Thursday, 4 July 2013

කන්දේ වීදිය -කපිලට මහා පිටස්තරයකු මුණ ගැසීම


සත්‍ය සිද්ධි ඇතුළත් සංදර්භයක් පදනම් කරගෙන නවකතාවක් ලිවීම පහසු කාර්යයක්ද? නවකතාවේ මුල මැද හා අවසානය මෙසේ වෙතැයි නිර්ණය කිරීමට එය පහසුවක් වෙතත්, අදාළ සත්‍ය සිදුවීම් සිදුවූ ආකාරය හා පාදක චරිත හැසුරුණු ආකාරය පිළිබඳ නිශ්චිත බවක් තිබීම නිර්මාණකරුවා බැ?රුම් අවධියකට ලක් කරවයි.
රිචඞ් ඇටන්බරෝගේ ‘ගාන්ධි’ සැබෑව සැබෑවක් ලෙසම ප‍්‍රතිනිර්මාණය කරමින් අදාළ පාත‍්‍රවර්ගයා ඉතිහාස කථාන්තරයට අනුකූලවම ගොඩ නැංවීය. එය පහසු කාර්යයකි. නිර්මාණකරුවා අදාළ ඉතිහාස කථාව තෝරා ගත්තේම එහි ඇති නිර්මාණ ජීවගුණය සලකා ගෙනමය. එවිට සිදුවන්නේ සිදුවීම් එයාකාරයෙන් නිරූපනය කරමින් අවශේෂ අංග ප‍්‍රත්‍යාංග මගින් එය වඩ වඩාත් නිර්මාණාත්මක කිරීමය.
කපිල කුමාර කාලිංගගේ අලූත්ම නිර්මාණ රචනාව මහනුවර සමාජය හෙල්ලූම් කැවූ පසුගිය ශතවර්ෂයේ මධ්‍ය දශකයේ ජීවත් වූ පුද්ගලයකු පාදක කරගනිමින් ගෙතී ඇත.  එදා මහනුවර සම්ප‍්‍රදායික සමාජයට ඔහු කළ බලපෑම අතිවිශාල වූවා සේම මහනුවර වාස භූමිය කරගනිමින් එහි ජීවත්වන්නට තැත් කළ සංක‍්‍රමණික, මහනුවර නොවන ප‍්‍රජාවට ආත්ම ශක්තිය ලබා දුන් සිද්ධියක්ද විය.
මහනුවර නගරය දළදා හිමියන් වැඩවසන මාළිගාව පිහිටා තිබෙන පූජනීය නගරයයි. එමෙන්ම ගොවිගම කුලයට පරවේණී සියම් නිකායේ අස්ගිරි හා මල්වතු පාර්ශ්වයන්හි මූලස්ථාන දෙකම පිහිටා ඇති මහා නගරයයි. ගොවිගම රදළයන්, ගොවිගම සාමාන්‍ය ජනයා හා ඔවුන්ට සේවා සැපයූ සේවා කුලයන්ගේ හැසිරීම් හා කි‍්‍රයාකාරකම් ආශි‍්‍රත ඉතිහාසයකි මහනුවරට ඇත්තේ. මහනුවර මධ්‍යකාලීන ඉතිහාසය සෘජු වෙනසකට ලක්වන්නේ සිංහලේ අවසන් රජු නරේන්ද්‍රසිංහ ගේ ස්ති‍්‍ර ලෝලත්වය නිසා සිය බිරිඳගේ සොයුරාට රජකම පැවරීමෙන් නායක්කර් රාජ උරුමයක් ඇතිවීමෙනි. මහනුවර භූමි පුත‍්‍රයන්ට පළමුවරට බලගතු පිටස්තරයෙක් ලැබෙන්නේ එ් තීරණයන් සමගය. බුදු දහමට මහඟු මෙහෙවරක් කළ කීර්ති ශී‍්‍ර රාජසිංහ රජතුමා වුව මල්වතු විහාරයීය උපෝසිථාගාරයේදී බොරුවලක ලා මැරීමට තැත් කරන්නේ එවන් උතුම් රජෙකුගේ වුව පිටස්තරකම මහනුවරට ඇත්තෝ නොඉවසූ නිසාය. ඒ අණ ගුණ නැති වැඬේ කරන්නේ ශී‍්‍ර ලංකාවේ නැතිවී  ගිය සාර්ර්ථ බුදු දහම නගාසිටුවීමේ අභිප‍්‍රායෙන්  උපසම්පදාව නැවත පුනරුත්ථාපනයට මුල් වූ ධර්මධර යතිවර වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේද අනු දැනුම සහිතවය. වැලිවිට හිමියන්ගේ ශාසනික සේවාවට, ඔහු විසින් මරණයට පත් කරන්නට සැලසුම් කළ කීර්ති ශී‍්‍ර රාජසිංහ රජුගේ සහය නොලැබෙන්නට එවන් වැදගත් වැඩක් සිදුවන්නේම නැති තරම්ය.
රාජාවලියේ අවසන් රජු ශී‍්‍ර වික‍්‍රමරාජසිංහ නැමති නායක්කාර් වංශිකයා තිරස්චීන ලෙස ඉංගී‍්‍රසින්ට පාවා දෙන්නේ ඇහැලේපොළ, කැප්පෙටිපොල ඇතුලූ ගොවිගම රදළ වංශිකයන්ගේ සිත් රිද වූ පිටස්තරයෙකු ගේ පාලනය ඉවසනු බැරි වූ හෙයිනි. අනතුරුව පාලන බලයට පැමිණි ඉංගී‍්‍රසින්ගෙන් තමන්ගේ අභිප‍්‍රායන් ඉටුනොවූ හෙයින් 1818 දී ඉංගී‍්‍රසින්ට විරුද්ධව ඔවුන් කැරලි ගැසුවේය. ඉනික්බිති 1848 දීත් එවැනි කැරැුල්ලක්ම ඔවුන් පුනරුච්චාරණය කළේය. බලප්ිටිය , මාතර, තංගල්ල, යාපනය මෙන්ම මේ මහනුවර වාසීහු පිටස්තරයන් නොඉවසන තරමය.
 කපිල විසින් අපට මුණගස්වන පිටස්තරයා සම්ප‍්‍රදායික බලාධිකාරයට අයත් පුද්ගලයකු නොව, විමුක්තිකාමී එමෙන්ම සප‍්‍රමාණ වියතෙකි.  නරේන්ද්‍රසිංහ රජුගේ මරණයෙන් පසු ඇරඹුනු නායක්කර් රාජ්‍යත්වය හා අධිකාරිත්වය  1815 මාර්තු දෙවැනිදා උඩරට ගිවිසුමත් සමග අහෝසි වී යළි සම්ප‍්‍රදායික ප‍්‍රභූ ගොවිගම බලය වෙනත් ආකාරයකින් ස්ථාපිත විය. විශේෂයෙන් නිලලත් රදලයන්, මල්වතු අස්ගිරි  මහා විහාරයන් ඉංගී‍්‍රසි ආණ්ඩුව සමයේදීත්, ඉනික්බිතිත් සිය ආධිපත්‍යය පැතිරවීය. 1818 හා 1848 කැරළි මේ කියන කතාවේ ව්‍යතිරේකයන් වන අතර එ්වා සම්ප‍්‍රදායන් හා වංශ අයිතීන් රැුක ගැනීමට කළ අරගලයන්ට වඩා දේශපාලන බලයේ හිමිකාරිත්වය උදෙසා කළ  අරගලයන් ලෙස හැඳින්විය හැකිය. සැබැවින්ම 1818 කැරැුල්ල සිය අනාගත පැවැත්ම අරබයා ගොවිගම  රදළයන්ට වූ බරපතළ වැරැුද්දක් සේ ගත හැකිය. මීට පෙර  ජාතින් දෙකකටත් යුද්ධෝපක‍්‍රම විෂයෙන් ඉංගී‍්‍රසින්ටත් අත්පත් කරගත නොහැකි වූ උඩරට රාජධානිය ඉංගි‍්‍රසින්ට අයත්වන්නේ උඩරට රදළ වංශවතුන්ගේ  අනුග‍්‍රහයෙනි. එහෙයින්  රාජ්‍ය පාලනයේදී අන් ජාතීන්ට වඩා සූක්ෂ්ම වූද, වඩාත් රාජ්‍යතාන්ති‍්‍රක වූද වංශවතුන්ට මුන්තැනැක් දීමට වඩාත් කැමති වූද ඉංගී‍්‍රසින්  රදළයන්ට වඩාත් පි‍්‍රය මනාපව ඔවුන්ට පෙරළා අනුග‍්‍රහ දක්වමින්  කටයුතු කරනු ඇත. එහෙත් මොනරවිල කැප්පෙටිපොල වැන්නන්ගේ  අ¥රදර්ශී ගණන් බැලීම හරහා ඇරඹුණු 1818 කැරැුල්ල නිසා  ඉංගී‍්‍රසින්ට යට කී අභිලාෂයන් කි‍්‍රයාත්මක කිරීමට ඉඩක් නොලැබුණි.  එහෙයින්ම ඔවුන් සිය අනුග‍්‍රාහකත්වය සඳහා පිරිස් තෝරා ගත්තේ පහතරට මුහුදු තීරයෙනි. ඔවුන් සපුරාම ගොවිගම රදළයන්ට මතු නොව ගොවිගම ජනයා සමගත් අරෝවක් විවිධ ඉසව් හරහා ඇති කර ගත් පිරිසක් වූහ. ගොවිගම ප‍්‍රභුව සිය  සම්මත ආගම වූ බුදුදහම තුළින් ඔවුන්ට දැක්වූයේ දෙවන පෙළ සැලකිල්ලකි. එය උපසම්පදාව ලංකාවට ගෙන එ්මත් සමගම ඇති වූ පිටමං කිරීමකි. සතුරාගේ සතුරා, මිතුරා කර ගන්නා  න්‍යායට අනුකූලව මුහුදු බඩ කුලවලට අයත් ජනයාට විශේෂ අනුග‍්‍රහ සපයමින් ඔවුන් බලවේගයක් ලෙස ඉදිරියට ගෙන ඒමට ඉංගී‍්‍රසින් කටයුතු කළහ. අධ්‍යාපනය හා ව්‍යාපාරික අවස්ථා මෙහිදී ප‍්‍රධාන විය. ඊට සාපේක්ෂව උඩරට ජනයාට ගම්බිම් අහිමි කළ මුඩුබිම් පනත ඇතුලූ යෝජනා උඩරට ජනයා තව තවත් නින්දාවටත් පිරි හෙලීමටත් ලක් කලහ. එමෙන්ම 1815 කැරැුල්ලට අනුගත නොවෙමින් කටයුතු කළ රදළයන්ට හා මල්වතු හා අස්ගිරි පාර්ශ්වයන්ටද ඉංගී‍්‍රසිහු වඩාත් අනුග‍්‍රාහශීලී වූහ. ලන්දේසීන් හා පෘතුගීසින් මෙන් ආර්ථික වාසි තකා කි‍්‍රයා කිරීම හා සිය ආගම් පැතිර වීම සමාන්තරව නොගත් ඉංගි‍්‍රසිහු සාපේක්ෂව ආගමික නිදහස උදෙසා බාධා නොපැනවූහ.
1815 කැරැුල්ල නිසා සිත් තැවුලට පත් ඉංගී‍්‍රසිහු තමන්ට එරෙහි වූ උඩරට වාසින්ට කිසිවක් නොදී පහතරටට ලබාදුන් ව්‍යාපාරික හා අධ්‍යාපනික අවස්ථාවන්හි පොදු සංකේතය ලොයිඞ්ය.  කපිල කුමාර කාලිංගගේ ‘කන්දේ වීදිය’ නවකතාවේ කේන්ද්‍රීය චරිතය වන්නේ එකී ලොයිඞ්ය.
කන්ද උඩරට දේශපාලන ඉතිහාසය දන්නා උදවියට ලොයිඞ් අනුසාර වූ මහා චරිතය කවුදැයි වටහා ගැනීම එතම් අපහසු නැත. ප‍්‍රභූ කේන්ද්‍රිය දේශපාලන වටාපිටාවක ඔහු අධිනිශ්චය වූවෙකු විය හැකිය. එහෙත් කාලයේ හැටියට ඔහු මහා අරගලයකද නිරත වූවෙකි. බලපිටියෙන් පැමිණ ව්‍යාපාරිකයෙකු ලෙස සාර්ථකත්වය ලැබූ ආයුර්වේද වෙද මහතෙකුගේ පුත‍්‍රයා  වූ ලොයිඞ් මහනුවර රජයූ රදළ බලයට එරෙහිව උපක‍්‍රමශීලී අරගලයක් සාර්ථකව ජයගත් පුද්ගලයෙකි. එ
පමණක් නොව මහනුවර හා තදාසන්න පෙදෙස් හි සම්ප‍්‍රදායික ගොවිගම හා රදළ බලය, සංඛ්‍යාත්මකවත්, සංයුතිකවත් අභිබැවීමේ කසකරුවාද ලොයිඞ්ය.
මේ නාටකීයට චරිතය නිර්මාණයක් සඳහා අපමණ උචිතය. විශේෂයෙන් ලොයිඞ්ට පාදක වන සැබෑ චරිතය වටා දැවටුණු හැකියාවන්, කුල ප‍්‍රශ්න, එකල ඓතිහාසික තත්ත්වය ආදිය ඒ සඳහා හේතුවේ. අති සම්ප‍්‍රදායික නගරයක එහි අනුමිතික චිත‍්‍රය මුළුමනින්ම වෙනස් කොට නව නගරයක් නිර්මාණය කිරීමට දායක වූ මහා චරිතය ලොයිඞ්ය.
කපිල කුමාර කාලිංග ලොයිඞ් පිළිබඳ දක්වන කුල ඉඟිය නිවැරදි නම් නුවරට තදාසන්න මහා නගරය වූ කුරුණෑගලද මෙවැනිම විපර්යාසයක් සිදු විය. එ් එච් ශී‍්‍ර නිශ්ශංක අතිනි. බලපිටිය වාසි මහා ඇලෙක්සැන්ඩර් පෝතකයකු වූ නිශ්ශංක වැඩවසම් කුරුණෑගල ජය ගත්තා පමණක් නොව උඩරට ගොවිගම  මිනිසුන්ගේ සම්ප‍්‍රදායික දේශපාලන පක්ෂය වූ ශී‍්‍ර ලංකා  නිදහස් පක්ෂයේ ඓතිහාසික චරිතයක් බවටද පත්විය. වම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට එකතු කළ යමුනා සාකච්ඡුා ඔහුගේ මැදිහත්වීමට උදාහරණය.
කපිල කුමාර කාලිංග මෙම නවකතාවේදී පමණක් නොව සිය සමස්ත නිර්මාණ භාවිතයේදීම පිටස්තරයෙකු හෝ පිටස්තරයන් හඳුනාගෙන ඔවුනට මස් ලේ පුරවයි. ඔහුගේ කෙටිකතාවල බහුලව දක්නට ඇති හා ඔහුගේ නාට්‍ය පිටපතක් වන සිහින සාප්පුවේ  සිටින නාවිකයා, වන බිමේ සිරකරු  ටෙලිනාට්‍යයේ ‘එංගල් බේක්’ මීට උදාහරණය. මේ පිටස්තරයා කපිලට හැසිරවිය හැකි සමාජ අවලෝකිකයෙකි. එමෙන්ම මහත්සේ ජීවිතය විඳින්නට ලොල් වූවෙකි. කපිල සිය නිර්මාණ විජිතයේ මං සලකුණු පිහිටුවන්නේ මෙම පිටස්තරයා හරහාය. මේ පිටස්තරයකු තෝරා ගැනීම හරහාම ඔහු පළමු වටයේදීම සම්ප‍්‍රදායිකත්වයට එරෙහිව කැරැුල්ලක් ආරම්භ කරයි. ඔහුගේ බොහෝ නිර්මාණ යනු එ් සමස්ත කැරැුල්ලේ තත්ත්වාකාරයයි.
කන්දේ වීදිය නවකතාව සුපුරුදු පරිකල්පනයෙන් කපිල බිහිකරගන්නා පිටස්තරයා වෙනුවට සැබෑ පිටස්තරයෙකු මුන ගැසේ. කපිල නිර්මාණය කළ වනබිමේ සිරකරු ටෙලිනාට්‍යයේ එංගල් බ්‍රේක් නමැති සැබෑ පිටස්තරයාට නිර්මාණකරුවා ආරෝපනය කරන මිනිස් ගුණයන්, සාමාන්‍ය කලාකරුවකු සිය පාත‍්‍රවර්ගයාට කරන මිනිස් ගුණ ආරෝපනයන්ට වෙනස් නොවේ. එහෙත් කපිලට කන්දේ වීදියේ දී මුණ ගැසෙන ලොයිඞ් නම්වූ මහා ඇලෙක්සැන්ඩර් පෝතකයාට ඇතුලත් කරන කරුණා, මුදිතා, උපේක්ෂා ඇතුලූ වීර ගුණය ඒ චරිතය කෙරේ කතුවරයා සතු හිත පක්ෂපාතිත්වයද කියාපායි. එනයින් කන්දේ වීදිය නවකතාවක් මෙන්ම ‘ලොයිඞ් සිල්වා පදනමකින්’ බිහිකෙරෙන උසස් ගණයේ චරිතාපදානයක් ලෙසද සමතැන්හි සිටී.
ලොයිඞ්ගේ පියා ඉංගී‍්‍රසින්ගේ අනුග‍්‍රහ ලැබ මධ්‍ය කඳුකරයේ නුවර එළියට පැමිණ තේ වගාවෙක් පොහොසත් වූ රෙද්ද හා කෝට් අඳින සිංහල වෙද මහත්තයෙකි. සිංහල වෙදකම අනුසාරිවූ දර්ශනය ඔහුගේ හොඳ නරක විනිශ්චයට බලපාන නමුත්, ෙසෙන්ධව වේගයකින් ඉදිරියට හඹා යා යුතු බව පිළිබඳ දර්ශනය එන්නේ තරඟකාරී වැවිලි ක්ෂේත‍්‍රයෙන් හා සිය ජන්ම භූමියෙනි. එහෙත්  ඔහු ජීවත්වන පරිසරය තුළ පිටස්තරයෙකි. ඔහුගේ උන්නති සමාජ කාමය ගොඩනැගෙන්නේ තමන්ට සම තැන් නොදෙන සම්ප‍්‍රදායික ප‍්‍රභූවට එරෙහිවය. යටත් විජිත අනුග‍්‍රහය ලබමින් බලවතුන් වූ හැමෝගේම පොදු ලක්ෂණයක් සේ පෙනෙන්නේ සිය දිග් විජය සඳහා සිය පුතුන් අශ්වයන්ුසේ යොදා ගැනීමයි. තමන්ට ස්පර්ශ කළ නොහැකි ක්‍ෂේත‍්‍රයන් ඔවුන් හරහා ජයගෙන එ් නව බිම තමන්ගේ කර ගැනීමයි. කොරනේලිස්ද නිරාමිස සතුටක් ලබන්නේ එමගිනි. කපිල මේ ලොයිඞ්ගේ  පූර්වකාලීන පිටස්තරයා වන කොරනේලිස්ගේ ධී ගුණ සම්පන්න චිත‍්‍රයක් රසිකයන් සිත් තුල මැවෙන ලෙස මැනවින් නිර්මාණය කර ඇත. එහෙත් ලොයිඞ්ගේ මව, මව් ගුණයට හා පතිභක්තියට සීමා වූ සරල සම්මත සම්ප‍්‍රදායික ගැහැනියකි. ඈ උඩරට  සම්භවයක් දරන පහතරට කුල වැද්දුම් සහිත ගැහැනියකි. ඇගේ විවාහ නොවූ සහෝදරයා මෝඩ, මදක් කපටි, අනාගතයක් නැති මිනිසෙකි. ඇගේ ඈතින් නෑයෙකු ලෙස කපිල අපිට මුණ ගස්වන්නේ හුන්නස්ගිරියේ කඳු මුදුනක හුදකලාව වෙසෙන අදිකාරම් හා ඔහුගේ සිහිවිකල් බිරිඳය. සිහි විකල් ඈ ලොයිඞ්ට බැණ වදින්නේ දෙදෙනාගේ කුල අසමානත්වය ජන්මාන්තර කෝන්තරයක් බවට ඉඟි කරමිනි. එ් දුබල සිහි විකල් වෙළඹ මෙහෙයවන්නේ අදිකාරම් නම් වූ ගොවිගම ප‍්‍රභූවරයා විසිනි.
කපිල සිය සමස්ත නිර්මාණ ජීවිතයේදීම වෙනස් සෞන්දර්යයක් මැවීමට සමත් වූ කලාකරුවෙකි. ඔහුගේ එක් ප‍්‍රබල අනන්‍යතා ලක්ෂණයක් වන්නේද එ් දක්ෂකමයි. එඞ්වඞ් නමැති ලොයිඞ්ගේ කුඩා කළ හිතවතාද ඔහුගේ අමුතු රස පහසක් විඳීමට තැත් කළ ක්ලේරා නෝනා මහත්මියද එංගලන්තයේදී ලොයිඞ්ට හමුවන නිනින් ඝෝෂ් හා සරෝජිනීද මේ සිය නිර්මාණයේ සෞන්දර්ය ගුණය පෝෂණය කරන පාත‍්‍රවර්ගයා වේ.
යෞවනියකගේ සිරිගත් යෞවනයකු වන එඞ්වඞ්, ලොයිඞ්ගේ කුඩා කළ හිතවතාය. තීක්ෂණ ගුණයන්ගෙන් ආඪ්‍ය ලොයිඞ් හා එඞ්වඞ් අතර කෙටි මිතුරුදම ඉතා මනරම් සෞන්දර්යයක් පාඨකයාට ගෙන ඒ. එ් චරිත දෙකෙහි කෙටි කාල පරාසයක වූ හැසිරීම නවකතාවේ වඩාත්ම ප‍්‍රබල මිනිස් හැසිරීමක් සේ හඳුනාගත හැකිය. ක්ලේරා, නෝනා මහත්මිය ද එ් කෙටි කෙටි කාල පරාසය නිර්මාණශීලීව ගොඩ ගැනීමට දායක වේ.
කපිලගේ කන්දේ වීදිය නවකතාවේ භාවිත ආඛ්‍යාන රටාව නූතන යයි කිව නොහැකිය. එය අමරසේකර, ජයතිලක වැන්නන්ගේම දිගුවකි. එහෙත් භාෂාව හා චරිත ගොඩ නැංවීමේදී කපිල කෙටිකතා, නාට්‍ය රචනා කිරීමෙන්  ලබා ඇති පුලූල් පරිචය එකී ආඛ්‍යාන රටාව වුව විචිත‍්‍ර  කරයි. කොරනේලිස් තුලින් සිය සම්ප‍්‍රදායික යටගියාවද, නූතනත්වයද, වැවිලිකාර වෙළෙන්දාද ඇතුළත් මිශි‍්‍රත චරිතය අපි හඳුනා ගනිමු. සිය සැමියා වඩා උසස් කුල සම්භවය ගැන හැඟීමක් දරමින්ම, පතිභක්තියෙන් අනූන සම්ප‍්‍රදායික ගැහැනියක සිසිලියානා තුලින් අපි දකිමු. වැහැරීයන රූපත්කම විලාසිතාවන්ගෙන් ඔප වට්ටන ක්ලේරා, අනුන් රැුක බලා ගන්නටම සිටින බහිරවයකු සේ පෙනෙන රාජා, ආදින් කන්දේ වීදිය තුලින් අපට හමුවේ.
කපිලගේ කන්දේ වීදිය නවකතාව කියවන විට සාහිත්‍ය කෘතියෙන්  ඔබ්බට ගිය තත්ත්වාකාර සජීවී මිනිස් හැසිරීමක් දෙවන පෙල වශයෙන් අපට හඳුනා ගත හැකිය. එය පරිපූර්ණ නාටකයකි. චරිත ලේ මස් සහිතව ගොඩ නැංවීමේදී , කපිල ශූර එමෙන්ම සිංහල නවකතාවේ මධ්‍ය යුගයට (60-70 දශකයන්ට* ළඟා වේ.
ශී‍්‍ර ලංකාවේ  සමාජ පංතීන්ගේ හා වර්ගයන් අතර චලනයන් හිදී මහනුවර වැදගත් තැනක් දරයි. සිංහලේ අවසන් රජුගේ රාජධානිය වූ මහනුවර උඩරට ගොවිගම  වංශවතුන්ගේ කේතුමතිය විය. බලපිටිය හලාගම කුලයටත්, අම්බලන්ගොඩ කරාව කුලයටත්,  මාතර දුරාව කුලයටත්, පූජනීය නගරයන් (නිජබිම* වන විට උඩරට ගොවිගම ඇත්තන්ට සිය පූජනීය නගරය (නිජබිම, ජෙරුසලම, මක්කම* වූයේ මහනුවරයි. තුප්පොට්ටිය පැළඳ මුල් ඇඳුම් වැනි අපහසු ඇඳුමක් ඇඳ බර අඩි තබමින් ඇවිද ගිය ඔවුනට නූතනත්වය අවබෝධ කර ගැනීමට අපහසු විය. සියම් නිකායික මූලස්ථාන දෙක ගොවිගම නොවන කුලයන්ගේ දරුවෝ සිය නිකායේ මහණකර උපසම්පදාව නොදුන්නේය. එවිට අනෙකුත් කුලයන් ඊට එරෙහිව ගියේය. එමෙන්ම  1833 කෝල්බෲක්  ප‍්‍රතිසංස්කරණ යෝජනාවලියේ සිට 1948 නිදහස දක්වා වූ කාලයේ ඇතිවූ සටන්වල කිසිදු සමාජ විමුක්තියක සේයාවක්වත් සටහන් නොවිණ. එය බි‍්‍රතාන්‍යයන් හා හරි හරියට ඉඳගන්නේ කෙලෙසද යන කාරණය උදෙසා සිය පුද්ගල ආත්මයන් එයට අවශ්‍ය දේවලින් පුරවා ගැනීම පිළිබඳ කතාන්තරයයි. එකල වමේ ව්‍යාපාරයේ විමුක්ති කි‍්‍රයාවලිය යටකී කි‍්‍රයාවලියේ ව්‍යාතිරේකයක් පමණකි.
උඩරැුටියෝ සිය අතීතය ඔස්සේ ගලා ආ හැඟීම්වලින් මෙහෙයවී මුහුදු බඩ කුලයන්ට අවමාන කළෝය. සියම් නිකාය මුහුදුබඩ අන්කුල පොදු මහජනතාවට රිසිසේ බුදුදහම තමන්ගේ කර ගැනීමට බාධා කළහ. මේ කාරණා දෙක ප‍්‍රධාන කොටගත් තවත් කාරණා මහනුවර බලය ගොවිගම උදවියගෙන් උදුරා ගැනීමට මුහුදු බඩ කුලයන්ගේ තීක්ෂණ නැණවතුන් උපක‍්‍රම සෙවූහ. එයට 1915 හා 1948 ආශි‍්‍රත  කැරලිවලින් උඩරට ප‍්‍රභූන් විසින්  අමනාප කරගත් බි‍්‍රතාන්‍යයන්ද ඉතා ශූර ලෙස උදව් කළේය. මෙය අති සාර්ථක විය.  අවසානයේ උපක‍්‍රමික ලෙස මහනුවර ජනසංයුතිය මුහුදු බඩ කුලයන්ට පක්ෂපාති ලෙස වෙනස් කරන්නට සමත් විය. දේශපාලන පක්ෂ උදෙසා කරන විග‍්‍රහයේදී එක්සත් ජාතික පක්ෂය සැලකෙන්නේ පහත රැුටියන්ගේ දේශපාලන පක්ෂය ලෙසය.   කුමන දේශපාලන බලපෑමක් තිබෙන තත්ත්වයක් යටතේ වුවද මහනුවර එක්සත් ජාතික පක්ෂයට දිනිය හැකිවීම මේ සත්‍යය කියාපායි.
මේ නයින් ලොයිඞ් සිල්වා වනාහි යටකී මහනුවර යටත්කර ගැන්මේ කාර්යයේ බි‍්‍රතාන්‍යයන්ට පසු අපට හමුවන්නාවූ ජෝන් ඩොයිලිය. ඔහු විමුක්තිකාමියකු දිළිඳු ජන සේවකයකු ලෙස සැලකිය යුතු  රඟපෑමක් කළේය. නමුත් ඔහුගේ ඇත්ත අරගලය තිබුණේ මීගස්තැන්න(ලා* සමගය. ඔහු යුද්ධයේ අතරමග මිය ඇදුන නමුත් ඒ අරගලය ජයග‍්‍රහණය කළේය.
කපිලගේ නවකතාවේ ඉඟියක්වත් නොසපයන අන්තය එයයි. කපිල සිය නවකතාව ඇරඹීමට ප‍්‍රථම මෙසේ ලියයි. ‘සත්‍ය සිදුවීම් හා චරිත සමග සැසඳිය හැකි තරමට මෙම ප‍්‍රබන්ධය, සමකාලීන පරිසරය හා සම්බන්ධ වන නමුදු එ් සියල්ල කතුවරයාගේ පරිකල්පන ලෝකයේම නිර්මාණයෝ වෙති.’
ලංකාවේ සමාජ ඉතිහාසය ලැදිව හදාරණ කිසිවකු මෙම නවකතාවේ කපිලගේ යටකී පැහැදිලි කිරීම පිළිගන්නවා ඇතැයි නොසිතමි. ඒ හැඳින්වීම මේ ඓතිහාසික නවකතාවේ ගැඹුරු අගයට අවමන් කරයි.  එක්කෝ තමාගේ නිර්මාණ කෘතියේ බලවත් කම වෙනුවෙන් පෙනී සිටීමට  කතුවරයාට ඇති ධෛර්යයේ හීනකම කියාපායි.
කන්දේ වීදිය යනු නවකතාවක්ද ඉන් ඔබ්බට ගොසින් යුගයක් පිළිබඳ විවර කරන සමාජ දේශපාලනික කවුලූවක්ද වේ. එහෙයින් එය ගැඹුරු සංවාදයකට ලක්විය යුතු නිර්මාණ වෑයමක්ද වේ.
චන්ද්‍රරත්න බණ්ඩාර