ගේ හඬින් ගැයෙනු අප අසා සිටියෙමු.
මීට වසර හතළිහකට පෙර අප දුටු බෙවිස්ව රූප කාය නොවෙනස්ව අදත් මහනුවර එළිය කරයි. ගියවර ලංකාවට ගිය වෙලාවේ දළදා වීදියේ බේක් හවුස් හෝටලය අසල ධර්මසේන පතිරාජ සහ ඔහුගේ බිරිඳ බෙවිස් හා කථා බහ කරමින් සිටිනු දුටුවෙමි. මා ද ඔවුන් හා එක්විය. අපගේ අතීත රස්තියාදුකාර සමාජයට සෙවණ දුන් බේක් හවුස් ඉදිරිපිට වූ විශාල වෘක්ෂය කපා දැමීම පිළිබඳ ඔහු අප සමග කනස්සල්ලෙන් කතා කළේය.
කොටුගොඩැල්ල වීදියේ ආරම්භයේ දෙබොක්කාවක පිහිටි අමුතු ගොඩනැගිල්ලක සමාජ අධ්‍යයන කවය කාර්යාලය විය. එහි නායකයා වූයේ නැසීගිය ජයරත්න මලියගොඩය. ආචාර්ය නිව්ටන් ගුණසිංහ, ආචාර්ය සුදර්ශන සෙනෙවිරත්න, දයාන් ජයතිලක එයට යන එන බව මහනුවර සැරිසරන අපට මතකය. ශී‍්‍ර ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයවත් නොකරන ලෙස බය නැතිව විශාල ප‍්‍රමාණයේ ස්ටාලින්ගේ පිංතූරයක් එහි එල්ලා තිබුණේ ගරු සරු ඇතිවය. ට්‍රොට්ස්කිවාදීන් වූ අපට මේ දැක්මම අරුචි විය.
බෙවිස් වැනි සංස්කෘතික වාහකයන් රටේ බොහෝ විය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා සමාජ සංවාදය ශක්තිමත් කිරීමට ඔවුන් අතින් නොදැනුවත්වම මහා මෙහෙවරක් ඉටු විය.
මට බෙවිස් ගැන මතක් වූයේ සිත එෆ්.එම්. මතක පදවලට ආරාධිතයා ලෙස සහභාගි කරගෙන කළ වැඩ සටහන ශ‍්‍රවණය කළ විටය. ඔහුගේ නිර්මාණ හා ඔහුගේ අදහස් ජනගත කිරීමට මේ වැඩ සටහන බොහෝ සෙයින් ප‍්‍රයෝජනවත් වූයේය.
https://www.youtube.com/watch?v=nC7o1peZUYw&t=242s