Friday, 2 May 2014

දෙමළ සමාජයට නායකයෙක් ලැබී තිබේ.




              අතීතයේ යාපනයේ දෙමළ සමාජය පිළිබඳව  හැඳින්වූයේ උගතුන්ගෙන් ගහන, උගතුන් බිහිකිරීමට සමාජයක් වශයෙන් සවිඥානක ප‍්‍රයත්නයක් දරණ මිනිසුන්ගෙන් සුසැදි, ඥාන තෝතැන්නක් වශයෙනි. එමෙන්ම තමන්ගේ බරසාර සම්ප‍්‍රදායන් පරපුරෙන් පරපුරට දායක කරමින් දෙවියන්ට ලැදිව සිටින මිනිසුන් පිරිසක් ලෙසිනි. සකසුරුවම්කමින්ද, නැති නාස්තියෙන් තොරබවින්ද, උත්සාහයෙන් කවර නම් ඉලක්කයක් වුව හඹායාමට සමත්, එමගින් ජීවිතයේ සමෘද්ධිය අත්පත් කරගත් ශිෂ්ටාචාරවත් මිනිසුන් පිරිසක් ලෙසිනි. ලාබාල වියේදී මිලට ගන්නා හිස පීරන පනාව වුවත් වෘද්ධ වියේදී හිස, කෙසින් තොර වූ පසු විසිකරන තෙක් පරෙස්සම් කරගන්නා අර පරෙස්සම් ජාතියකි. කැඩුම් බිඳුම් අඩු  සවි ශක්තිමත් අරපිරිමැසුම් දායක මිනි පෝඞ් මෝටර් රථ යාපන ජනයාගේ ජනපි‍්‍රයම වාහනය වූවා යයි කියනු ලැබේ. මේ සියල්ලෙන් කැටි කර පෙන්වන චිත‍්‍රය තුළ සිටින්නේ අප සමග යුද වැදුණු ‘යාපන දෙමළ මිනිසා’ය.
          බි‍්‍රතාන්‍ය පාලන සමයේ, සිංහල නායකයන් කටයුතු කළේ තමන් සමග ජීවත් වන සුලූ ජාතිකයාට අවමන් කරමින්, කුල ගෝත‍්‍ර අනුව බුද්ධාගම පවා භේද බින්න කරමිිනි.් එම වකවානුවට සමාන සමයක දෙමළ ජනයාද උග‍්‍ර කුල ක‍්‍රමයක් පවත්වාගෙන ගිය නමුත් තමන්ගේ සමාජයට ආලෝකයක් ලැබිය හැකි ඉතාම හොඳ පාසල් පද්ධතියක් බි‍්‍රතාන්‍ය පාලනයෙන් ලබා ගැනීමට සමත් වූහ. දෙමළ ජනයාගේ ජාතික අභිලාෂයන්ට මේ පාසල් පද්ධතිය ඉතාම අපූරුවට ගැලපිණ.
          පූර්ව නිදහස් දේශපාලනික සමාජයේ සිංහල දේශපාලනයටත් රාජ්‍ය තාන්ති‍්‍රක කටයුතු සඳහා විශ්වාස කළ හැකි මිනිසුන් සොයා ගත හැකි වූයේ දෙමළ ප‍්‍රභූ සමාජයෙනි. පොන්නම්බලම් රාමනාදන්, පොන්නම්බලම් අරුණාචලම් ඉනුත් ප‍්‍රධාන වූහ. සියවසක් පමණ කාලයක් තිස්සේ ලංකාවෙන් බිහිකළ කිසිවකුට අභිභවනය කළ නොහැකි වූ බුද්ධිමතා ආනන්ද කුමාරස්වාමි විය. ආනන්ද කුමාරස්වාමි ඇලූම් කළ කලාව,  ගෝත‍්‍රවාදයේ කුණුවලින් කිලිටිකර නොගත්  මිනිසෙක් වූ නිසාම ඔහු ලංකාවේ අන්තර් සමාජ අතර වන්දනීය උගතෙක් හා සුධීමත් බුද්ධිමතෙකු විය. පැරණි කලාව, ගෘහ නිර්මාණ ශිල්පය ගැන පර්යේෂණ කරන, සොයා බලන කවරනම් කෙනෙකුට වුව අතහැර යා නොහැකි කෘතිය ආනන්ද කුමාර ස්වාමිගේ ඵැාසැඩ්ක ීසබය්කැිැ ්රඑ (මධ්‍යකාලීන සිංහල කලා* කෘතියයි. එම කෘතියේ විරාජමාන බවෙහි බිහිවූදා සිට අද දක්වා කිසිදු වෙනසක් නැත. එතුමන් විසින්ම රචිත උඩරට ගෘහ නිර්මාණයන් විනාශ කිරීම වළක්වන ලෙස ඉල්ලා උඩරට රදළ ප‍්‍රධානීන් අමතා ලියන ලද ලිපිය තරම් සම්ප‍්‍රදායික කලා උරුමය පිළිබඳ ලෙන්ගතු හැඳින්වීමක් සහිත ලියවිල්ලක් සිංහලයෙකු අතින් ලියවී ඇත්දැයි සැක සිතෙන තරම්ය.
           දෙමළ සමාජය සතු සියලූ වටිනාකම් දෙමළ සමාජය අත්පත් කරගන්නේ ඥානාන්විත සමාජයක් තනාගැනීමට අතීතයේ පටන්ම ඔවුන්ගේ වූ පොදු උත්සාහය නිසාය.
එහෙත් නිදහසින් පසු ජාතික එ්කග‍්‍රතාවය පිළිබඳ බි‍්‍රතාන්‍යයන් විසින් උගන්වා ගිය පාඩම් නොතකා හැරීමේ ඵල විපාකයක් ලෙස එ්කාග‍්‍ර සමාජය වේගයෙන් ඉරිතලා ගියේය. ඞී.ඇස්.ගේ පුරවැසි  පනතේ සිට ආණ්ඩුවේ අනුග‍්‍රහයෙන් කි‍්‍රයාත්මක බොදු බල සේනා වැනි ව්‍යාපෘති දක්වා වූ හැම ව්‍යාපෘතියක්ම යටකී පැලූම් පුලූල් කළේය. තිස් අවුරුදු යුද්ධය වනාහි එ් පැලූම්වල කෘරතර ප‍්‍රතිඵලයයි.
          දැන් යුද්ධය අහවරව තිබේ. එල්ටීටීඊයට විරුද්ධ ඉන්දියානු මැදිහත්වීමේදී ප‍්‍රමුඛ කාර්යභාරයක් ඉෂ්ට කළ කර්නල් හරිහරන් පුවත්පත් සාකච්ඡුාවකදී කියා ඇති පරිදි එල්ටීටීඊයට යළි නැඟී සිටීමට අවස්ථාවක් කිසිදා උදා නොවන බවත් සන්නද්ධ දේශපාලනය යාපනයේ ප‍්‍රධාන දේශපාලන  ධාරාව බවට පත්වීමටත් කිසිදා ඉඩ කඩක් නැති බවත්ය. එහෙත් පෑගී ඇදවැටුණු, අසරණව ඇති දෙමළ සමාජයට, කලක් පිරිත් පැන් පිරවුණු කෙන්ඩියෙන් අද ගිනිවතුර පුරවාගෙන ඉසිමින් තිබේ. පිරිත් පැන් කෙන්ඩිය ගිනි වතුර කෙන්ඩියක් වූ සිංහල බුද්ධාගම යුද විනාශයේ හතරෙන් තුන් පංගුවක වගකීම දැරිය යුතුය. එය ජාතික එ්කාග‍්‍රතාවය පුපුරුවා හල සමාජ බලවේගය වේ. එම බලවේගය රුදුරු ලෙස සිය ශාස්තෘවරයාගේ සර්ව සම්පූර්ණ දහම ජාතක කතා කිහිපයකට හා ගාථා කිහිපයකට සීමා කිරීම මගින්  ‘කරුණා භරිත බුදු දහමේද’ අභ්‍යන්තර සතුරා වේ.
එම රුදුරු අධාර්මික බලවේගය කොතෙක් වැඞී ඇත්ද යත් රුදුරු ගනයේ අමනුෂ්‍යයෙකු ලෙස ජාත්‍යන්තරකරණය වූ චිරතු නම් වූ චීවරධාරියා සමග අ්ත්වැල් බැඳ ගැනීමට මියන්මාරයට ගොස් තිබේ. වගකිව යුතු රජයක් නම්, තමන්ගේ රටේ අනාගතයටවත් සහනයක් අවශ්‍යයයි සිතන රජයක් නම්, මේ ගමන වැළැක්වීමට කටයුතු කළ යුතුව තිබුණි.
             ප‍්‍රභාකරන් නම් වූ ආධානග‍්‍රාහී සටන්කාමී නායකයා, දකුණේ දේශපාලනය විසින් උතුර හා කළ අමනෝඥ ගනුදෙනුවෙන් බිහිවූ හිතුවක්කාර සුජාත පුත‍්‍රයා වේ. ඔහුට කාලයක් මුළුල්ලේ ඥානාන්විත දෙමළ සමාජය වර්ධනය කරගත් මනුෂ්‍ය වටිනාකම් සුන්නද්¥ූලි කළ හැකි විය. කරුණා අම්මාන් සංවිධානය හැර ගිය විට ඔහුගේ අනුගාමිකයන් සිය ගණනක් සමූල ඝාතනය කරන්නට අණ දීමට තරම් තිරස්චීන අමනුෂ්‍යයෙක් දෙමළ සමාජයේ පිළිගැනීමට පාත‍්‍රවීමේ ශෝකය ඔබ හඳුනා ගන්නේ කෙසේද?  (මේ තිරස්චීන දෙය වැලකුනේ මෑතකදී අත්අඩංගුවට පත්වූ දෙමළ කිවිවර ජයසීලන් විසින් බව ඔහු පුවත්පත් සම්මුඛ සාකච්ඡුාවකදී පවසා ඇත.*
           මෙම ලිපිය ආරම්භයේදී අප විග‍්‍රහ කළ ආකාරයට, දෙමළ සමාජයේ ප‍්‍රබුද්ධ භාවය අතීත වටිනාකමින්ම නැතත් යම් යම් ක්ෂේත‍්‍රවලදී එහි වැදගත් නෂ්ටාවශේෂ දක්නට තිබේ. යුද්ධයෙන් පසු රණකාමී සිංහල රාජ්‍ය තන්ත‍්‍රය හා එහි අනුගාමී කොටස් 13 වන සංශෝධනයවත් එකී දෙමළ සමාජයට නොදීමට ඉමහත් වූ තැතක් දරද්දී ඉතිරිවූ දෙමළ සමාජයේ ප‍්‍රබුද්ධ දේශපාලන කොටස් පළාත් සභා මැතිවරණයක් දිනා ගැනීමට සමත් විය. මෑත කාලීන දේශපාලන චරිත තෝරා ගැනීම් අතර ලක්ෂ්මන් කදිරගාමර් හැරුණු කොට ප‍්‍රබුද්ධම ශී‍්‍ර ලාංකිකයෙක් තම දේශපාලන තන්ත‍්‍රයේ ප‍්‍රධානියා කර ගැනීමට දෙමළ සමාජය සමත් විය. එ් හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වී. විග්නේෂ්වරන්ය. ඔහු සාකල්‍යයෙන්ම යාපන දේශපාලනයේ ප‍්‍රබුද්ධ  තීරුවට අයත් උසස් ගණයේ හින්දු ආගමිකයෙක් විය. එමෙන්ම දකුණේ ප‍්‍රබුද්ධ සිංහලයන් සමග මිත‍්‍රකම් මතුනොව,  නෑදෑකම් පවා ඇති මිනිසෙක් විය. කි‍්‍රයාකාරී දේශපාලන ඉතිහාසයක් නැතත්, උගත්කම හා ප‍්‍රබුද්ධ බව හා  පෞරුෂය පමණක් සලකා විග්නේෂ්වරන්ව දෙමළ දේශපාලනයේ මධ්‍යස්ථ කොටස් විසින් තෝරා ගනු ලැබුවේ,  දකුණෙ රාජ්‍ය තන්ත‍්‍රය සමග වඩා කිට්ටු ගනුදෙනුවක් ඔහුට කළ හැකියයි සිතා විය හැකිය. එ් තරම් නම්‍යශීලී බවක් පශ්චාත් යුද කාලීන දෙමළ දේශපාලනය සතු විය. එහෙත් දකුණේ රාජ්‍ය තන්ත‍්‍රය හා අනුගාමි කොටස් එ් නම්‍යශීලීත්වය වටහා ගැනීමට බරපතළ ලෙස අසමත්ව තිබේ. රාවනා බලය, සිංහල රාවය, බොදුබල සේනා වැනි රිලා නැටුම් කරුවන් ඉස්සරහට දමමින් දෙමළ ප‍්‍රබුද්ධ භාවයට කරන ඔච්චම් මේ රාජ්‍ය තන්ත‍්‍රය නවත්වන පාටක් පෙනෙන්නට නැත. මේ ඔච්චම ඛේදවාචකයකින් කෙළවර වීම දේශපාලනය ගැන විද්‍යාත්මකව දන්නා කාටත් පැහැදිලි කාරණයකි.
              දෙමළ රාජ්‍ය නියෝජනය කරනවායයි කියනා පාර ඊළාම් රාජ්‍යයේ නායක රුදු‍්‍ර කුමාරන් නායකයා වශයෙන් තෝරා ගැනීමට දෙමළ සමාජය සූදානම් නැත. ආණ්ඩුවේ හුරතලා වන ඩග්ලස් දේවානන්ද පිළිබඳ තත්ත්වයත් එසේමය. කවුරු අකමැතිවුනත් අද වන විට දෙමළ සමාජයට නායකයෙක් සිටී. එක්සත් රාජ්‍යයක් පිළිබඳ බලාපොරොත්තුවක් ඇති බෙදුම් වාදයට එරෙහි විග්නේශ්වරන් එ් නායකයාය. දෙමළ සමාජයට තමන්ට නැතිවූ අතීත ප‍්‍රබුද්ධත්වය සොයා යන්නට උත්සාහ දරන්නේ විග්නේශ්වරන් හරහාය. එල්ටීටීඊය සමග කිසිදු ගනුදෙනුවක් නොතිබුණු, එහි හතුරෙකු වූ මනුෂ්‍යයෙකු, තම නායකයා වශයෙන් තෝරාගත් දෙමළ දේශපාලන යාන්ත‍්‍රණය දෙස විචක්ෂණශීලීව බලන්නට දකුණේ රාජ්‍ය තන්ත‍්‍රය අසමත්වීම අවාසනාවකි. ජනාධිපතිට වග කියන මහ ඇමති ඝනයා  අතර  විග්නේෂ්වරන් තරම් වගකිවයුතු ප‍්‍රබුද්ධ මිනිසෙක් සිටියේම නැත. බස්නාහිර මහ ඇමති චන්ද්‍රිකා බණ්ඩාරනායක පවා සිටින්නේ මේ විද්වතාට පිසුපසිනි. එදා මෙදා තුර ¥ෂිතම මිනිසුන්ගෙන් පිරවුණු මහ ඇමති පදවියට ඔරොත්තු නොදිය හැකි තරම් වැදගත් මිනිසෙක් පත්ව සිටී. එ් වැදගත් මිනිසා සිටින්නේ ආණ්ඩුවට පාලනය කිරීමට අපහසුමයයි සිතෙන පළාත් සභාව තුළය. මේ මිනිසා සතු වැදගත්කමට අගයක් දී ඒ හරහා උතුර හා රාජ්‍ය තාන්ති‍්‍රක ගනුදෙනුවකට යාමට ආණ්ඩුවට නොහැක්කේ මන්ද?
              දකුණේ දේශපාලනය අවස්ථාවාදයට ගොදුරුවීම නිසා උතුරේ දේශපාලනය අර්බුදයකට ගියේය. එහි අවසන් ප‍්‍රතිඵලය වූයේ දෙමළ සමාජ ආත්මය තුළ කාලන්තරයක් වර්ධනය වූ ප‍්‍රබුද්ධ බව අහෝසි වී ප‍්‍රචණ්ඩත්වය ඉස්මතුවීමයි. එ් ආකාරයට ස්වකීය ප‍්‍රබුද්ධ බව නෂ්ටාවශේෂ බවට පත්කර ගෙන ප‍්‍රචණ්ඩත්වයට ඇද වැටීමේ ඛේදවාචකයයේ ප‍්‍රතිඵලය නම් විපරීත දෙමළ තරුණ සමාජයක් බිහිවීමයි.
දෙමළ සටන්කාමී දේශපාලනයට ජවය සැපයූ දෙමළ ඩයස්පෝරාවේ තත්ත්වය කවරේද? අද කැනඩාව හා වෙනත් යුරෝපීය රටවල  හිරගෙවල්වල ජන අනුපාතිකව වැඩියෙන් සිටින්නේ කළු ජාතික අපරාධකාරුවන්ය. ඊළඟට  අපරාධ සඳහා සිරගතව සිටින්නේ ශී‍්‍ර ලාංකික දෙමළ ජාතිකයන්ය.  ක්‍රෙඩිට් කාඞ් වංචා, බැංකු ණය හා රක්ෂණ ආවරණ වංචා, හොර ලියකියවිලි සැකසීම, මැර කණ්ඩායම් තැනීම හා ඒවායේ සාමාජිකයන් වීම, කප්පන් ගැනීම ආදී සිය ගණන් අනීතික කි‍්‍රයාවල යෙදීම මෙම දෙමළ ජාතිකයන් සිර ගත වීමට හේතුවයි. මේ පූර්ව යුද සමයේ දෙමළ සමාජය අත්විඳි අවමානයක් නොවේ. උත්සාහයෙන් හරි හම්බ කොට එ්වා අරපිරිමැස්මෙන් වියදම් කොට තම කලත‍්‍රයන්ට මැනවින් උගන්වා සමාජයේ තැනකට ගෙන ඒම එකල දෙමළ සමාජයේ අභිප‍්‍රාවිය. එහෙත් ප‍්‍රභාකරන්් දෙමළ දේශපාලනයට මැදිහත්වීමත් සමග දෙමළ ප‍්‍රබුද්ධ බවේ බරසාර හෙමින් ගමන  නැවතිනි. තිරුක්කුරල් පොත අතින් ගත් ප‍්‍රඥා සම්පන්න වීරයා වෙනුවට තුවක්කුව හා සයනයිඞ් කරල අතින්ගත් දෙමළ සටන්කාමියා වීරයා බවට පත්විය. යට කී අපරාධකරුවන්ගේ මහානුභාව සම්පන්න වීරයා වූයේද යටකී සටන් කාමියාය. ඩයස්පෝරාවේ මෙකී  අවාසනාන්ත තත්ත්වය රට අභ්‍යන්තරයේ දෙමළ තරුණයන් වෙත විතැන්වීම නොසිදුවීමට බැරිකමක් නැත.
               තිස් අවුරුදු යුද්ධයක් අතරතුර යාපන දෙමළ ජනයා සතු බොහෝ දේ වෙනස් විය. ඔවුන් හිඟමනට වැටුනු අතර බරපතළ අවමානයට පාත‍්‍ර විය. ඔවුන් දුරාතීතයේ සිට වර්ධනය කරගත් සමාජීය වටිනාකම් යුද්ධයේ දඬු අඬුවට හිරවී විනාශ විය. යාපනයේ කෝවිල් ශුද්ධ ආගමික මධ්‍යස්ථාන වූ නමුත් ඩයස්පෝරක සමාජයේ තැනුනු එකී කොවිල්වල  අනුරූ එල්ටීටීඊයට මුදල් මවන යන්ත‍්‍ර බවට පත්විය. ඒවායේ පූසාරිලා දෙවියන්ට වඩා ප‍්‍රභාකරන් විශ්වාස කළෝය. යාපන දෙමළ ජනයාගේ උතුම්ම ආධ්‍යාත්මික සංකේතය වූ කෝවිල මෙසේ වෙනස් වූවා නම් අනෙක් කාරණා ගැන කියනුම කවරේද?
         කුඩා දුපතක අනාදිමත් කාලයක් එකට ජීවත් වීම නිසා සංස්කෘතික ඝට්ටනය තුළින් අන්තර් පෝෂණයක් එකිනෙකාගේ දිවිපෙවෙත්වලට සිදුවිය. ජන ජීවිතවලට එක් එක් ජාතියේ මැදිහත්වීමක්  අවශ්‍ය විය. ජන පුරාණය තුළ දෙමළ දෙවියෝ සිංහල මිනිසුන්ටත්, බුදුන් වහන්සේ දෙමළ මිනිසුන්ටත් බලපෑම් කළෝය. ජනරංගය තුළ ජන සාහිත්‍ය තුළ මේ සංස්කෘතික මිශ‍්‍රණය අපූරුවට තිබිණි.
       එවැනි තත්ත්වයක් යටතේ, තිස් අවුරුදු යුද්ධයකින් අනතුරුව දෙමළ ජනයා දේශපාලනිකව හා සමාජයීය අවමානයට පත්කිරීම වැළැක්වීම රාජ්‍ය සතු වගකීමක් විය යුතුය. ඒ අවමානයන් නොකෙරෙන්නේ නම්, දෙමළ සමාජය තමන්ට වැරදුණු තැන් සොයා සමාජ හෘද පරීක්ෂාවකට යනු නිසැකය. ඒ සඳහා සුදුසු දෙමළ නායකයකු දෙමළ ප‍්‍රජාව විසින් තෝරාගෙන තිබේ. එ් සී විග්නේෂ්වරන්ය. දැනට ඔහුට  සටන් කරන්නට සිදුව තිබෙන්නේ දකුණේ දේශපාලනය විසින් කරන අවමානයන්ට එරෙහිවය.
චන්ද්‍රරත්න බණ්ඩාර
රාවය 2014-04-27